Legend ❤️

ComanMan

Well-known member
  • Feb 24, 2021
    1,650
    2,090
    113
    ඒ අතිශය සුන්දර මිනිසාගේ උපන් දිනය වෙනුවෙන් කුමුදු එස් කේ ජයවීරගේ කාව්‍යමය සටහනක්
    ======
    1928 අදවන් දිනයක ඉපදී අදටත් එළිය දෙන තරුවක් වෙනුවෙන්

    නැගුනි ගින්දර ගතට වැඩියෙන් දුක් විඳින සිතුවිලි දවා
    නතුවෙමින් සැලුනා එයට ඉර හඳ ද තරු ගස්වැල් පවා
    තනිව වැළපෙන තැලෙන පංතිය එකතුකර සවිබල පොවා
    ඔබමැ මිස ලොව තැනුවෙ කවුරුද දහදියට අගයක් මවා

    සේද විල්ලුද නොවේ විස පිරි කටු කොහොල් බාධක මැදින්
    ගියේ නොබියව තමන් වෙනුවෙන් නොවේ පොදු යහපත සොයන්
    උපන් නූපන් පරපුරක් ගැන රිදුම්දෙන සිතුවිලි දරන්
    වීදියට ආ එකෙකු රජවරු අතර උන්නාදැයි කියන්

    සියලු දේ මිලකරන ලොවතුළ කාසියේ සෙවණට නොයා
    රුදුරු වෙඩිසරවලට ළය පා බය නැතිව පෙරටම ගියා
    මම නොවේ අපි කියන ලෝකය සැබෑ කළයුතුබව කියා
    ගියේ ඔබ ගැන සදාකාලික සටහනක් සිත තුළ ලියා

    කාලෙකට පෙර මිනිස්කම උඩුහුළං පහරට ඉඟිළුනා
    බලය ඇස් දෙක බැඳන් හිතුවක්කාර විදියට පේවුණා
    තැලෙන උන් තව තව තලන්නට සියලු සාධක සැකසුනා
    අදත් ලෝකෙට ඔබ වගේවුන් දහස් ගණනක් උවමනා

    ======කුමුදු එස්.කේ. ජයවීර============

    #IDEALTALKS Ideal Talks
    FB_IMG_1623877807089.jpg
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,817
    13,860
    113
    අද කලේ මාද ඔබද ඇතුළු සියලු මිනිස්සු ආත්මාර්ථකාමී,තමන් ගැන විතරක් හිතන්න පුරුදු වෙලා.
    අනිත් මිනිස්සු වෙනුවෙන් අවංකව තම ජීවිතය කාලය කැප කරන්න හැමෝටම බැ.
    බිලියන ගානක් ඉපදිලා මරුන මේ පොලවේ ඔය මිනිස්සු පහල වෙන්නේ හරිම අඩුවෙන්... ❤️
     

    ComanMan

    Well-known member
  • Feb 24, 2021
    1,650
    2,090
    113
    Issara minissunva control karaneka harima amarui egollan Looe Vena asarthaka thathvata Saha minis venaskama venuven Satan karanna atangaththa... Ita passe minissunva ape control eke thiyaganna hithuva America UK vage ratavala ,, ekata egollan ape feeling ekka sellan karanna atangaththa ...athata dhunna smart phone ekak... Rest is history 🥲
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,522
    1,802
    113
    ලංකාවෙ අඩා...!
    Marxwadaya Danawadaye anith paththa....Eka paalana kramayak witharai......Eka Agamak(Religion) ekak unama thama eke mattama ikamawa mongal part ekak wenne..........Man ahala thiyana hodama maxwadee kathawa thama....aurudu 20 di maxwadaya badagaththa eka aurudu 40he wath eka athaariye naththan henama moodayek kiyala.....
    Marx wadaya natural na......
    Che ithin dial ekak...Eya hari kiyala hithapu de wenuwen jeewithe paraduwata thiyala kapa kireem karapu kenek....
    Habai hari kiyala hithapu de natural na....
    Mata therena widihata Maxwadaya kiyanne Religion ekak bawata path wela....Eka Muslim wage anthawadee religion ekak....


    mama danna de..mata hithena de.....:)