දැන් ලොකුගේ වහල තිබ්බ එක ඇරපු එක වැරදියිනේ උබ කියන විදියට..මොකද වයිරස් එක ස්ප්‍රෙඩ් වෙන්වා.. එතකොට ඇරල තියෙන එක වහන් නැති එක හරිද? වයිරස් එක ස්ප්‍රෙඩ් වෙන් නැද්ද?
නෑ නේ ..අම්මලා තාතතලා ලමයි හැදුව කියල ,ලමයි වැරදි කරාම අම්මල තාත්තලාව හිරේ දාන්නේ නෑනේ..වැරද්ද කරන එකා වැරද්ද කරන වෙලාවට නේ අල්ලල හිරේ දාන්නේ..චන්දේ දීලා දේශපාලකයො හැදුව කියල උන්ට අයිතියක් නෑනේ රටකරම වැරදි කරන්න..
මම මේ උත්තරය දීලා නවතිනවා. ඔයාට මේ ගැන අවබෝධය අඩු බව පේන නිසා.
රටක් වහනවා කියන එක හරි ලේසි වැඩක් නෙවෙයි. විශේෂයෙන් ණය පිට ණය අරන් යැපෙන අපි වගේ රටකට. එදා වේල රෝල ගහන මිනිස්සු මහා විශාල ප්‍රමානෙකට ඒක හරිම අමාරුයි. ඒ නිසා කරන්න තියෙන දේ තමයි නිවැරදි සෞඛ්‍ය පුරුදු අනුගමනය කරලා හැසිරෙන්න කියල කියන එක.
ඒක තමයි හරි දේත්. මොකද මිනිස්සු මේ ලෙඩේ ගැන නොදැන හිටියේ නෑ නේ.
මිනිස්සුන්ට 1 වසරේ ඉඳල නොමිලේ උගන්නලා ඉස්කෝලේ යවන්නේ විනයක් හදන්න. ඒකත් නැතුව පොලිසි දාල රට වහන එක රජයක වගකීමක් නෙවෙයි. ඒ නිසා ඊට කලින් කරන දේ තමයි සෞඛ්‍ය සම්පන්නව හැසිරෙන්න කියන එක.
ඒ වගේම එක පාරට රටක් වහනවා කියන තැනට යන්නේ නැතුව ඒ පියවරට ගිහිල්ලා යන එක තමයි හොඳ. ඉතින් මිනිස්සු ට්‍රිප් ගියපු එකටයි පොර කකා රෙදි ගත්ත එකටයි ආණ්ඩුවට බැනල වැඩක් නෑ.
හැබැයි රුපවාහිනී එකෙන් නුවරඑලියට එන්න කියපු එක, ඒ වගේම ලොකුගේ පිළියන්දල ඇරපු එක කියන සිද්ධි දෙකට රජය වග කියන්න ඕන.
සෞඛ්‍ය ඇමති කෙනෙක් වුනාම කළගෙඩි අත අරින එකයි කෝවිල් ගානේ දුවන එකයි නෙවෙයි කරන්න ඕන. ඒවත් ලෝකේ හිනස්සන වැඩ.
(නමුත් රටේ මූලික අයිතිවාසිකම් අනුව තමන් කැමති විශ්වාසයක් දරන්න එයාට අයිතියක් තියෙනවා.
දෙයියෙක් ලෝකේ මැව්වා කියනවට වඩා මම හිතනවා කළ ගෙඩියක් ගඟට දාන එකෙන් වෙලා තියන හානිය අඩුයි කියලා)
මම දැක්කා අනුර කුමාර අදහස් පළ කරලා තියෙනවා මේ ගැන. ඒ දේවල් සමහර දේ හරි වෙන්න පුළුවන්. සමහර දේ විතරයි. මම මේ රජයේ ඉහළම පිරිස දන්නවා. ඒ සමහර අයට උවමනාව තිබ්බට නිලධාරීන්ට උවමනාව නැහැ. ඒ වගේම මේක කළමනාකරණය කරන්න හොඳ පිරිස් මේ ආයතන වල අඩුයි. හේතු කීපයක් නිසා. ඒක වෙන දෙයක්.
නමුත් කලින් අනුර කුමාරම කේවට්ටයා කියපු අනිල් ජාසින්හව දැන් එයා වර්ණනා කරනවා. ඒ නිසා ඒ දේවල් අදාළ කරගත යුතු නෑ.