ඩොලරයක ඇත්ත මිල රුපියල් 265.87. දැකපු ගමන් ඔබත් ට්‍රිගර් උනාද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    රත්රං ගනන් ගන්නෙ නැද්ද??

    oke vidiyata rajya naya $ billion 1k wath naa ne bn
    නොන්ඩපෙන ද කොහෙද එලකිරි ඇවිල්ලා සුදනා වෙන්න😂
    ------ Post added on Aug 12, 2021 at 11:47 PM
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Meme Reaction GIF by MOODMAN
     
    • Haha
    Reactions: NRTG

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,496
    2,304
    113
    රත්රං ගනන් ගන්නෙ නැද්ද??

    නොන්ඩපෙන ද කොහෙද එලකිරි ඇවිල්ලා සුදනා වෙන්න😂
    ------ Post added on Aug 12, 2021 at 11:47 PM
    රාජ්‍යය ණය සම්භන්ධයෙන් කලින් ඔහුට පිලිතුරු ලබා දී ඇත. මා මුලින්ම සදහන් කර ඇති පරිදි මෙහිදී මා කර ඇත්තේ ඉකොනොමැට්ටගේ අතින් සිදුවී ඇති වරද පෙන්වා දීම පමනි. මේ පිළිබදව සදහන් කර ඇති සියළු දත්ත ඉකොනොමැට්ටගේ වේ.

    රත්තරන් විනිමය අනුපාතිකය සෙවීමට මුලදී භාවිතා කලත් පසුව එය අත හැර මිනිසුන් සියළු දෙනා භාවිතා කරන භාන්ඩ මල්ලක් හෙවත් භාණ්ඩ ගනනාවක් විනිමය අනුපාතිකය තීරණය කිරීමට යොදා ගනී. මෙම ක්‍රමය ක්‍රය ශක්ති විනිමය අනුපාතිකය ලෙස හැදින්වේ. මීට අමතරව නාමික විනිමය අනුපාතිකය, සඵල විනිමය අනුපාතිකය, නාමික සඵල විනිමය අනුපාතිකය, මූර්ත විනිමය අනුපාතිකය, මූර්ත සඵල විනිමය අනුපාතිකය වැනි බොහෝ ක්‍රම අනුව විනිමය අනුපාතිකය ගනනය කරනු ලබයි.

    නන්දසේනට මා තරමින්වත් ආර්ථික විද්‍යා දැනුමක් තිබුනේ නම් රට මීට වඩා තරමක් හෝ හොද තත්වයේ තිබෙනු ඇති බව මා විශ්වාස කරණ අතර නැවත වරක් ඉල්ලා සිටින්නේ ටොයි බයි ගොන්නට මා ඈදා ගන්නට හෝ තල්ලු කරන්නට උත්සහ නොකරන ලෙසය.
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,496
    2,304
    113
    බොහෝ දෙනෙකු විමසූ නිසාම සොයා බැලුවෙමි. අප්‍රේල් මස අවසන් වනවිට මුළු රාජ්‍යය ණය ප්‍රමාණය රු බිලියන 16288.00ක් ලෙස මහ බැංකුව වාර්ථා කර ඇත. දල ඇස්තමේන්තුවකට අනුව ජූලි මාසය අවසන් වනවිට මුළු ණය ප්‍රමාණය රු බිලියන 18000.00 ආසන්නයේ පැවතිය යුතුය.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ඩොලරය 2022 දෙසැම්බර් වෙනකොට රුපියල් 300යට යනවා. සමහර විට ඊට කලිනුත් වෙයි. :(

    ohoma kiyanna epa, meke inna daara baiyo tika ubawa kuhaka jeppa kiyala baninna gannawa.
     
    • Like
    Reactions: lasankandy

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    කියෙව්වා.මෙන්න මේකයි මගේ මතය.

    රාජ්‍ය ණය මත විනිමය අනුපාතය තීරණය වෙන්නෙ නෑනෙ. ඒක තමයි මාත් පිළිගන්නෙ.

