වියට්නාමයට යන කෙනෙක් අනිවාර්යයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ගැන කතා කරන වියට්නාම සන්චාරයේ සත්වන කොටස තමයි මේ.වියට්නාමය කොටස් තුනකට බෙදලා කොටස් හයක් මගින් කතා කරන් ඇවිත් ඉවර කරේ පහුගිය සයවන කොටසෙන්. ඒ කොටස බැලුවේ නැත්නම් පහල ලින්කුවෙන් ඒක බලලා එන්න.
මේ තොරතුරු කතා කරන්නේ ගොඩක්ම පොදුවේ.ඒ නිසා එක තැනක් ගැන එක ප්‍රදේශයක් ගැන වෙන වෙනම තොරතුර කතා කරන්නේ නැ.ඒ ඒ ප්‍රදේශ ගැන කලින් ලිපි වල කතා කරපු නිසා සමස්තයක් විදියට ව්යට්නාම් ගමනකදි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් මේ ලිපියෙන් කතා කරමු.
ප්‍රධාන මාතෘකා 4ක් යටතේ මේ පොදු කරුණු කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
වියට්නාම ආහාරපාන
නවාතැන් පහසුකම්
ප්‍රවාහනය
මුදල්
වියට්නාම් ආහාරපාන ***
වියට්නාමයේ ආහාරපාන ගොඩක් විවිධත්වයෙන් යුක්ත වෙනවා.ඒ කියන්නේ බත් සහ වෙනත් ධාන්‍ය වර්ග සහ පිටි වලින් හදන කැම වගේම ගෙම්බෙක් ගොලුබෙල්ලෙක් සර්පයෙක් උනත් වියට්නාමයේදි ආහාරයට ගන්න පුලුවන්.
වීදී ආහාර එහෙමත් නැත්නම් street food වලින් වලින් අපිට අඩු වියදමකින් අපේ සන්චාරයේදි අපේ ආහර පිරිමහගන්න පුලුවන්.හැබැයි වියට්නාමයේ වීදි ආහාර ගනිද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න වෙනවා.
පිරිසිදුකම මේ අතරින් විශේෂයෙන් සලකලා බලන්න වෙනවා.හැම වෙලේම දේශීය ජනතාව විශාල වශයෙන් කන්න යන තැන් වලින්ම ආහාර ගන්න බලන්න. ඒ වගේම අපේ රටේ අයට නම් ගෙම්බො ගොලුබෙල්ලො කෑම ඒච්චරම කැමති වෙන් නැනේ..ඒ නිසා තමන්ට කන්න පුලුවන් ආහාර මොනවද කියලා නම් වශයෙන් දැනගෙන යන්න.
ගොඩක් වෙලාවට මෙනු එකේ ඉන්ග්‍රීසියෙන් නම නොතිබෙන්න පුලුවන්. ඒ වගේම ඇතුලත් වෙන දේවල් කියලා නොතිබෙන්න පුලුවන්.ඒ නිසා හැම වෙලේම කලින් සූදානම් වෙලා යන කැම ජාති කීපයක් විතරක් එලියෙන් කැම කනකොට පාවිච්චි කරන්න.ඔයා නතරවෙලා ඉන්නේ හෝටලයක නම් කැම වල ප්‍රශ්ණයක් වෙන්නේ නැ.ඒකට හේතුව තමන්ට අවශ්‍ය ඕනේම කැමක් ඕනේ විදියකට ඕඩර් කරලා ලබාගන්න පුලුවන් නිසා.ඒත් වීදි ආහාර ගන්නකොට හැමවෙලේම සැලකිලිමත් වෙන්න.
අපේ රටේ අයට බය නැතුව කන්න පුලුවන් වියට්නාම ආහාර කීපයක් පහතින් දක්වලා තියෙනවා.වෙජිටේරියන් අයට නම් පොඩි කරදරයකට මුහුන දෙන්න වෙනවා මේ කැම ජාති තෝරාගැනීමෙදි.
