මාලිගාවෙ ඇතා

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,215
    1
    158,084
    113
    98
    කෑගල්ල
    ඔය ඒ කාලෙ බුරුමෙන්, ඉන්දියාවෙන් ගෙනාපු අලි ටික් ඇරෙන්න, මෙහෙ කැලෑ වලින් හොරෙන් අල්ලලා අලි දැන් ලග තියාගන්න බෑනෙ.

    ඒත් දැන් බිස්නස් එකක් යනවනෙ, කෑලෑ වලින් අලි පැටව් අල්ලලා, එක එකාට විකුනන, දේවාල, පන්සල් වලට සෙට් කරන. අර හීලෑ අලි පොත එහෙම මිසින් වෙලා තිබ්බෙ, මෙහෙ හීලෑ අලි සන්ගනනයක් කරද්දි.

    ඒකට උදව්වක් වෙනවනෙ, පෙරහර වල් වලට අලියෙක් ඕනෙ කියන කන්සෙප්ට් එක.

    එතකොට, පෙරහර නිසා, කැලෑ වලින් අලි පැටව් ඇල්ලීමෙ ප්‍රවනතාවක්/ ඇල්ලීම සාදාරනීකරනයක් වෙනවද?

    සරලව, පෙරහරෙන් අලියා අයින් කරොත්, අලි පැටව් කැලෙන් අල්ලන එක නැති/අඩු වෙයිද?

    හේතු සහිතව පහදන්න
     
    Last edited:

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,529
    6,382
    113
    Perahare yana ali/athun kala walin allagena apu aya newei. Dalada karaduwa wadammawanna nikamma nikan athek wenna ba. Mangala hasthi rajayek wenna oni. ehema athun lankawe na. Godakma inne Indiawen athuluwa wenath asiyathika ratawal walin dunna ali/athun.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දන්ත දාතූන් වහන්සෙ වැඩම වීම ඇතුලු අනෙකුත් පෙරහර සදහා අලි / ඇතුන් බාවිතා කිරීම කෙලින්ම හොඑ වක්‍රාකාරව ඉවහල් වන්නෙද?

    ai iwahal wenne naththe????
     
    • Like
    Reactions: kinkon and Mr Robot

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,143
    113
    වක්‍රාකාරව නෙවෙයි කෙලින්ම ඒක හේතුවක් වෙනවා.අලි පිස්සුව ගණයින්ට තමා ගොඩක්ම තියෙන්නේ.යූටියුබ් එකේ තියෙනවා බෙල්ලන්විල ගනින්නාන්සේගෙන් පලතුරු කන්න මියන් කුමාර ඇතාට හෙන්ඩුවෙන් ඇන ඇන දනගස්සවන වීඩියෝ එකක්.පොරට නම් මේ ආත්මෙදිම ඒ පව් පල දුන්නා.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,529
    6,382
    113
    kohomath nuwara perahera lan weddi witharai lankawe kattiyata ali gena mathak wenne :ROFLMAO:

    ශ්‍රී දලදා මාලිගාවේ ඇත් පන්තිය

    ඇත් පන්ති නායක
    5Bg9prB.jpg


    8GCfMQ7.jpg


    (2017 di nathiuna.)
    EgvILxN.jpg


    Tx8unw2.jpg


    S95no6H.jpg


    sZZ9M1G.jpg


    I9GWYhu.jpg


    CxHRTwC.jpg



    වෙනත්

    kZJyYP4.jpg


    EHOMRAD.jpg


    ajz1BsZ.jpg


    RusMTXa.jpg


    Perahare yana ali/athun kala walin allagena apu aya newei. Dalada karaduwa wadammawanna nikamma nikan athek wenna ba. "Mangala" hasthi rajayek wenna oni. ehema athun lankawe na. Godakma inne Indiawen athuluwa wenath asiyathika ratawal walin dunna ali/athun.
    ------ Post added on Aug 7, 2021 at 6:46 PM
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,637
    113
    තෙරුන් නැ. අනික් උන් sad react දාල නිසා මාත් දැම්ම. දුක හිතෙන එකක් වෙන්න ඇති කියලා තියෙන්නේ හිතලා
     
