මේකත් මම කිරියේ දැකපු පෝස්ට් එකක් හින්දමයි ලියන්නෙ. මේක දැකපු ගමන් මාත් කොර වෙලා ගියා. එක සැරේටම මට හිතුනේ මහ බැංකුව ආයි ගොන් වැඩක් කරලා කියලයි. මොකද මහ බැංකුවට පසුගිය දශක එක හමාර තුල ඉතාම අපකීර්තිමත් ඉතිහාසයකට උරුම කම් කියන නිසා. පස්සෙ පෝස්ට් කියවද්දි තේරුණා කාට හරි පොඩි පටලැවිල්ලක් වෙලා කියලා. පටලැවිල්ල වෙලා තියෙන්නෙ වෙන කාටවත් නෙවෙයි, අපේ ඉකොනොමැට්ටාට කියලා දැන ගත්තම පුදුමත් හිතුනා. මොකද මමත් ඉකොනොමැට්ටාගේ බ්ලොග් අඩවියෙන් ගොඩක් දේවල් ඉගෙනගෙන තියෙන නිසා.
සටහන පටන් ගන්න කලින්ම කියන්න ඕනේ මට ඉකොනොමැට්ටත් එක්ක කිසිම තරහකටවත් ඔහුව අපහසුතාවයකට පත් කරන්නවත් නෙවෙයි මේක ලියන්නෙ. මේක තනිකරම ආර්ථික විද්‍යාවෙන් මං ඉගෙන ගනිපු දේවල් මෙතන ලියන එක විතරයි වෙන්නෙ.
අවවාදයයි. බයි ටොයි මහත්තුරුන් මෙම ලිපිය කියවීමෙන් වලකින්න. ලිපිය කියවූවානම් මා බයි ටොයි සාමාජිකයෙක් කිරීමෙන් වලකින්න. ආර්ථික විද්‍යාව අනුව මාගේ ලිපිය වැරදියි කියා ඔප්පු කිරීමට බාධාවක් නැත.
මං පටන් ගන්නත් එක්ක ඉකොනොමැට්ටාගේ බ්ලොග් අඩවියේ පලවුන මීට අදාල ලිපියේ අදාල කොටස පහලින් දාන්නම්.
“මම කලින් සඳහන් කළ පරිදි 2019 අවසානයේදී මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 936.6ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 181.63ක්. ඒ වෙලාවේ රටේ සියලුම වාණිජ බැංකු හා මිනිස්සු එක පාරටම මේ සියලුම සංචිත මුදල් වගකීම් වල වටිනාකම ඇමරිකන් ඩොලර් වලින් ඉල්ලා සිටියා කියා අපි හිතමු. මේ සියලු බැරකම් ගෙවා අවසන් කරන්න මහ බැංකුවට ඇමරිකන් ඩොලර් මිලියන 5,134.6ක් අවශ්‍ය වෙනවා. ඒ වෙලාවේ මහ බැංකුව සතුව තිබුණු විදේශ සංචිත වල වටිනාකම ඇමරිකන් ඩොලර් මිලියන 7,642.4ක්. අවුලක් නැහැනේ. බැරකම් වලට වඩා ගොඩක් වැඩියෙන් වත්කම් තිබෙනවා.
අවුරුද්දකට පස්සේ, 2020 අවසානය වන කොට තත්ත්වය කොහොමද? මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 964.4ක්. ඒ වෙද්දී ඇමරිකන් ඩොලර් එකක් රුපියල් 186.41ක්. ඒ අනුව, සියලු බැරකම් ගෙවා අවසන් කරන්න මහ බැංකුවට ඇමරිකන් ඩොලර් මිලියන 5,173.5ක් අවශ්‍ය වෙනවා. මහ බැංකුව සතුව ඒ වන විටත් ඩොලර් මිලියන 5,664.3ක විදේශ සංචිත තිබුණා. වෙනස එතරම් ලොකු නොවුනත්, බැරකම් වලට වඩා වත්කම් වැඩිපුර තිබුණා.
