A picture of Ramani Bartholomeusz during her younger days.

redhat

Well-known member
  • Aug 2, 2008
    3,119
    2,516
    113
    Redhat lab - Aukland
    219240389_10220200206178929_7455405160722427648_n.jpg
    212534412_10220200206378934_887786392781083742_n.jpg
    https://scontent.fcmb3-1.fna.fbcdn....=9bf96e5842c1f055cec4f43f285b19be&oe=6106C224
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    කමල් අද්දරාරච්චි යාලුවෙලා හිටපු කෙනා නේද බදින්න ඉදලා තියෙන්නේ රන්ඩුවක් ගිහින් කමල් කාර් එකේ යන්න හදනකොට මොකක් හරි අන්තුරක් උනා එහෙම තමා මැරිලා තියෙන්නේ .........
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    කමල් කියන්නේ ඒ කාලේ බඩු කාපර් කෙනෙක්. මේ කෙල්ල සිරා ලව් කරන්න ඈති. දෙන්නා අතර මොකක් හරි වලියක් ගිහින් කමල් කාර් එකේ පිටත් වෙන්න හදනකොට මේ ගෑණී එල්ලිලා වෑටිලා මලා කියල තමා කියන්නේ
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,534
    5,429
    113
    හිතලා මරලා නෙමේ නේ මේකේ ත්‍රෙඩ් එකක් දාල තිබ්බා ඔය ගැන
    Ehema thamai kamal kiyanne, habai car eke happila thsmai marune
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ehema thamai kamal kiyanne, habai car eke happila thsmai marune
    රමණී එලිසබෙත් බර්තොලමියුස් ඉපදුණේ 1966 සැප්තැම්බර් 1 දා ගම්පහ දී යි. ඇයගේ මව කමලා බර්තොලමියුස්. පියා එවකට ප්‍රකට වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂවරයෙන් මෙන්ම ගුවන්විදුලියේ ඉංග්‍රීසි සේවයේ නිවේදකයෙක් වූ ලෙස්ලි මාක් බර්තොලමියුස්. ඔවුන් ජීවත්වූයේ ගම්පහට කි. මී. 2ක් නුදුරින් අස්ගිරියේ පිහිටි නිවසේ. රමණී පවුලේ වැඩිමල් දරුවා වුණා. ඇය පාසල් ගියේ ගම්පහ සිරිකුරුස විද්‍යාලයට යි. පාසල් සමයේ සිටම රංගන දක්ෂතා පළකළ ඇය නර්තනයටත් දස්කම් දැක්වූවා.

    ඇගේ මව සරසවිය පුවත්පතට (2018-මාර්තු 29) මෙසේ සඳහන් කර තිබුණා.

    “රමණිට වයස අවුරුදු 10ක් වගේ කාලයේ අපිට සැම්බියාවට යන්න සිදුවුණා. එහෙ ජනාධිපතිව හිටියේ කෙනත් කවුන්ඩා. ඔහුට වාර්තා වැඩසටහන් කිහිපයක් කරන්නයි මගේ මහත්තයා එරටට ගියේ. ඉතින් අපිත් පවුල පිටින්ම එහෙ ගියා. නත්තලට එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් නත්තල් නාට්‍යයක් කළා. රමණී හිටියේ මදර් මේරිට. එදා මගේ ඇස් අදහා ගන්න බැරි වුණා රමණි ‘මදර් මේරි’ වගේම යි. අදටත් මට ඒ රූපෙ හොඳට මතකයි. එදා ඇගේ රංගනය දැකලා රමණිගේ ඩැඩීට වුවමනා වුණා රමණිව කලාවට යොමු කරන්නට. දුව මේ විදිහට කලාවට එක්කාසුවෙලා දවසින් දවස දක්ෂතා පෙන්වනකොට අපි හුඟක් සතුටු වුණා. දුවට අවුරුදු 15ක් 16ක් වෙනකොට හුඟක් දේවලට දක්ෂ යි. භාෂා 4ක් පමණ කතා කළා. ඉංග්‍රීසි, සිංහල, ප්‍රංශ, සැම්බියන් වතුර වගේ කතාකරන්න ඇයට පුළුවන්. ඒ වගේම නර්තනයට, රංගනයට වගේම මහන්න, උයන්න හොඳට පුළුවන්. පියානෝව හරි අපූරුවට වාදනය කරනවා”.

