ශ්‍රී ලංකාවට ලබා දී ඇති GSP+ සහනය තාවකාලිකව අත්හිටවීම සඳහා යුරෝපා කොමිසමට දැනුම්දීමේ යෝජනාවක් යුරෝපා පාර්ලිමේන්තුව විසින් ඊයේ(10) සම්මත කරගෙන තිබෙනවා. ඊට හේතුව ලෙස පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) වෙනස් කිරීමට සහ ශ්‍රී ලාංකීය ජනතාවගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට අසමත් වීමයි. මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 628 ක්ද විරුද්ධව ඡන්ද 15ක්ද ලැබී ඇති අතර මන්ත්‍රීවරුන් 40ක් ඡන්දය භාවිතා භාවිතා කිරීමෙන් වැලකී තියෙනවා.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මගින් සුළු ජාතීන් සහ විරුද්ධවාදීන් මර්දනය කිරීම, ආණ්ඩුව විටින් විට ප්‍රකාශ කර ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනස් කිරීමට අසමත් වීම, සමාජ ක්‍රියාකාරීන්, ලේඛකයන්, නීතිඥයන් වැනි අය රඳවා ගැනීමට මෙම පනත යොදා ගැනීම යුරෝපා පාර්ලිමේන්තුවේ දැඩි අවධානයට ලක් වූ බවයි පැවසෙන්නේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු CID අධ්‍යක්ෂ ශානි අබේසේකර, නීතිඥ හිජාස් හිස්බුල්ලා, අහ්නෆ් ජාසිම් වැනි අයට චෝදනා ගොනු කර අධිකරණ ඉදිරිපත් කරන ලෙස හෝ චෝදනා නැත්නම් කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසද යුරෝපා පාර්ලිමේන්තුව කියා සිටිනවා.
GSP+ සහනයත් සමඟ ශ්‍රී ලංකාව විසින් යුරෝපයට සිදුකරන අපනයන යුරෝ බිලියන 2.3න් ඉහල ගොස් තිබුණා. යුරෝපය ශ්‍රී ලංකාවේ තෙවන විශාලතම අපනයන සහායකයා යි
.