ඒ අතිශය සුන්දර මිනිසාගේ උපන් දිනය වෙනුවෙන් කුමුදු එස් කේ ජයවීරගේ කාව්‍යමය සටහනක්
======
1928 අදවන් දිනයක ඉපදී අදටත් එළිය දෙන තරුවක් වෙනුවෙන්
නැගුනි ගින්දර ගතට වැඩියෙන් දුක් විඳින සිතුවිලි දවා
නතුවෙමින් සැලුනා එයට ඉර හඳ ද තරු ගස්වැල් පවා
තනිව වැළපෙන තැලෙන පංතිය එකතුකර සවිබල පොවා
ඔබමැ මිස ලොව තැනුවෙ කවුරුද දහදියට අගයක් මවා
සේද විල්ලුද නොවේ විස පිරි කටු කොහොල් බාධක මැදින්
ගියේ නොබියව තමන් වෙනුවෙන් නොවේ පොදු යහපත සොයන්
උපන් නූපන් පරපුරක් ගැන රිදුම්දෙන සිතුවිලි දරන්
වීදියට ආ එකෙකු රජවරු අතර උන්නාදැයි කියන්
සියලු දේ මිලකරන ලොවතුළ කාසියේ සෙවණට නොයා
රුදුරු වෙඩිසරවලට ළය පා බය නැතිව පෙරටම ගියා
මම නොවේ අපි කියන ලෝකය සැබෑ කළයුතුබව කියා
ගියේ ඔබ ගැන සදාකාලික සටහනක් සිත තුළ ලියා
කාලෙකට පෙර මිනිස්කම උඩුහුළං පහරට ඉඟිළුනා
බලය ඇස් දෙක බැඳන් හිතුවක්කාර විදියට පේවුණා
තැලෙන උන් තව තව තලන්නට සියලු සාධක සැකසුනා
අදත් ලෝකෙට ඔබ වගේවුන් දහස් ගණනක් උවමනා
======කුමුදු එස්.කේ. ජයවීර============
#IDEALTALKS Ideal Talks