මේ වෙද්දී තත්ත්වය කොහොමද? 2021 ජූලි 1 වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් වල වටිනාකම රුපියල් බිලියන 1,072.0ක් බව මම කිවුවනේ. මහ බැංකුවට අනුව ඩොලරයක සාමාන්‍ය මිල රුපියල් 200.52යි. ඒ අනුව, මහ බැංකුවේ බැරකම් සියල්ල ඇමරිකන් ඩොලර් වලින් පියවන්නනම් ඩොලර් මිලියන 5,346.1ක් අවශ්‍යයි.
මේ වෙද්දී මහ බැංකුව සතුව ඩොලර් මිලියන 5,346.1ක සංචිත නැති බව ඉතාම පැහැදිලියි. 2021 මැයි අවසානය වන විට නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,032.8ට බැහැලා. තව තෙසතියකින්, එනම් 2021 ජූලි 27, කල් පිරෙන ස්වෛරිත්ව බැඳුම්කරය වෙනුවෙන් ඩොලර් බිලියනයක් හෙවත් ඩොලර් මිලියන 1000ක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් තිබෙන සංචිත වලින් සැලකිය යුතු කොටසක් වැය කරන්න වෙන බවත් පැහැදිලියි. අපි දැනට ඒක පැත්තකින් තියලා ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත මේ වන විටත් තියෙනවා කියලා උපකල්පනය කරමු.
මේ මොහොතේ තිබෙන තත්ත්වය අනුව බැලුවොත් රුපියල් 200.52 විණිමය අනුපාතිකය යටතේ මහ බැංකුවේ සියලුම වගකීම් ඩොලර් වලින් ආපසු පියවීමේ හැකියාවක් නැහැ. ඒ කියන්නේ, සාමාන්‍ය සම්මත අනුව බැලුවොත් මහ බැංකුව බංකොලොත්!
මේ වන විට මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් ප්‍රමාණය වන රුපියල් බිලියන 1,072.0 තිබෙන නිල සංචිත වලින් ආපසු ගෙවන්න පුළුවන් වෙන්නනම් විණිමය අනුපාතිකය කීයක් විය යුතුද? තවමත් ඩොලර් මිලියන 4,032.8ක නිල සංචිත මහ බැංකුව සතුව තිබෙනවාද කියා අපි හරියටම දන්නේ නැහැ. තිබෙනවා කියා අපි හිතමු. එහෙම වුනොත් මහ බැංකුවේ සංචිත මුදල් වගකීම් හා නිල සංචිත යාන්තමින් සමාන වෙන්නේ ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි. ඒ කියන්නේ මේ වෙලාවේ සියලු වගකීම් පියවා මහ බැංකුව වහල දමන්න පුළුවන් වෙන්නෙත් ඩොලරයක මිල රුපියල් 265.87ක් වුනොත් පමණයි.”
දැන් කරන්න තියෙන්නෙ ගොඩක් අය අකමැති වැඩක්. ගනන් ටිකක් හදා ගන්නයි තියෙන්නෙ. මං පුළුවන් තරම් සරලව මේ ගනන් හදන්නම්.
අපි ඉස්සෙල්ලාම ඉකොනොමැට්ටා දාලා තියෙන ගනන් ටික ලියාගමු. ඉකොනොමැට්ටා කියන විදියට
2019 රාජ්‍ය ණය ප්‍රමාණය රු බිලියන 936.6
2019 රාජ්‍ය සතු ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 7,642.4
2019 දී විනිමය අනුපාතය රු 181.63 යි
අපි ඉස්සෙල්ලාම බිලියන වලින් තියෙන රාජ්‍යය ණය ප්‍රමාණය මිලියන කරමු. ( 1000න් වැඩි කරමු ). උත්තරේ එනවා 936600යි කියලා. ඒ කියන්නෙ රුපියල් මිලියන 936600ක් ණය තියෙනවා. දැන් අපි ඩොලර් ටික රුපියල් කරන්න විනිමය අනුපාතය උන 181.63න් ඩොලර් ගාන වැඩි කරනවා. ( 7642.4 X 181.63 ). උත්තරේ තමයි 1388089.11. ඒ කියන්නෙ අපි ගාව තියෙන ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය විකිණුවොත් අපිට රු මිලියන 1388089.11ක් ලැබෙනවා. එතකොට ඔය දෙවෙනියට ආපු ගානින් පල වෙනි ගාන නැත්තන් ණය ප්‍රමානය අඩු කලාම උත්තරේ එනවා රු මිලියන 451489.11. ඒ කියන්නෙ අපි ගාව තියෙන ඩොලර් ටික රුපියල් කරලා ණය ගෙව්වත් අපිට තව ඉතුරු වෙනවා රු මිලියන 451489.11. ඩොලර් වලින් නම් ( 451489.11 බෙදීම 181.63 ) ඩොලර් මිලියන 2485.76ක් අපිට ඉතුරුයි.