    යුගාන්තයෙන් සිනමාවට​

    NCqtZgDLJ2heOhIU_2.jpg
    යුගාන්තය චිත්‍රපටයේ ගාමිණී සහ ශ්‍රියානි සමඟින්- The Ramani Bartholomeusz Memorial Fund.FB page
    ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පිරිස්ගේ යුගාන්තය ඇයගේ රංගනය මුලින්ම දැක ගැනීමට ලැබුණු නිර්මාණයයි. ඇය එහි රඟපාන්නේ 1983 දී. ගාමිණි පොන්සේකා, ශ්‍රියානි අමරසේන වගේ ප්‍රවීණයන් සමග රඟපෑමට එහි දී ඇයට අවස්ථාව ලැබෙනවා.. ඊට පසු ඇයට සිනමා රංගනයට වගේම ටෙලිනාට්‍ය සහ නාට්‍ය රංගනයටත් ආරාධනා ලැබෙනවා. සත්‍යග්‍රහණය, ධර්මසිරි බණ්ඩාරනායකගේ මකරාක්ෂයා වේදිකා නාට්‍යය, හිමකුමාරි, ඉරට හඬන මල් ටෙලිනාට්‍යය, භාග්‍යා ටෙලි නාට්‍යය ඇගේ රංගනය දැකගත හැකි නිර්මාණ කිහිපයක්.

    මිස් ශ්‍රී ලංකා​

    GQbgcXZcJkIQPPcl_3.jpg
    ලක් රූ රැජන කිරුළු දරමින්-The Ramani Bartholomeusz Memorial Fund.FB page
    රමණී 1985 දී මිස් ශ්‍රී ලංකා තරගයට ඉදිරිපත් වෙනවා. එවිට ඇගේ වයස අවුරුදු 19යි. ඉන් ජයගත් පසු ඇය තවත් ජනප්‍රිය වුණා. ලක් රූ රැජිණ වූ ඇයට ලෝක රූ රැජන තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වන්නට අවස්ථාව ලැබෙනවා. මේ කාලයේ නිරූපිකාවක් ලෙස ද රමණි ජනප්‍රිය වුණූ අතර ඇගේ සිනහව සහ විවිධ ඉරියව්වෙන් සිටින රූපවලින් කැලැන්ඩර් වගේම පුවත්පත් කවර ද නිරත සැරසුණා.

    හදිසි මරණය​

    b1g72i4noG1Xcnt0_4.jpg
    පුවත්පත් කවරයක් සරසමින්- The Ramani Bartholomeusz Memorial Fund.FB page
    රංගන කටයුතුවලට සහ නිරූපණ කටයුතුවලට නිතර කොළඹ එන්නට සිදුවීම නිසා පහසුව තකා ඇය නවාතැන් ගෙන සිටියේ නාවල රාජගිරියේ නවාතැනක යි. දිවා කාලයේ කලා කටයුතුවලට සහභාගි වන ඇය හවසට නවාතැනට පැමිණෙනවා. බොහෝවිට රූගත කිරීම් නොතිබුණු සති අන්තවල දී තමයි ඇය ගෙදර ආවේ. ඇයගේ පෙම්වතා වූයේ ප්‍රකට නළු කමල් අද්දරආරච්චි. ඔහු ඇය හමුවීමට එහි පැමිණි අවස්ථාවක වාහනයේ හැපී සිදුවූ අනතුරකින් ඇය මරණයට පත් වුණා. ඇය කමල් සමග බහින්බස් වූ බව ද, කමල් කෝපයෙන් වාහනය එලවාගෙන පිටත් වී යද්දී ඇය එම වාහනයට පැන්න බව ද වාර්තා වුණා. මෙම මරණය සිදුවූ ආකාරය ගැන විවිධ මත ඒ කාලයේ පැතිරුණා. කලහකාරී ස්වරූපය නිසා ඔහු ආපසු යෑමට සැරසීමේ දී ඇය රථයේ එල්ලීමෙන් මෙම අනතුර සිදුවූ බව වැඩිදෙනෙකු විශ්වාස කළ අදහස යි.

