GSP+ Gone (FAIL) 🙄🙄

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,650
    2,091
    113
    ශ්‍රී ලංකාවට ලබා දී ඇති GSP+ සහනය තාවකාලිකව අත්හිටවීම සඳහා යුරෝපා කොමිසමට දැනුම්දීමේ යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුව විසින් ඊයේ(10) සම්මත කරගෙන තිබෙනවා. ඊට හේතුව ලෙස පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනස් කිරීමට සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අසමත් වීමයි. මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක්ද විරුද්ධව ඡන්ද 15ක්ද ලැබී ඇති අතර මන්ත්‍රීවරුන් 40ක් ඡන්දය භාවිතා භාවිතා කිරීමෙන් වැලකී තියෙනවා.
    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සුළු ජාතීන් සහ විරුද්ධවාදීන් මර්දනය කිරීම, ආණ්ඩුව විටින් විට ප්‍රකාශ කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට අසමත් වීම, සමාජ ක්‍රියාකාරීන්, ලේඛකයන්, නීතිඥයන් වැනි අය රඳවා ගැනීමට මෙම පනත යොදා ගැනීම යුරෝපා පාර්ලිමේන්තුවේ දැඩි අවධානයට ලක් වූ බවයි පැවසෙන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර, නීතිඥ හිජාස් හිස්බුල්ලා, අහ්නෆ් ජාසිම් වැනි අයට චෝදනා ගොනු කර අධිකරණ ඉදිරිපත් කරන ලෙස හෝ චෝදනා නැත්නම් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසද යුරෝපා පාර්ලිමේන්තුව කියා සිටිනවා.
    GSP+ සහනයත් සමඟ ශ්‍රී ලංකාව විසින් යුරෝපයට සිදුකරන අපනයන යුරෝ බිලියන 2.3න් ඉහල ගොස් තිබුණා. යුරෝපය ශ්‍රී ලංකාවේ තෙවන විශාලතම අපනයන සහායකයා යි
    FB_IMG_1623443514967.jpg
    .
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,963
    86,172
    113
    ආශ්චර්යමත් රටක
    okkoma nathi wenwane anthimata me ratawtah ithuru weida

    අන්න උබට වැරදුන තැන.
    මේ මොනව නැති වෙන්න උනත් අද අපිට රටක් තියෙන්නෙ මහින්ද මහත්තය නිසා කියල අමතක කරන්න එපා.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අන්න උබට වැරදුන තැන.
    මේ මොනව නැති වෙන්න උනත් අද අපිට රටක් තියෙන්නෙ මහින්ද මහත්තය නිසා කියල අමතක කරන්න එපා.

    Dead :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: shenat

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,650
    2,091
    113
    යුරෝපා සංගමයේ වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP (Generalised Scheme of Preferences) යනු සංවර්ධනය වෙමින් පවතින රටවලින් යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයන වෙනුවෙන් අවම තීරුබදු මුදලක් ගෙවීම හෝ සම්පුර්ණ තීරුබදු රහිතව අපනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දීම යි. මේ මඟින් තෙවන ලෝකයේ රටවල දරිද්‍රතාවය අවම කිරීම, පාලන තත්ත්වය යහපත් කිරීම හා තිරසාර සංවර්ධනයක් ගොඩ නැංවීම වැනි දෑ යුරෝපා සංගමයේ බලාපොරොත්තු ලෙස හැඳින්විය හැකි යි.

    වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSPවලම දිගුවක් ලෙස ගුණාත්මක සංවර්ධනය හා යහපාලනය දිරිගැන්වීම සඳහා වන වෙළඳ වරණයන් පිළිබඳව පොදු ක්‍රමය එසේත් නැති නම් GSP+ (Generalised Scheme of Preferences Plus) නම් කළ හැකියි. GSP බදු සහනය හිමි රටවලට එයින් ලැබෙන ප්‍රතිලාභයන්ටත් වඩා පුළුල් වෙළඳපොල පිවිසුමක් GSP+ ඔස්සේ ලබා දීම යුරෝපා සංගමයේ අරමුණ වෙනවා. එහිදී බදු සහනය හිමිවෙන රටවල භාණ්ඩ 700කට වඩා වැඩි ප්‍රමාණයකට තීරුබදු රහිතව යුරෝපා සංගමයේ රටවල වෙළඳපොළට පිවිසීමේ හැකියාව ලැබෙනවා.