අපි ඔය ටිකම 2020ටත් කරමු.
2020 රාජ්‍ය ණය ප්‍රමාණය රු බිලියන 964.4
2020 රාජ්‍ය සතු ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 5664.3
2020 දී විනිමය අනුපාතය රු 186.41 යි
බිලියන වලින් තියෙන රාජ්‍යය ණය ප්‍රමාණය මිලියන කරමු. ( 1000න් වැඩි කරමු ). = රු මිලියන 964400 යි.
ඩොලර් ටික රුපියල් කරමු = 5664.3 X 186.41 = රු මිලියන 1,055,882.16
මේකෙන් රාජ්‍යය ණය අඩු කලාම = 1055882.16 - 964400 = රු මිලියන 91482.16
ඒ කියන්නෙ අපි ගාව තියෙන ඩොලර් ටික රුපියල් කරලා ණය ගෙව්වත් අපිට තව ඉතුරු වෙනවා රු මිලියන 91482.16. ඩොලර් වලින් නම් ( 91482.16 බෙදීම 186.41 ) ඩොලර් මිලියන 490.76ක් අපිට ඉතුරුයි.
අපි ඔය ටිකම 2021ටත් කරමු.
2021 රාජ්‍ය ණය ප්‍රමාණය රු බිලියන 1072.0
2021 රාජ්‍ය සතු ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 4032.8
2021 දී විනිමය අනුපාතය රු 200.52 යි
බිලියන වලින් තියෙන රාජ්‍යය ණය ප්‍රමාණය මිලියන කරමු. ( 1000න් වැඩි කරමු ). = රු මිලියන 1072000 යි.
ඩොලර් ටික රුපියල් කරමු = 4032.8 X 200.52 = රු මිලියන 808657.05
මේකෙන් රාජ්‍යය ණය අඩු කලාම = 808657.05 - 1072000 = රු මිලියන (-263342.94)
ඒ කියන්නෙ අපි ගාව තියෙන ඩොලර් ටික රුපියල් කරලා ණය ගෙව්වත් අපිට කීයක්වත් ඉතුරු වෙන්නෙ නෑ. අපිට ණය සම්පූර්ණයෙන්ම ගෙවන්න නම් තවත් රු මිලියන 263342.94 ඩොලර් වලින් නම් ( 263342.94 බෙදීම 200.52 ) ඩොලර් මිලියන 1313.30ක් අපි හොයා ගන්න ඕනේ.
ඔන්න මූලික ගනන් ටික හදලා ඉවරයි. ඔය ගනන් වලින් මං පෙන්නුවෙත් ඉකොනොමැට්ටා පෙන්නපු ටිකම තමයි. දැන් ඉකොනොමැට්ටා කියනවිදියට ණය ගෙවා ගන්න තරම් ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයක් නැති නිසා විනිමය අනුපාතය ඉහල යායුතුයි. ඒ කියන්නෙ අපි වැඩිපුර හොයා ගන්න ඕනේ රුපියල් මිලියන 263342.94 ක මුදල බින්දුවක් කර ගන්න ඕනේ නම් අපේ විනිමය අනුපාතය දැන් පෙන්වන අනුපාතයට වඩා ඉහල වියයුතුයි.
මේක කොහොමද වෙන්නෙ.
අපි මෙහෙම ගාන හදමු.
අපිට සම්පූර්ණ ණය ගෙවීමට අවශ්‍යය වන රුපියල් ප්‍රමාණය. මිලියන 1072000.00
අපිට සම්පූර්ණ ණය ගෙවීමට අවශ්‍යය වන රුපියල් ප්‍රමාණය ඩොලර් වලින් 1072000.00 / 200.52 = 5346.10
අපි අතේ තියෙන ඩොලර් ප්‍රමාණය = 4032.8
අපිට තව ඩොලර් එන්න විදියක් නැති නිසා ඉකොනොමැට්ටා කරන්නෙ විනිමය අනුපාතය ඉහල නංවන එකයි. විනිමය අනුපාතය ඉහල නැංගම උඩින් කියලා තියෙන ටිකම ආයි ලියන්න පුළුවන් මේ විදියට.

