මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවෙකු මෙන්ම භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මැතිතුමාව ඝාතනය කල කුඩු දුමින්ද සිල්වා අද ජනාධිපති සමාව යටතේ නිදහස් වී ඇත. මෙය භයානක තත්වයකි. කුඩු දුමින්ද වැනි මහා පරිමාණ අපරාධකරුවෙකු නිදහස් කිරීම ශ්‍රී ලංකාවේ නීතියට ගෝඨාභය රාජපක්ෂ විසින් සිදු කරනු ලැබූ බලවත් නින්දාවකි. කෙසේ වෙතත් අවශ්‍ය නම් කුඩු දුමින්දව ජනාධිපති සමාව අහෝසි කර ආපහු ඇතුලට යැවීමටද ක්‍රමයක් ඇත. ඇතැම් විට මෙම ක්‍රමය පිලිබඳව හිරුණිකා මැතිණිය මේ වන විටත් සිතනවා විය යුතුය. එම ක්‍රමය සැකෙවින් අපි මෙසේ සඳහන් කරමු. 2025 දී ආණ්ඩු මාරුවෙන් පසුව මේ සඳහා අප මැදිහත් වී කටයුතු කරන බවද සඳහන් කිරීමට කැමැත්තෙමු.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට පෙර ඇමරිකානු පුරවැසිභාවය ලබා සිටි අයෙකි. ශ්‍රී ලංකාවේ නීතියට අනුව වෙනත් රටක පුරවැසිභාවය ලබා සිටින පුද්ගලයෙකුට ශ්‍රී ලංකාවේ ජනාධිපතිධූර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේ හැකියාවක් නැත. ගෝඨාභය රාජපක්ෂ විසින් සිය ඇමරිකාණු පුරවැසිභාවය නිසි පරිදි ඉවත් කර නොගත් අතර ඒ පිලිබඳව නාගානන්ද කොඩිතුවක්කු මහතා විශේෂ හෙලිදරව්වක් කරමින් ප්‍රකාශයක්ද නිකුත් කලා. නාගානන්ද මහතා ඉදිරිපත් කරන තොරතුරු වලට අනුව මහින්ද දේශප්‍රේය විසින් ගෝඨාභය රාජපක්ෂ සමඟ අත යටි ගණුදෙණුවක් සිදු කොට පුරවැසිභාවය සම්බන්ධ ගැටලුව විසඳා දී ඇත. එය සත්‍යයක් නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමේදී සහ ජනාධිපති ධූරයේ දිවුරුම් දීමේදී ඔහු ඇමරිකානු පුරවැසියෙක්ව සිට ඇත.
ඒ බව තමන්ට ඔප්පු කිරීමට හැකි බවද නාගානන්ද මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව බැලු කල 2025 දී බලයට පත්වන නව ආණ්ඩුව විසින් කල යුත්තේ ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය සම්බන්ධ කටයුත්ත අධිකරණයට ඉදිරිපත් කිරීමයි. අවශ්‍ය නම් එයට නාගානන්ද කොඩිතුවක්කු මහතාට හෝ වෙනත් අයෙකුට කල හැක. එසේ එම කටයුත්ත අධිකරණයට ඉදිරිපත් කොට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන විට ඔහු ඇමරිකාණු පුරවැසියෙකුව සිටි බව ඔප්පු කල හොත් ගෝඨාභය විසින් ජනාධිපති ධූරයේ සිට කරන ලද සියලු නෛතික ක්‍රියාකාරකම් බල ශූන්‍ය කරන ලෙසට ඉල්ලමින් අධිකරණයට තවත් නඩුවක් ගොනු කල හැක. ඉන්පසුව සිදු වන්නේ ගෝඨාභය විසින් ජනාධිපති ධූරයේ සිට කටයුතු කරන ලද සියලු ක්‍රියාකාරකම් නීතිය ඉදිරියේ බලශූන්‍ය වීමයි. එයට කුඩු දුමින්ද සිල්වාට දුන් ජනාධිපති සමාවද ඇතුලත් වන නිසා එම සමාවේ බලයද ශුන්‍ය වන බැවින් එවිට දුමින්ද සිල්වාව නැවත සිරගත කිරීමට හැකි වනු ඇත.
ගෝඨාභයගේ පුරවැසිභාවය සම්බන්ධව නාගානන්ද මහතා විසින් කරනු ලැබූ හෙලිදරව්ව පහතින්