- Pho
- Cha ca (උතුරු වියට්නාමයේදි විශේෂයි )
- Banh xeo ( Pork වලින් සාදන ආහාරයකි )
- Cao lau - ධාන්‍යමය ආහාරයකි
- Goi cuon
- Bun bo Hue
- Banh khot - ඉස්සන් ඇතුලත්වේ.
- Bun bo nam bo - නූඩ්ල්ස් විශේෂයකි
- Pho xao
- Banh mi - සබ්මැරීන් එකක් වගේ බනිස් එකක්
අලුත් දේවල් ට්‍රයි කරන්න කැමති අයට සර්පයෙක් උනත් ට්‍රයි කරන්න පුලුවන්.
ඔය එකක් වත් සෙට් උනේ නැත්නම් McDonald's, Burger king, KFC ඔයාල වෙනුවෙන් තියෙනවා.
වියට්නාමයේ නවාතැන් පහසුකම් ***
වියට්නාමය කියන්නේ වියදම් අඩුම රටක් කියලා කියන්න පුලුවන්.නවාතැන් වලටත් ඒක අදාලයි.
හොදම දේ ඔයා කණ්ඩායමක් විදියට මේ වගේ ගමනක් යන එක. ඒ කණ්ඩායමට 4ක් හෝ උපරිමයෙන් 6ක් වගේ සම්බන්ධ කරගන්න පුලුවන් නම් නවාතැන් තෝරාගැනීමෙදිත් වාසියක් ගන්න පුලුවන්.
ඒක රැයකට එක පුද්ගලයෙකුට රුපියල් 400 වගේ ඉදන් රුපියල් 4000 වගේ වෙනකම් එක එක ප්‍රමාණයේ නවාතැන් අපිට තෝරගන්න පුලුවන්. ඊට වැඩි ඒවත් තියෙනවා ඊට අඩු ඒවත් තියෙනවා.හැබැයි අපි බලන්නේ අඩුම මුදලට වැඩිම පහසුකම් නිසා ඒක රැයකට දෙන්නෙක්ගේ රූම් එකම 1000 කට වගේ හොදම පහසුකම් එක්ක ගන්න හැකියාව තියෙනවා.
වියට්නාමයේ ප්‍රධාන නගර අනුව නවාතැන් ගන්න තෝරගන්න හොදම සහ ලේසිම විදිය තමයි booking.com කියන්නේ. Booking.com එකෙන් මේ විදියට අවශ්‍ය නගරයක් තෝරලා ඔයාට ඕනේ නවාතැන ලේසියෙන් හොයාගන්න පුලුවන්.
Screen Record of Booking.com Hanoi Search
Hanoi City -
https://tinyurl.com/y6fyeosx
Halong Bay
https://tinyurl.com/y5vq66a4
SAPA City
https://tinyurl.com/yythhc39
Danang City
https://tinyurl.com/y3lwr4kd
Ho Chi min City
https://tinyurl.com/y67npwqy
ප්‍රවාහනය ***
වියට්නාමයේ ප්‍රවාහනය ගොඩක් වෙලාවට පොදු ප්‍රවාහන සේවය ඔස්සේ කරනවා නම් ගොඩක්ම ලාබයි. ඒ අතරිනුත් කොච්චිය පාවිච්චි කරනවා නම් සැප පහසුව ගොඩක්ම වැඩී. හැමවෙලාවෙම Overnight ගමන් තෝරගන්නවා නම් දවස ඉතුරු කරගන්න පුලුවන්.
වියට්නාමයේ කොච්චිය සහ බස් එක තෝරගන්න තියෙන වෙලාවකදි අනිවාර්යයෙන්ම කොච්චිය තෝරගන්න.හොයාගන්න ලැබුන තොරතුරු වලට අනුව බස් වල ගමන ගොඩක්ම වෙහෙසකරයි. ටැක්සි කොච්චි සහ බස් බුක් කරගන්න විදිය කලින් ලිපියකදි අපි කතා කරා.
තමන්ටම කියලා ස්කූටර් එකක් රෙන්ට් එකට අරන් ඇවිදින එකත් වියට්නාමයේ තවත් ජනප්‍රියම ප්‍රවාහන මාධ්‍යක්.ඇවිදින්න හිතන් ඉන්න තැන් ටික අනුව ඒක ප්ලැන් කරගන්න. Hanoi වල ඉදන් බයික් වල Saigon යන එක නම් අනුමත කරන්න අමාරුයි .