    GSP ප්ලස් බදු සහනය ලබා ගැනීමට නම්
    https://assets.roar.media/assets/FfJ2OyeGvKDmxVzm_cover.jpg
    GSP ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්තය සඳහා විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.(apparelresources)
    GSP ප්ලස් බදු සහනය ලබා දීම සඳහා යුරෝපා සංගමය විසින් රටවල් තෝරා ගැනීමේ දී ප්‍රධාන කොන්දේසි කිහිපයක් සලකා බලනවා. අදාල රට ලෝක බැංකු වරටවල් වර්ගීකරණය අනුව ඉහළ ආදායම් (high) ලබන රටක් ලෙස හෝ ඉහළ මධ්‍යම ආදායම් ලබන (upper-middle) රටක් ලෙස හෝ අනුක්‍රමික වසර තුනක් තුළ එකදිගට නම් නොකළ යුතු වෙනවා (ශ්‍රී ලංකාව 2019 වසරේ දී ඉහළ මැදි අදායම් රටක් ලෙස නම් කර තිබෙන්නේ පළමු වතාවට යි.)

    එමෙන්ම අදාළ රටෙන් යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයන ප්‍රමාණය නිෂ්පාදන කිහිපයකට පමණක් සීමා වීම හා සංගමයේ වෙත කෙරෙන අපනයන ප්‍රමාණය සීමිත විය යුතු ද වෙනවා. අනෙක් කරුණ වන්නේ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරසරික ආරක්ෂාව හා යහපාලනය පිළිබඳව ගිවිසුම් 27ක් බදු සහනය ලබන රට තුළ ක්‍රියාත්මක කළ යුතු වීම යි. අදාළ රට ඉන් පසුව යුරෝපා සංගමය විසින් කෙරෙන අධීක්ෂණයන්ට හා නියාමනයන්ට අවනත වීම අවසන් කොන්දේසිය ලෙස සඳහන් කළ හැකි යි.

    ශ්‍රී ලංකාවට GSP ප්ලස් බදු සහනය

    GSP ප්ලස් 2023 දක්වා දීර්ඝ කිරීම (googleusercontent)
    වසර ගණනාවක සිටම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ගමනාන්තය වන්නේ යුරෝපා සංගමය යි. 2019 වසරේ පවා තනි රටවල් අතින් ගත් කළ බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාවේ දෙවන අපනයනකරුවා ලෙස සඳහන් කළ හැකි යි. 2019 වසර සලකන විට ශ්‍රී ලංකාවේ අපනයනවලින් 30%ක් පමණ යවා තිබෙන්නේ යුරෝපා සංගමයේ රටවලට යි. ඊට අමතරව මෙරට නිෂ්පාදනය කෙරෙන ඇගලුම් ප්‍රමාණයෙන් 60%කට වැඩි ප්‍රතිශතයක් අපනයනය කෙරෙන්නේ ද යුරෝපා සංගමයේ රටවලට යි. ඒ සඳහා ප්‍රධානම හේතුව ලෙස සඳහන් කළ හැක්කේ 2005 වසරේ සිට යුරෝපා සංගමයෙන් මෙරටට හිමි වී තිබෙන GSP ප්ලස් බදු සහනය යි.

    ශ්‍රී ලංකාවට GSP ප්ලස් බදු සහනය මුලින්ම හිමි වන්නේ 2005 වසරේ ජූලි මස 15 වන දා යි. නමුත් 2010 වසරේ අගෝස්තු 15 වන දා ශ්‍රී ලංකාවට හිමිව තිබූ එම සහනය ඉවත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කරනවා. එයට හේතුව ලෙස යුරෝපා සංගමය සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව ගිවිසුම් තුනක් රට තුළ ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් දුර්වලතාවයන් පැන නැගීම යි. 2016 වසරේ ජූලි 12 වන දා ශ්‍රී ලංකාව නැවතත් GSP ප්ලස් සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමයට ඉල්ලීමක් ඉදිරිපත් කරනවා. එම ඉල්ලීමේ කරුණු සලකා බැලීමෙන් පසුව 2017 අප්‍රේල් මස 18 වන දා සිට GSP ප්ලස් නැවතත් ශ්‍රී ලංකාවට හිමි වෙනවා.

    ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයන
    ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමය වෙත කෙරෙන භාණ්ඩ අතරින් වැඩිම අගයක් ගන්නේ ඇගලුම් හා රෙදිපිළි යි. ප්ලාස්ටික් හා රබර් ඉන්පසුව කෙරෙන ඉහළ ම අපනයනය ලෙස සඳහන් වෙනවා. එළවලු නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, ආහාර ද්‍රව්‍ය, මුතු හා වටිනා ලෝහ, පිළිවෙලින් අපනයනය වැඩිම භාණ්ඩ වර්ග වෙනවා.

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනික රට ලෙස වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. යම් යම් වසරවල ඇමෙරිකා එක්සත් ජනපදයේ උද්ගත වන ආර්ථික අර්බුදයන් හමුවේ අපනයන වෙළඳපොල ශක්තිමත්ව පවත්වා ගැනීමට යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයනයන් සමත් වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    මේකේ බලපෑම ගැන වැඩි විස්තරයක් දන්න අය කියනවනම් ලොකු දෙයක්....

    lankawen danata okkoma wage exports karanne europe and USA walata
    GSP tax wadunama ape product prices wedi wenawa. ape competitors lage prices adu wenawa
    itin ape expoerts adu unama ape rate income eka adu wenawa
    antime itiri rate tikath wikunanna wenne :D
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,650
    2,091
    113
    lankawen danata okkoma wage exports karanne europe and USA walata
    GSP tax wadunama ape product prices wedi wenawa. ape competitors lage prices adu wenawa
    itin ape expoerts adu unama ape rate income eka adu wenawa
    antime itiri rate tikath wikunanna wenne :D
    Rata rakina ape viruva ratama asiave ascharya kala
     
    • Like
    Reactions: rukshanrukee

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    650
    643
    93
    දැන් මේ රදවගෙන ඉන්න අය ඇත්තටම නිර්දෝශී අයද? අනේ මන්ද ලංකාව ගැන තීරන ගන්නේ යුරෝපෙන්ද? 😳🥺
    ඔය රනිල්ගේ සහ ජෙප්පන්ගේ ngo නඩ වල කේල්ම් වල ප්‍රතිපල තමයි ඔය දැන් ලංකාවම භුක්ති
    විදින්නේ. 😤😤😤😤
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    අන්න උබට වැරදුන තැන.
    මේ මොනව නැති වෙන්න උනත් අද අපිට රටක් තියෙන්නෙ මහින්ද මහත්තය නිසා කියල අමතක කරන්න එපා.
    Dan eka ratak newei ratawal dekakma thiyanawa
     
    • Haha
    • Like
    Reactions: shenat and ComanMan

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,650
    2,091
    113
    දැන් මේ රදවගෙන ඉන්න අය ඇත්තටම නිර්දෝශී අයද? අනේ මන්ද ලංකාව ගැන තීරන ගන්නේ යුරෝපෙන්ද? 😳🥺
    ඔය රනිල්ගේ සහ ජෙප්පන්ගේ ngo නඩ වල කේල්ම් වල ප්‍රතිපල තමයි ඔය දැන් ලංකාවම භුක්ති
    විදින්නේ. 😤😤😤😤
    Ubalage rajapakshalage Gon Veda thama mevata kela venne pradhana hethuva
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,843
    3,225
    113
    Malabe
    යුරෝපා සංගමයේ වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSP (Generalised Scheme of Preferences) යනු සංවර්ධනය වෙමින් පවතින රටවලින් යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයන වෙනුවෙන් අවම තීරුබදු මුදලක් ගෙවීම හෝ සම්පුර්ණ තීරුබදු රහිතව අපනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්තාව ලබා දීම යි. මේ මඟින් තෙවන ලෝකයේ රටවල දරිද්‍රතාවය අවම කිරීම, පාලන තත්ත්වය යහපත් කිරීම හා තිරසාර සංවර්ධනයක් ගොඩ නැංවීම වැනි දෑ යුරෝපා සංගමයේ බලාපොරොත්තු ලෙස හැඳින්විය හැකි යි.