    o3FXHp3ZoDTiTNC9_5.jpg
    මිස් ශ්‍රී ලංකා තරගයට එක්වූ අවස්ථාව-The Ramani Bartholomeusz Memorial Fund.FB page
    1987 ජූනි 29 වැනි දින පාන්දර රමණි බර්තොලමියුස් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට රැගෙන එනු ලැබුවේත් කමල් විසින්ම යි. ඒ වන විට ඈ සිටියේ සිහිසුන් තත්ත්වයෙන්. ඒ මොහොතේම ඇගේ හිසේ සැත්කමක් කිරීමට වෛද්‍යවරු කටයුතු කළා. ශල්‍යකර්මයෙන් පසු ඇයව රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලද අතර කෘත්‍රිම ශ්වසන යන්ත්‍ර ආධාරයෙන් ඈ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදුණා. සිද්ධිය සැලවී කලාකරුවන් රැසක් දැඩි සත්කාර ඒකකය අසල බලාපොරොත්තු සහගතව රැඳී සිටි මුත් වෛද්‍යවරුන්ට ඇගේ ජීවිතය බේරාගැනීමට අමාරු තත්ත්වයක් පැවතුණේ. හිසේ හටගත් දරුණු තුවාල නිසා ඇගේ මොළය මියගොස් ඇති බව වෛද්‍යවරු සහතික කළා. මොළය මියගිය පසුව කිසිම රෝගියකු ප්‍රකෘති තත්ත්වයට පත්වන්නේ නොමැති නිසා රමණි බර්තොලමියුස්ව කෘත්‍රිම ශ්වසන යන්ත්‍රයෙන් ගලවා ඉවත්කිරීමට තීරණය වුණා. ජූනි 30 වැනි දින රාත්‍රී 10.05ට පමණ රමණි බර්තොලමියුස්ගේ අවසන් සුසුම් පොද වා තලයේ සැඟව ගියා. එවිට ඇගේ වයස අවුරුදු 21ක් පමණයි. ඒ වනවිටත් ඇය රසිකයන් රැසකගේ ආදරයට පත්වූ නිළියක්. මේ නිසා බොහෝදෙනෙක් ඇගේ මරණයෙන් කම්පාවට පත්වුණා. රමණි බර්තොලමියුස් බොරැල්ල කනත්තේ භූමදානය කෙරුණා. ඒ ඇගේ ඥාතීන්, හිතමිතුරන්, රසිකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්.

    මරණ පරීක්ෂණය​

    ZXKuEzPwWXNUOaiT_6.jpg
    යක්ෂාගමනය නාට්‍යයේ රංගනයේ යෙදෙමින් The Ramani Bartholomeusz Memorial Fund.FB page
    කමල් යම්කිසි වැඩකට ගොස් රමණී හමුවීමට පැමිණෙන විට බොහෝ රෑ බෝවූ නිසා ඇය කෝපයෙන් සිටි බවත්, කමල් එවිට රථය හරවාගෙන ආපසු ඒමට සැරසෙද්දී ඇය රථයේ එල්ලීම නිසා බිම වැටෙන්නට ඇති බවත් තමයි පැවසුණේ.

    රමණි බර්තොලමියුස්ගේ පශ්චාත් මරණ වෛද්‍ය පරීක්ෂණය සිදුකළේ කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය විශේෂඥ පී.යූ. තෙලිසිංහ යි. ඔහුගේ සහය පිණිස කටයුතු කළේ එවකට සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරී වශයෙන් සිටි ආනන්ද සමරසේකර.

    5eex9bIw6S2DZRoH_7.jpg
    ලෝක රූ රැජන තරගයට ගොස් The Ramani Bartholomeusz Memorial Fund.FB page
    “සැත්කම් ලක්ෂණ හැර ඇගේ අත් පාවලත් සීරීම් තුවාල දක්නට ලැබුණි. විශේෂයෙන් දෑතේ වැලමිට ප්‍රදේශවල තුවාල දැකගත හැකි විය. ඇගේ හිසේ තුවාල තිබුණේ හිසේ පැත්තකිනි. එනම් හිසේ පිටුපස තුවාල තිබුණේ නැත. හිසේ තිබූ තුවාලවල තැලීම් සහ අස්ථි භග්න දක්නට ලැබිණි. හිස් කබල බිඳී මොළයට දැඩි සේ හානි සිදුවී තිබුණි. එනම් මොළයේ මරණීය තුවාල දක්නට ලැබිණි. ඇගේ තුවාලවල ස්වාභාවය පරීක්ෂා කිරීමේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් සිදුවී තිඛෙන බව පෙනිණි”යි මරණ පරීක්ෂණයේ දී සඳහන් විය.