වියට්නාමයේ මුදල් ***
බාලි වල වගේමයි.වියට්නාමයේත් ඇමරිකානු ඩොලරයකට ගෙවන ගාන ගොඩක් වැඩි.ඒ වගේම බාණ්ඩ වල මිලත් ගොඩක් වැඩී. වියට්නාමයේ පාච්චි වෙන්නේ වියට්නාම Dong කියන මුදල් ඒකකය. ඇමරිකානු ඩොලර් 100 කට වියට්නාම Dong ලක්ශ 23කට පොඩ්ඩක් වැඩියෙන් ලැබෙනවා.ඒ කියන්නේ අපි වියට්නාමයට ගොඩ බැහැපු ගමන් අපි මිලියනපතියෝ වෙනවා.
කලින් කීවා වගේම මුදල් භාවිතයත් වෙන්නේ දාස් ගනන් වලින් නැතිනම් ලක්ශ ගනන් වලින්.ඒ නිසා හැම වෙලේම මුදල් භාවිතා කිරීමේදී හැම වෙලේම අපේ මුදලින් හිතලා සල්ලි වියදම් කරන්න පුරුදු වෙන්න.අපේ රුපියල් ඇමරිකානු ඩොලර් වලට මාරු කරන් ගිහින් ඕනේකරන ප්‍රමාණයට විතරක් Dong ඩොලර් වලට මාරු කරන් පාවිච්චි කරන්න.
**** ***** ***** ****
වියට්නාම ගරිල්ලන් සොයාගිය ගමන මේ කොටසත් එක්ක අවසන් වෙනවා. වියට්නාමයේ ගමනක් සැලසුම් කරනකොට වැදගත් වෙන ආදර්ශ සැලසුමක් (Tour Plan ) එක්ක වියදම් සැලසුමක් ( Budget Plan ) ඊලග ලිපියෙන් අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා.
කොරෝනා උවදුර යටතේ වියට්නාමය ගොඩක් ඉදිරියෙන් ඉන්න රටක්.මුළු රටේම කොරොනා ආසාදිතයින් වාර්තා වෙන්නේ දැනට 91000ක් විතර. ඒ අතරරින් 38000ක් ම සුවය ලබලා තියෙනවා මේ ලිපිය ලියන අවස්ථාව වෙනකොට. ඒ නිසා තරමක් අවධානම අඩුවෙන් ගිහින් එන්න පුලුවන් රටක් විදියට වියට්නාමය හදුන්වන්න පුලුවන්.
ලිපිය හොද නම් මේ පහලින් තියෙන ලින්කුව ඔබන් යන්නත් අමතක කරන්න එපා. මේකේන් යන්නේ මගේ චැනල් එකට. කියවන්න අකමැති කෙනෙක්ට මේ මුළු ලිපියම වීඩියෝ එකක් විදියට හදලා තියෙනවා. ඒ වගේම මේ චැනල් එකෙන් වෙන්නේ ලෝකේ තියෙන ලස්සන ලස්සන තැන් ගැන ඒවගේ යන්න ප්ලැන් කරන්නේ කොහොමද කියන එක කතා කරන එක.
ගමනක් ගිහින් කරපුව වීඩියෝ කරලා පෙන්නනවට වඩා තව කෙනෙක්ට ඒ වගේ ගමනක් ප්ලැන් කරගන්න උදව් වෙන එක ගොඩක් වටිනවා කියලා මම හිතන්නේ. ඒ නිසා මේකත් ඔබන් යන්න.
මේ වියට්නාමය වගේම ඉස්සරහට මැලේසියාව,ඉන්දියාව බාලි එවරස්ට් බේස් කැම්ප් යන ගමන වගේම ටැන්සානියාවේ කිලිමන්ජාරෝ වගේ කදු නගින්නේ කොහොමද කියලත් අරන් එන්න හිතාගෙන ඉන්නවා.
මේච්චර දුර කියෙව්වට ස්තුතියි !!


