බදියුදීන් බිරිද මෙහෙකාර දැරියන්ගේ මුහුණ වැසිකිලියේ ඔබලා… නිවසේ තවත් අබිරහස් මරණ දෙකක්..
July 29, 2021 at 10:00 am | lanka C news
බදියුදීන් ඇමැතිතුමාගේ ගෙදර ටොයිලට් හරියට හේදුවේ නැති වුණාම නෝනා අපේ මූණ කොමඞ් එකේ ඔබලා ඒ ජරා වතුරෙන් නාවනවා. ඉඳුල් පිඟන් හරියට හේදුවෙ නැහැ කියලා පිඟන් වලින් ගහලා ඉඳුල් වතුර මූණට හලනවා යැයි හිටපු ඇමැතිවරයාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී කෲර වධ හිංසාවන්ට ලක්වූ තවත් දැරියක් පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ හැඬූ කඳුළින් පිළිතුරු ලබා දී ඇත.
හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි තවත් දැරියන් සහ තරුණියන් එකොළොස් දෙනකු අතරින් එක් දැරියක මෙම කෲර වධ හිංසා පිළිබඳව පොලිසිය වෙත මේ ආකාරයට හෙළිදරව්වක් කර තිබේ.
රිෂාඞ් බදියුදීන්ගේ බිරිඳ මෙන්ම පවුලේ සාමාජිකයන් ද මෙම මෙහෙකාර සේවයට පැමිණ සිටි දැරියන්ට සහ තරුණියන්ට මේ ආකාරයට කෲර වධ හිංසා පමුණුවා අමානුෂික පහරදීම් සිදුකර ඇති බව විමර්ශනවලින් මේ වනවිට හෙළි වී ඇත. ඇතැම් අවස්ථාවලදී නිවසේ තිබූ කොසු කැඩෙන තුරු පහරදීම් සිදුකර ඇති බවද හෙළිව තිබේ.
මේ අතර පිළිස්සී මියගිය දැරිය නවාතැන්ගෙන සිටි කාමරයේ තිබී සැකකටයුතු භාණ්ඩ කීපයක් ද පොලිසිය මේ වනවිට සොයාගෙන තිබේ.
පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙහෙකාර සේවයට පැමිණ සිටි තරුණියන්ගෙන් දෙදෙනකු මීට ඉහතදී අභිරහස් අන්දමින් මියගොස් තිබිණි. මින් එක් තරුණියක් බම්බලපිටියේදී දුම්රියට පැන සිය දිවි හානි කරගත් අතර අනෙක් තරුණිය හදිසියේම රෝගාබාධයන්ට ලක්වීමෙන් මියගොස් ඇති බව හෙළිවී තිබේ.
මෙම මරණ දෙක සම්බන්ධයෙන් ද පොලිසිය පුළුල් විමර්ශනයක් පවත්වාගෙන යයි.
මේ අතර රිෂාඞ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයට යොදවා ගත් තරුණියන් සහ දැරියන් සියලූ දෙනාගෙන් ප‍්‍රකාශ ලබා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇත.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් පොලිස් කණ්ඩායම් 5 ක් විසින් මෙම පරීක්‍ෂණ පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු
– divaina
This kind of behaviour cannot be let go unpunished.