RATAK WASHAYEN LAJJAI OI.
පෝට් සිටි ව්‍යාපෘතිය හරහා එක රටක නීති දෙකක් බිහිවී ඇති බව යුක්තිය උදෙසා කාන්තාවෝ සංවිධානයේ නිරෝෂා අතුකෝරළ මහත්මිය පවසනවා.
ඒ අද (20) පැවති මාධ්‍යය හමුවක් අමතමින්
පෝට් සිටියට අයත් අක්කර 1115ක භූමි ප්‍රදේශය මෙරට කිසිඳු පළාත් සභාවකට හෝ පළාත් පාලන ආයතනයකට අයත් නොවන බවත්, එය පාලනය සිදු කරනු ලබන්නේ කොමිෂන් සභාවක් හරහා බැවින් එහි පාලනයට කිසිඳු ජනතා නියෝජනයක් සම්බන්ධ නොවන බවත් ඇය පෙන්වා දෙනවා.
එමෙන්ම, පාර්ලිමේන්තුවට වග කියන බදු පනත් 14කින් මෙම ප්‍රදේශය නිදහස් කර ඇති බවත් ඕනෑම මූල්‍යය තීරණයක් අදාල කොමිෂන් සභාවට ගැනීමට බලය පවරා ඇති බවත් ඇය පවසනවා.
එම ප්‍රදේශය තුල භාවිතා වන්නේ රුපියල් නොව විදේශ මුදල් බවත් කොමිසමේ සාමාජිකයන් ලෙස විදේශිකයන්ද පත් කිරීමට ඉඩ ලබා දී ඇති බවත් ඇය ප්‍රකාශ කර සිටිනවා.
“රාජපක්ෂලගෙ පෞද්ගලික බූදලයක් නෙවෙයි මේ රට කෑලි කඩලා විකුණන්න. මේක තිස් අවුරුදු යුද්ධෙට වඩා භයානකයි. සහරාන්ගෙ බෝම්බෙට වඩා භයානකයි. ජීවිත පූජ කරලා රැක ගත්තු රටේ අක්කර ගානක චීන ඊළමක් හදන්න යනවා. මේ රටේ සදාචාරයට, සංස්කෘතියට පටහැනිවයි මේක හදන්නේ. ගණිකා වෘත්තිය, සූදු පොළවල් දාලා සල්ලි හොයන්න හදන්නේ. ජනාධිපති දන්නේ නගරාලංකරණය කරන්න. නගරාධිපති කෙනෙක් කරන්න ඕන කෙනෙක් ජනාධිපති කරලා අද ඒ පව රටම ගෙවනවා” යැයි ඇය පවසයි.