Force කරන්න නම් බැහැ. Copper line ඇදල තියෙනව නම් ලයින් පරණයි පරණයි නොකියා උන් ඒවා maintain කරන්න ඕන.
ඔය එන ගොඩක් field technicians ලා Copper ලයින් පරණයි අවුරුදු ගානකට කලින් ඇදපුවා.. දැන් conditions අවුල්.. දැන් speed දෙන්න බැහැ කියල ලිස්සලා යනවා . මොකද අපේ ගෙදරට ආපු එකා එහෙම කිවුවා. යකෝ copper ලයින් පරණයි නම් ඒවයේ conditions අවුල් නම් අලුතෙන් ඇදලා දාපියව්

උන් කියන්නේ fiber තමයි දැන් හොද .. ඒවා දාගන්න කියල කෝල් එකක් අරන් කනේ තියාගෙන එහෙම්ම ලිස්සල යනව
මම නම් ඇත්තටම fiber වලට මාරු උනේ මේ වහින වෙලාවට ගලව ගලව ඉන්න තියෙන කරදරේට. දැනට රවුටර් 3ක් ගියා අකුණු කේස් වලට
මගේ නම් අදහස, එයාලගේ access lines ටික copper වලින් අයින් වෙලා fiber වලට මාරු වෙනව කියල කියනවා නම් දැනට existing ඉන්න copper customer ලට ඒක free upgrade එකක් විදියට දෙන්න ඕන. මොකද ඒ මිනිස්සුන්ට ඕන වෙලා නෙවේනේ infrastructure මාරු කරන්නේ.. උන්ට ඕන නිසානේ.. නමුත් (මට හිතෙන හැටියට) උන් කරන්නේ කෝල් කර කර මිනිස්සුන්ට ඒක අනිවාර්ය දෙයක් කියල පෙන්වලා කැමැත්ත ගන්නවා cost එක cover කරගන්න.. සමහර විට මම හිතන හැටි වැරදි වෙන්න පුලුවන්. එහෙමනම් සොරි