    වෙළඳ වරණයන් පිළිබඳ පොදු ක්‍රමය හෙවත් GSPවලම දිගුවක් ලෙස ගුණාත්මක සංවර්ධනය හා යහපාලනය දිරිගැන්වීම සඳහා වන වෙළඳ වරණයන් පිළිබඳව පොදු ක්‍රමය එසේත් නැති නම් GSP+ (Generalised Scheme of Preferences Plus) නම් කළ හැකියි. GSP බදු සහනය හිමි රටවලට එයින් ලැබෙන ප්‍රතිලාභයන්ටත් වඩා පුළුල් වෙළඳපොල පිවිසුමක් GSP+ ඔස්සේ ලබා දීම යුරෝපා සංගමයේ අරමුණ වෙනවා. එහිදී බදු සහනය හිමිවෙන රටවල භාණ්ඩ 700කට වඩා වැඩි ප්‍රමාණයකට තීරුබදු රහිතව යුරෝපා සංගමයේ රටවල වෙළඳපොළට පිවිසීමේ හැකියාව ලැබෙනවා.

    GSP ප්ලස් බදු සහනය ලබා ගැනීමට නම්
    https://assets.roar.media/assets/FfJ2OyeGvKDmxVzm_cover.jpg
    GSP ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවේ ඇගළුම් කර්මාන්තය සඳහා විශාල බලපෑමක් එල්ල කර තිබෙනවා.(apparelresources)
    GSP ප්ලස් බදු සහනය ලබා දීම සඳහා යුරෝපා සංගමය විසින් රටවල් තෝරා ගැනීමේ දී ප්‍රධාන කොන්දේසි කිහිපයක් සලකා බලනවා. අදාල රට ලෝක බැංකු වරටවල් වර්ගීකරණය අනුව ඉහළ ආදායම් (high) ලබන රටක් ලෙස හෝ ඉහළ මධ්‍යම ආදායම් ලබන (upper-middle) රටක් ලෙස හෝ අනුක්‍රමික වසර තුනක් තුළ එකදිගට නම් නොකළ යුතු වෙනවා (ශ්‍රී ලංකාව 2019 වසරේ දී ඉහළ මැදි අදායම් රටක් ලෙස නම් කර තිබෙන්නේ පළමු වතාවට යි.)

    එමෙන්ම අදාළ රටෙන් යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයන ප්‍රමාණය නිෂ්පාදන කිහිපයකට පමණක් සීමා වීම හා සංගමයේ වෙත කෙරෙන අපනයන ප්‍රමාණය සීමිත විය යුතු ද වෙනවා. අනෙක් කරුණ වන්නේ මානව හිමිකම්, කම්කරු අයිතිවාසිකම්, පාරසරික ආරක්ෂාව හා යහපාලනය පිළිබඳව ගිවිසුම් 27ක් බදු සහනය ලබන රට තුළ ක්‍රියාත්මක කළ යුතු වීම යි. අදාළ රට ඉන් පසුව යුරෝපා සංගමය විසින් කෙරෙන අධීක්ෂණයන්ට හා නියාමනයන්ට අවනත වීම අවසන් කොන්දේසිය ලෙස සඳහන් කළ හැකි යි.

    ශ්‍රී ලංකාවට GSP ප්ලස් බදු සහනය
    https://assets.roar.media/assets/FfJ2OyeGvKDmxVzm_cover.jpg
    GSP ප්ලස් 2023 දක්වා දීර්ඝ කිරීම (googleusercontent)
    වසර ගණනාවක සිටම ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන ගමනාන්තය වන්නේ යුරෝපා සංගමය යි. 2019 වසරේ පවා තනි රටවල් අතින් ගත් කළ බ්‍රිතාන්‍යය, ශ්‍රී ලංකාවේ දෙවන අපනයනකරුවා ලෙස සඳහන් කළ හැකි යි. 2019 වසර සලකන විට ශ්‍රී ලංකාවේ අපනයනවලින් 30%ක් පමණ යවා තිබෙන්නේ යුරෝපා සංගමයේ රටවලට යි. ඊට අමතරව මෙරට නිෂ්පාදනය කෙරෙන ඇගලුම් ප්‍රමාණයෙන් 60%කට වැඩි ප්‍රතිශතයක් අපනයනය කෙරෙන්නේ ද යුරෝපා සංගමයේ රටවලට යි. ඒ සඳහා ප්‍රධානම හේතුව ලෙස සඳහන් කළ හැක්කේ 2005 වසරේ සිට යුරෝපා සංගමයෙන් මෙරටට හිමි වී තිබෙන GSP ප්ලස් බදු සහනය යි.