රුපියල් වලින් ණය ගෙවීම සදහා ඩොලරයේ විනිමය අනුපාතය = 1072000.00 / 4032.80 = 265.82
මෙහෙම කලාම අතේ තියෙන ඩොලර් ටික ඇති ණය ගෙවන්න. හරිම සරලයි නේද?
හැබැයි පිංවතුනි මෙහෙම කරන්න බෑ. ඇයි බැරි?
පලවෙනියටම ඉකොනොමැට්ටා හිතන විදියට අතේ තියෙන සම්පූර්ණ ඩොලර් ගානින් ණය ගෙවලා ඉවර කරන විදියට විනිමය අනුපාතය සකස් වෙනවා නම් අපි 2019 සහ 2020 අවුරුදු වල විනිමය අනුපාතය වැඩියෙන් තියාගෙන ගිහින් තියෙනවා. ඉකොනොමැට්ටාගේ තියරියට අනුව 2019දි අපි සම්පූර්ණ ණය ගෙවන්න අතේ තිබ්බ ඩොලර් ටික මාරු කලානම් අපේ විනිමය අනුපාතය වෙන්න ඕනේ රු 122.55යි. 2020දි ඕක කලා නම් අපේ විනිමය අනුපාතය වෙන්න ඕනේ 170.25ක්. නමුත් එහෙම උනාද පිංවතුනි. නැහැ. ( 2019 හා 2020 විනිමය අනුපාතය ඉකොනොමැට්ටා සදහන් කර තිබූ ආකාරයට ඉහත දක්වා ඇත. ) ඇයි එහෙම උනේ නැත්තේ. අපි විනිමය අනුපාතය ගනනය කරන්නේ රාජ්‍යය ණය අනුව නොවන නිසා තමයි එහෙම නොවෙන්නෙ.
මීට කලින් මම දාපු ලිපියක් කියවපු මහත්තයෙක් අහලා තිබ්බා විනිමය අනුපාතය ගනනය කරන්නෙ කොහොමද කියලා. ප්‍රධාන වශයෙන් විණිමය අනුපාතය ගනනය කරන්නෙ භාණ්ඩ මිළදී ගන්න කොපමන මුදලක් වැය වෙනවද කියන එක මත. ඒ කියන්නෙ යම් භාණ්ඩ ලයිස්තුවක් මිළදී ගන්න ඒ ඒ රටවල් කොපමන මුදල් ප්‍රමාණයක් වියදම් කරනවද කියලයි. උදාහරණෙකට තෙල් බැරලයක් මිලදී ගන්න ඉන්දියාව වියදම් කරන මුදල සහ ජර්මනිය වියදම් කරන මුදල කොපමනක්ද? ඉන්දියාව රුපියල් 250ක් වියදම් කරනවා නම් ජර්මනිය ඒ තෙල් බැරලය මිළදී ගනීමට වියදම් කරන්නෙ යුරෝ 25ක් නම් ඉන්දියානු රුපියල සහ යූරෝ එක අතර විනිමය අනුපාතය වන්නේ යූරෝ එකකට ඉන්දියානු රුපියල් 10ක් වශයෙන්. ( උදාහරණය සදහා උපකල්පිත අගයන් වේ. )
හැබැයි මේක මෙහෙම කිව්වට වෙනස් වෙන අවස්ථා කීපයක් තියෙනවා. ඉහල කියපු විදියට විදේශ විනිමය අනුපාතය තීරණය වෙන්නෙ විවෘත ආර්ථිකයක් සහ පූර්ණ වශයෙන් විචල්‍යය වන විනිමය අනුපාතිකයක් පිළිගන්න රටවල් වලට. සමහර රටවල් සංවෘතයි. උතුරු කොරියාව වගේ. ඔවුන්ගේ විනිමය අනුපාතය වෙනස් වෙන්නෙ නෑ. සමහර රටවල් විවෘත උනත් ඔවුන් පූර්ණ වශයෙන් විචල්‍යයට ලක් වන විනිමය අනුපාතයන් පිළිගන්නෙ නෑ. චීනය වගේ. තවත් රටවල් විනිමය අනුපාතය විචල්‍යය වෙන එක සීමා දාලා තියෙනවා මෙන්න මේ පරාසය අතර විතරයි විනිමය අනුපාතය වෙනස් විය හැක්කේ කියලා. තවත් රටවල් ලොකේ පිලිගත්ත රටවල් වල මූල්‍යය ඒකකයක විනිමය අනුපාතය විචලනය විදියට විතරක් තමන්ගේ විනිමය අනුපාතය විචලනය වෙන්න දෙනවා.
