👁⚕️😷 දුර්ලභ රෝගයක් නිසා අමෙරිකාව සීරුවෙන් : පළමු ආසාදිතයාගේ සමීප ආශ්‍රීතයින් 200ක් ගැන විමර්ෂණ ⚕️😷👁

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,106
    153,385
    113
    young-man-shows-his-hands--rash-of-monkeypox-CDC.jpg


    _98237352_gettyimages-2068022.jpg


    mpx-localized-ncdc-training-manual.tmb-1200v.png


    ඉතා දුර්ලභ රෝගී තත්ත්වයකට ගොදුරු වූ පුද්ගලයෙකු වාර්තා වීමත් සමග අමෙරිකාවේ ප්‍රාන්ත 27ක ජිවත් වන පුද්ගලයින් 200 දෙනෙකු සම්බන්ධයෙන් වෛද්‍ය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
    Monkeypox නමින් හඳුන්වනු ලබන මෙම රෝගී තත්ත්වයට ගොදුරු වූ පුද්ගලයෙකු අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයෙන් පසුගියදා සොයා ගනු ලැබුවා.
    මෙම පුද්ගලයා ජූලි 09 වෙනිදා නයිජීරියාවේ, ලාගොස් හි සිට අමෙරිකාවේ ජෝර්ජියා ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති අතර ඔහුට Monkeypox රෝගය ආසාදනය වී ඇති බවට සොයා ගැනුණා.
    පුද්ගලයා සමග ගුවන් යානයෙන් පැමිණි පුද්ගලයින් 200 දෙනෙකු ඔහුගේ සමීප ආශ්‍රිතයින් ලෙස සලකා ඔවුන්ව වෛද්‍ය නිරීක්ෂණය යටතේ තැබීමට අමෙරිකානු සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
    අමෙරිකාවෙන් පළමු වරට Monkeypox රෝගය ආසාදනය වූ පුද්ගලයෙකු 2003 වර්ෂයේදී හඳුනා ගැනුණු අතර මේ වන විට ඔහු රෝහල් ගතව ස්ථාවර තත්ත්වයෙන් පසුවනවා.
    කෙසේ වුවත් මෑතක් වන තෙක් Monkeypox රෝගය ආසාදනය වූ කිසිදු පුද්ගලයෙකු එරටින් වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.
    ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන ආකාරයට පළමු වරට Monkeypox රෝගය 1970 වර්ෂයේදී කොංගෝ රාජ්‍යයෙන් වාර්තා වී තිබෙනවා. මෙම වෛරසය මීයන් ගෙන් සහ වඳුරන් ගෙන් මිනිසුන්ට පළමුව ව්‍යාප්ත වන්නට ඇති බවයි සැක කෙරෙන්නේ.
    පසුව මෙම රෝගය අප්‍රිකානු මහද්වීපයේ රටවල් 11 කින් වාර්තා වී ඇති අතර අමෙරිකාව, ඊශ්‍රායාලය, බ්‍රිතාන්‍යය සහ සිංගප්පුරුව වැනි රටවලින් අවස්ථා කිහිපයකදී වාර්තා වී තිබෙනවා.
    මෙම රෝගී තත්ත්වයට ගොදුරු වන පුද්ගලයින්ට රෝග ලක්ෂණ ලෙස ශරීරයේ අසාමාන්‍ය ලෙස වසා ගැටිති ඉදිමීම්, උණ සහ කැසීම් ඇති වන අතර මෙය මිනිසාගෙන් මිනිසාට ව්‍යාප්ත වීමේ සම්භාවිතාවක් පවතින රෝගයක් ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය හඳුන්වනු ලබන්නේ.



    Source: nethnews.lk



    වැඩිදුර තොරතුරු :


    More than 200 people in U.S. being monitored for possible monkeypox exposure, CDC says




    COMP-MONKEYPOX-HR.jpg










     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,359
    21,498
    113
    අමෙරිකාවෙන් පළමු වරට Monkeypox රෝගය ආසාදනය වූ පුද්ගලයෙකු 2003 වර්ෂයේදී හඳුනා ගැනුණු අතර මේ වන විට ඔහු රෝහල් ගතව ස්ථාවර තත්ත්වයෙන් පසුවනවා.

    මේ කියන්නෙ 2003 අහු උන එකා තවම හොස්පිටල් කියලද බන්? මේක නෙත් නිව්ස් එකේ තිබුනු කොටසක් 🤔🤔🤔
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,428
    30,284
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලැට් කටා
    🤣🤣
    මදැයි හොරු අල්ලන්න බැල්ලි වගේ පස්සෙන් ආවා®

    දැන් ඉතිං කමෙන් ටික තාත්තට පෙන්නලා කියපං මම තමයි අම්මට හොඳටම කෙරෙව්වේ කියලා🤣🤣🤣
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,954
    8
    35,733
    113
    From Monkey B to Monkey Pox now...:( Both these are rare and different viruses. MonkeyB is a Herpes B virus whereas Monkey Pox is related to variola virus, the cause of smallpox.
    Monkey B is more severe and both of these could sometimes be deadly.
     
    • Like
    Reactions: Stimulus mind