    ශ්‍රී ලංකාවට GSP ප්ලස් බදු සහනය මුලින්ම හිමි වන්නේ 2005 වසරේ ජූලි මස 15 වන දා යි. නමුත් 2010 වසරේ අගෝස්තු 15 වන දා ශ්‍රී ලංකාවට හිමිව තිබූ එම සහනය ඉවත් කිරීමට යුරෝපා සංගමය කටයුතු කරනවා. එයට හේතුව ලෙස යුරෝපා සංගමය සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව ගිවිසුම් තුනක් රට තුළ ක්‍රියාත්මක කිරීමේ දී යම් යම් දුර්වලතාවයන් පැන නැගීම යි. 2016 වසරේ ජූලි 12 වන දා ශ්‍රී ලංකාව නැවතත් GSP ප්ලස් සහනය ලබා ගැනීම සඳහා යුරෝපා සංගමයට ඉල්ලීමක් ඉදිරිපත් කරනවා. එම ඉල්ලීමේ කරුණු සලකා බැලීමෙන් පසුව 2017 අප්‍රේල් මස 18 වන දා සිට GSP ප්ලස් නැවතත් ශ්‍රී ලංකාවට හිමි වෙනවා.

    ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයන
    ශ්‍රී ලංකාවෙන් යුරෝපා සංගමය වෙත කෙරෙන භාණ්ඩ අතරින් වැඩිම අගයක් ගන්නේ ඇගලුම් හා රෙදිපිළි යි. ප්ලාස්ටික් හා රබර් ඉන්පසුව කෙරෙන ඉහළ ම අපනයනය ලෙස සඳහන් වෙනවා. එළවලු නිෂ්පාදන, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ, ආහාර ද්‍රව්‍ය, මුතු හා වටිනා ලෝහ, පිළිවෙලින් අපනයනය වැඩිම භාණ්ඩ වර්ග වෙනවා.

    ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනික රට ලෙස වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි. යම් යම් වසරවල ඇමෙරිකා එක්සත් ජනපදයේ උද්ගත වන ආර්ථික අර්බුදයන් හමුවේ අපනයන වෙළඳපොල ශක්තිමත්ව පවත්වා ගැනීමට යුරෝපා සංගමය වෙත කෙරෙන අපනයනයන් සමත් වන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරනවා.

    'ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයනික රට ලෙස වසර ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය යි.'

    Aekata China, apen bambuvakvath ganne na, habai unge hama jaraavakma api gannava!
     
    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,650
    2,091
    113
    lankawen danata okkoma wage exports karanne europe and USA walata
    GSP tax wadunama ape product prices wedi wenawa. ape competitors lage prices adu wenawa
    itin ape expoerts adu unama ape rate income eka adu wenawa
    antime itiri rate tikath wikunanna wenne :D
    True fact ..
     
    • Like
    Reactions: Jack_Sparrow

    Sen-lu

    Well-known member
  • දැන් මේ රදවගෙන ඉන්න අය ඇත්තටම නිර්දෝශී අයද? අනේ මන්ද ලංකාව ගැන තීරන ගන්නේ යුරෝපෙන්ද? 😳🥺
    ඔය රනිල්ගේ සහ ජෙප්පන්ගේ ngo නඩ වල කේල්ම් වල ප්‍රතිපල තමයි ඔය දැන් ලංකාවම භුක්ති
    විදින්නේ. 😤😤😤😤
    තප්පුලන්න කලින් මානව හිමිකම් වාර්තාව කියවලා බලන්න. වැඩිපුරම තියෙන්නේ රටේ වල් වැදුන නීතිය හින්දා මිනිස්සුන්ට උන අසාධාරණකම් ගැන. ඔව් කොටින්ට වාසි වෙන දේවල් ඒක අස්සට රිංගවලා තියෙනව. සාමාන්‍ය නීතියවත් හරියට කරන්නෙ නැතුව ගියාම හිඩැස් වලින් එක එකාට රිංගන්න ඉඩ හැදෙනව. කවුද ඒකට වැරදි. කලිසමයි ජොකායි දෙකම ගලවලා අපි හෙළුවෙන් නෙවෙයි කියන්න බෑ අඩුම ජොකාවත් ඇදගෙන ඉන්න ඕන