    මේ අනුව අවසානයේදී පැතලි පෘෂ්ඨයක හිස වැදීමෙන් හිස තුවාල වී මොළයට මරණය තුවාල සිදුවී රමණි බර්තොලමියුස්ගේ මරණය සිදුවී ඇති බවට අධිකරණ වෛද්‍යවරු නිගමනය කළා.

    කමල් නිදහස්​

    r7Xp7AT7NgZn5X8v_8-%281%29.jpg
    රමණී නිරූපිකාවක් ලෙස The Ramani Bartholomeusz Memorial Fund.FB page
    ඇගේ පෙම්වතා වූ ජනප්‍රිය නළු කමල් අද්දරආරච්ච් රමණීගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට පොලිස් අත්අඩංගුවට පත්වුණා. ඔහු ඇයව රථයෙන් තල්ලු කිරීමක් සිදු නොවූ බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් පැහැදිලි කර තිබූ අතර එහි දී සිදුවූවායැ යි අනුමාන කළ හැකි එකම දෙය වන්නේ, යම් කලහකාරී සිදුවීමකින් පසුව කමල් ආපසු යෑමට සැරසීමේ දී රමණී ධාවනය වූ රථයේ එල්ලීමෙන් බිමට වැටී තුවාල වූ බවය. ඔහු ලබාදී තිබූ කටඋත්තරය වූයේ ද එයම යි. එය අධිකරණ වෛද්‍ය වාර්තාව සමග සැසඳී තිබුණා. අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව රථයේ එල්ලීමේදී බිමට වැටුණා මෙන්ම වාහනයේ හැපීමෙන් බිමට වැටුණා විය හැකි බව ඔප්පු වුණා.

    පොලිස් අත්අඩංගුවේ සිටි කමල්ට නඩු පැවැරීමට තරම් ප්‍රමාණවත් කරුණු වාර්තාවලින් ලැබී තිබුණේ නැහැ. මෙම තොරතුරු මත නීතිපතිවරයා ඇයව මරා දැමීමේ චේතනාවක් කමල්ට නොවූ නිසා සාපරාධී ක්‍රියාවකින් සිදුවූ මරණයක් නොවන බවත් ඇගේ මරණය හදිසි අනතුරකින් සිදු වූ බවත් නිගමනය කළා. රමණී බර්තොලමියුස් මරාදැමීමේ සිද්ධියට කමල් අද්දරආරච්චි නිදොස් පුද්ගලයෙක් බවට තීරණය වුණා.

    WEWyROba2i1BAqWN_9.jpg


    මතකය පමණක් ඉතිරිකළ නිළිය The Ramani Bartholomeusz Memorial Fund.FB page
    රමණීගේ මව පවසන්නේ අදත් කමල් ඇයට පවුලේ හිතවතෙක් ලෙස උදව් උපකාර කරන බවයි. ‘මට රමණී වෙනුවෙන් කිසිවක් කරන්න එදා ඉඩ දුන්නේ නැහැ. ඒ නිසා දැන්වත් මට අම්මට සලකන්න දෙන්න’ කියලා කමල් කියනවා. මේ ළඟ දී දවසක මම නාන කාමරයේ වැටිලා මගේ හිසට ශල්‍යකර්මයක් කරන්න සිදුවුණා. එයට ගොඩක්ම උදව් කළේ කමල්. රමණිගේ උපන් දිනයට කමල්ගේ අම්මාත් තවමත් ඇගේ සොහොනට ගිහින් පහන් පත්තු කරනවා. තවමත් කමල්ගේ මව්පියන් රමණිට ආදරෙයි’, ඇය සරසවිය පුවත්පතට පවසා තිබුණා.

    Source: Roar
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,000
    4,564
    113
    ape untath itin okkoma kamal maruwa thamai.....attama case eke ithin kelle accident wela athi.