    • Haha
    Reactions: Solo Rider

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,251
    1,295
    113
    හඳේ ...
    ඔය අලි ඇත්තුන්ට කතා කරන්න පුළුවන්නම් හස්ත හිමිකම් කියල හදාගෙන මිනිස්සුන්ට විරුද්ධව නඩු දානවා උන්ට දෙන වද වලට. :lol: මාරම කැටයම් තොගයක් තමයි මිනිස්සු හදන් ඉන්නේ උන්ගේ අර මංගල කාරනා මේ මංගල කාරනා තියෙන්න ඕනේ කිය කිය කරඬුව අරන් යන්න. යකෝ ඕවත් දැන් ඔය අලි ඇත්තුම කියන ඒවාද ? මිනිස්සු හදපු ඒවාද ? :lol: ඇත් ගොව්වා නැතුව යවන්න ඕනේ බලන්න ඔය පින්කඳවල අවුලක් නැතුව කරඬු වඩම්මයිද බලන්න :lol:. බුදු හාමුදුරුවොත් නොකියපු උන් වහන්සේගේ ධර්මයටත් පටහැනි දෙයක් ඔය කරන්නේ. ගොබ්බ සංස්කෘතියක් එක්ක ඔය සත්තුන්ට පුදුම වදයක්නෙ යකෝ දෙන්නේ. බුදු හාමුදුරුවෝ වැඩ හිටියනම් ඔය පෙරහැර කරන උන්ට පයින් ගහන්නේ. ඕනෙම නම් කියයි ඔය අහිංසක සත්තුන්ට පාඩුවේ ඉන්න දීලා මිනිස්සු වෙන තොපි කරඬුව අතේ තියන් පල කියල. බුද්ධ දර්ශනය කියන්නේ යථාර්තවාදී දෙයක්. ඔය වගේ ගොබ්බ වැඩ නෙමෙයි. නුවර මාලිගාවෙත් පල්ලෙහා අලි ඇත්තු ගාල් කරලා හෙන්ඩුවෙන් ඇන ඇන කොච්චර වද දෙනවද ? උන් හෙන ශ්‍රද්ධාවෙන් ඉන්නවනම් ඇත්ගොව්වෝ ඕනේ නෑනේ හෙන්ඩු අතේ තියාගත්ත උන්ට ඇන ඇන වද දිදී මෙල්ල කරන ඉන්න.. ඇතාම කරඬුව පිටේ තියන් යයි. මිනිස්සු යතාර්වාදී දර්ශනයක් පිළිපදින්නේ නැතුව අන්ධයෝ වගේ ගොබ්බ සංස්කෘතියකට ඒ සත්තුන්වත් බිලිදීලා උන්ට හිංසා කරනවා...:dull::dull::dull:
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,741
    169,176
    113
    එකමත් එක රටක
    රජ කාලේ රජාට තිබ්බ හොදම, වටිනම වාහනේ තමයි මගුල් ඇතා.. දලදාව වැඩම කරන්නත් ගෟරවයක් විදියට ඒ කාලේ තිබිබ හොදම රථය අරගෙන තියෙන්නේ..
    සියවස් ගානක් ගිහින් අද ලෝකේ ගොඩක් දියුණු වෙලා රජා නම් ලෝකේ එන අලුත් අලුත් වටින වාහන වල යනවා. දලදාව පරණ වාහනේම දාල යවනවා 🤭 . එක්කෝ දැන් පාලනය කරන එකාටත් කෝටි ගනන් වල වාහන වෙනුවට අලිය පිටේ යන්න කියන්න ඕනේ.
    ඕකට හොද වටින වාහනයක් හදවන්න බැරිද දැන්වත් ?.. හැබැයි මුන්ගේ තියන මාන්නෙයි, සම්ප්‍රදායික පුරුදු වෙනස්කරන්න බැරි ගොබ්බකම නිසා රටේ හොයාගන්න පුලුවන් අන්තිම අලියට වෙනකන් පව් දිදී ඕක අරන් යනවා..අන්තිම සතාත් වද උනාම තමයි අර ජාතියේ වාහනයක් ගැන හිතන්නේ.
    මෙච්චර ලොකු ශරීරයක් තියන, රංචු විදියට ඉන්න , දවසකට කිලෝමීටර් ගානක් ඇවිදින සතාව අපේ තියන කුනු මාන්නයක් වෙනුවෙන් පොඩි ඉඩක හිර කරලා ගැට ගහල තියල කියනවා ලබන ආත්මේ නම් මේ කරගත්ත පිනෙන් දිව්‍යලෝකේ යනව වගේ කතා, තමන් කරන වැරද්ද වහගන්න :rofl: . ඔය සත්තුන්ට මේ ආත්මේ උන්ගේ තිරිසන් ලෝකේ උන්ගේ විදියට ඉන්න දෙන්න බැරි බෞද්ධකමෙන් ඇති වැඩක් නෑ. මොකද දිව්‍ය ලෝකේ ගියත් සමන් දෙයියෝ වගේ පොරක් ආයිත් වාහනේ කරගන්න ඉඩ තියනවා..
     
    Last edited: