චිකුන්ගුන්යා - වැඩිම රෝගීන් වාර්තා වීම බස්නාහිරෙන්..හැදුනොත් මාස ගාණක්ම අැඳේ...🔴🚨🚨🚨

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    17,697
    34,782
    113
    chikungunya_symptoms_1.jpg


    චිකුන්ගුන්යා'' රෝගය පැතිරයාමේ අවදානමක් පවතින බැවින් රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම්දෙයි.

    වෛද්‍යවරු පවසන්නේ, මේ දිනවල මදුරු ගහණයේ වැඩිවීමක් පවතින හෙයින් මදුරුවන් බෝවන ස්ථාන හැකි පමණින් විනාශ කිරීමෙන් ''චිකුන්ගුන්යා'' රෝග ව්‍යාප්තිය පාලනය කරගත හැකි බවය.

    ලොව රටවල් 115ක පමණ ව්‍යාප්ත වී ඇති ''චිකුන්ගුන්යා'' රෝගය මේ වනවිට ශ්‍රී ලංකාව තුළද පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

    මේ වනවිට මෙරටින් 'චිකුන්ගුන්යා' රෝගීන් 190ක් වාර්තා වී ඇති අතර ඉන් 65ක් 'චිකුන්ගුන්යා' රෝගීන් බවට සායනිකව තහවුරු වී තිබේ.

    වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

    මේ අතර ඩෙංගු යළි හිස ඔසවමින් පවතින පසුබිමක අද වන විට රත්නපුර ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 37 දෙනෙකු ඇතුළුව රෝගීන් 87 දෙනෙකු ඩෙංගු රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලබමින් සිටියි.

    ඒ අනුව රෝහල් පරිශ්‍රය සහ ඒ අවට ප්‍රදේශය කඩිනමින් පවිත්‍ර කිරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරේ.

    මේ අතර විදෙස් රටක සිට මෙරටට පැමිණි හොරණ ඇල්ලකන්ද ප්‍රදේශයේ පුද්ගලයෙකුට මැලේරියා රෝගිය වැළඳී ඇති බවට හොරණ දිස්ත්‍රික් රෝහලේ දී තහවුරු වී තිබේ.

    පරීක්ෂණ සිදුකරන කළුතර මැලේරියා රෝග මර්දන ඒකකයේ සෞඛ්‍ය කීට විද්‍යා අංශය පැවසුවේ ඔහු පදිංචි ප්‍රදේශයේ මැලේරියා ප්‍රධාන වාහක මදුරුවන් හමුවී නැතැත් ද්වීතික වාහක මදුරුවන් හමුවී ඇති බවය.

    ඒ අනුව සෞඛ්‍ය කීට විද්‍යා අංශය විසින් ප්‍රදේශය අවට ජනතාව දැනුවත් කිරීම හා ඔවුන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රතිරෝධක මදුරුදැල් ලබාදීම සිදුකරණු ලැබීය.

    මැලේරියා රෝගය තුරන් කළ රටක් ලෙස 2016 වසරේදී ශ්‍රී ලංකාව නම් කළද මේ වසරේ මේ දක්වා කාලය තුළ මැලේරියා රෝගීන් 14 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය පවසයි.

    ඔවුන් සියලුදෙනා විදෙස් රටවල සංචාරය කර මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.


    චිකුන්ගුන්යා යනු වෛරස් ආසාදනයකින් ඇතිවන රෝගයකි. චිකන්ගුන්යා වෛරසය ආබොවයිරසයකි. ඇල්ෆාවයිරස් යන ගණයට අයත්වේ. ඊඩිස් නම් මදුරු විශේෂය මගින් මිනිසා වෙත මෙම වෛරසය මිනිසාට සම්ප්‍රේෂණය වේ. මෑතක සිට චිකන්ගුන්යා රෝගය නිසා හදිසි ව්‍යවසනයක් ඇතිවී ඇති අතර මෙ මගින් මරණ සංඛ්‍යාවද ඉහළ ගොස් ඇත. මෙහිදී ඩෙංගු උණට සමාන රෝග ලක්ෂණ ඇතිවේ. මෙහිදී හන්දිපත්වල දීර්ඝ කාලයක් කල්පවත්නා ලෙස වේදනාවක් හටගනී. රෝගයේ මුල් අවස්ථාවලදී හටගන්නා උණ දින දෙකේ සිට පහ දක්වා කල්පවතී. නමුත් උණත් සමග ඇතිවෙන හන්දිපත් වේදනාව සති ගණනක් හෝ මාස ගණනක් පැවතිය හැකිය.

    රෝග කාරකයන් ශරීරයට ඇතුළු වු අවස්ථාවේ සිට රෝග ලක්ෂණ ඇතිවීම සඳහා ගතවන කාලය (බිජෞෂණ සමය) දින දෙකක් හෝ හතරක් වේ. සෙල්සියස් අංශක 39 දක්වා වුවද ඇතිවිය හැකි උණ (පැරන්හයිට් අංශක 102.2) සිරුරේ කඳ කොටසෙහි හෝ ඇතැම් විට අත්පා වල ඇතිවන ලේ පැහැති පැල්ලම්, හන්දි කිහිපයක ඇතිවන හන්දිරුදාව හෝ හන්දියක් ආසාදනය වීම මෙහි රෝග ලක්ෂණ වේ. හිසරදය, ඇස්වල ඇතිවන රතුපැහැති බව සහ ආලෝකය දෙස බැලීමෙදී ඇස්වල ඇතිවන වේදනාව අනෙකුත් සුළු රෝග ලක්ෂණවේ. සාමාන්‍යයෙන් උණ දින දෙකක් පමණ කල්පවත්නා අතර ඉන්පසුව ක්ෂණිකවම සුව අතට පත්වේ. නමුත් හන්දිපත් කැක්කුම, තදබල හිසරදය, නින්ද නොයාම සහ සිරුරේ ඇතිවන අනිකුත් අපහසුතාවයන් දින පහක් හෝ හතක් වැනි කාලයක් පවතී. රෝගියාගේ වයස අනුව ඔහුගේ හෝ ඇයට හන්දිපත් රුදාව ඇතිවන කාල සීමාව විවිධ වේ.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    6,554
    6,828
    113
    අපිට ලපයා වාහන ගන්න සිහිනය බොඳකරපු එකත් චිකන්ගුන්යා වගේ තමයි..🥴
    බයිසිකලයක්වත් ගන්න හිටපු උන් නෙවේ ඔහොම අඩන්නෙ දැන්...පන්දහෙ කෑලි වලට