මේ විදියට විවිද රටවල් විවිද ක්‍රම ඔස්සෙ තමන්ගේ විනිමය අනුපාතය පවත්වාගෙන යනවා. ලංකාවත් තමන්ගෙ විනිමය අනුපාතයන් පූර්ණ විචලනයට ඉඩ දීපු රටක්. චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ කාලයේදී රුපියල පාකරනවා කියලා කලේ ඕක තමයි.
කලින් ලිපියේ ඉකොනොමැට්ටා වරද්ද ගත්ත තවත් තැනක් තිබ්බා. වරද්ද ගත්තා කිව්වට මට නම් හිතෙන්නෙ පොරට පොඩ්ඩක් අමතක වීමක් වෙලා. ඉකොනොමැට්ටා කියන විදියට එයාගේ උපකල්පනයක් තමයි ණය ටික ඔක්කොම ඩොලර් වලින් ගෙවනවා කියන එක. ඒ උනාට රාජ්‍යය ණය සේරම එහෙම ඩොලර් වලින් ගෙවන්න අවශ්‍යය නෑ. උදාහරනෙකට ඔය දේශීය බැංකු වලින් ගත්තු ණය රුපියල් වලින් ගෙවන්න පුළුවන්. අනික භාණ්ඩාගාර බිල්පත් වගේ ඒවා කල් පිරුනම ඒවා ගෙවන්නෙ රුපියල් වලින්. ඉතින් ණය ටික ඔක්කොම ඩොලර් වලින් ගෙවනවා කියන එක වැරදි උපකල්පනයක්. ඉකොනොමැට්ටා ඔය උපකල්පනේම ඉදගෙන ලිපිය අහවර කරපු එකෙන් තමයි මේ අවුල ඇති උනේ. උපකල්පනේ අත ඇරලා සත්‍ය ලෝකේ තත්වය විග්‍රහ කර ගත්තා නම් මේකේ අවුලක් නෑ. මේ වගේ ලිපියක් ටොයි, බයි වදුරොන්ට අහු වෙනවා කියන්නෙ හනුමගේ වලිගේ ගිණි තිබ්බා වගේ තමයි. ඒ නිසා ට්‍රිගර් වෙන්න කලින් ටිකක් හොයලා බලන්න.
මම හිතනවා විනිමය අනුපාතිකය වෙනස් වෙන හැටි ටිකක් තේරුම් යන්න ඇති කියලා. ඒ වගේම ණය අනුව විදෙස් විනිමය ගනනය කරන්න නෑ කියන එකත් තේරෙන්න ඇති. හැබයි පුතාලා විනිමය අනුපාතිකය නිවැරදි තැන තිබ්බා කියලා රටේ ණය අර්බුදයක් නැත්තෙ නෑ. අර උඩින් ගනනය කරලා පෙන්නුවා වගේ ණය ගෙවා ගන්න තව රුපියල් වගේම තව ඩොලරුත් ඕනේ. එක්කො තව ණයක් ගන්නම වෙනවා මේ තියෙන ණය ගෙවන්න. නැත්තන් සංචාරක කර්මාන්තේ ගොඩ ගිහින්, විදෙස් ශ්‍රමිකයොත් නැවත විදෙස් සේවයට ගිහින්, නිශ්පාදනය ඉහල ගිහින් අපනයනත් ඉහල ගිහින් ෆුල් හැපනින්ග් වෙන්න ඕනේ ආර්ථිකය ගොඩ දා ගන්න නම්. එහෙම වෙයිද කියන එක තමයි අපිට තියෙන බය සහ සැක.