    කවුරුත් තමන්ගෙ සල්ලි ඩොලර් වලින් ඉල්ලන්නෙත් නෑ. ඉල්ලුවට දෙන්න බැංකු බැඳිලත් නෑනෙ. මොකද තැන්පතු, ණය , අනිත දේවල් ඔක්කොම කරන්නෙ රුපියල් වලින්. ඒ නිසා කෙරෙන්නෙ නැති උපකල්පන වලින් නිගමන ගන්න එක වැරදියි මට අනුව.

    ඒ වගේම දැන් ඩොලරය, රුපියලට සාපේක්ෂව හරි අගයෙ නෙවෙයි තියෙන්නෙ. ඒක කීයටවත් 200 නෙවෙයි. ඒක 200 නං කවුරුවත්(බහුතරයක්) ඒක වැඩි ගණන් දීලා වෙන තැන් වලින් ගන්නෙ නෑ. ඒක කට්ටිය එළියෙන් ගන්න අගයට කිට්ටු අගයක් තමයි ඩොලරයට සාපේක්ෂව රුපියලේ හරි අගයෙ minimum එක බොහෝවිට. 🙂
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,135
    1
    11,136
    113
    අඩේ.... මට ඒක මෙතන කියන්න අමතක උනානෙ. විනිමය අනුපාත එහෙම තමන්ට ඕනෙ ඕනේ විදියට වෙනස් කරන්න රටවල් වලට බැහැ. ඒවා ජාත්‍යන්තර වශයෙන් ගනනය කරලා ලොකේ පුරාම දැණුම් දීම් කරනවා. ඒකෙන් තමයි ඔය ෆොරෙක්ස් ට්‍රේඩින් කතාව එන්නෙ. යම් කිසි රටක් ව්‍යාජව තමන්ගෙ විනිමය අනුපාත හසුරනවා නම් ඒ රට ජාත්‍යන්තරව අසාදු ලේඛනගත කරනවා. එතකොට විදෙස් ව්‍යාපාර, විදෙස් ආයෝජන සහ විදෙස් ණය නවතිනවා. ඒ නිසා කවුරුවත් එහෙම කරන්නෙ නෑ. හැබැ‍යි යම් කිසි රටක විනිමය අනුපාත පහල බහින වෙලාවක ඔවුන් විසින් වෙනත් ජාත්‍යන්තර මුදල් විදෙස් වෙළද පොලට මුදා හැරීම මගින් විනිමය අනුපාත ඉහල නංවා ගැනීමට කටයුතු කරනවා. ඉන්දියාව ඒකට හොදම උදාහරණයක්.

    Ethakota Last month eke Dollar Billion ganaka Bonds walata USD eliyata giya... E tharan Dollars lankawata awada Exchange rate eka 200ma tiyenne? Naha ne..E kiyanne Exchange Rate eka Pegged Karan inne Lankawa. Aniwaryen exchange Rate Float karoth oka 230+ ynawa dan
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,805
    87,232
    113
    ආශ්චර්යමත් රටක
    අඩේ.... මට ඒක මෙතන කියන්න අමතක උනානෙ. විනිමය අනුපාත එහෙම තමන්ට ඕනෙ ඕනේ විදියට වෙනස් කරන්න රටවල් වලට බැහැ. ඒවා ජාත්‍යන්තර වශයෙන් ගනනය කරලා ලොකේ පුරාම දැණුම් දීම් කරනවා. ඒකෙන් තමයි ඔය ෆොරෙක්ස් ට්‍රේඩින් කතාව එන්නෙ. යම් කිසි රටක් ව්‍යාජව තමන්ගෙ විනිමය අනුපාත හසුරනවා නම් ඒ රට ජාත්‍යන්තරව අසාදු ලේඛනගත කරනවා. එතකොට විදෙස් ව්‍යාපාර, විදෙස් ආයෝජන සහ විදෙස් ණය නවතිනවා. ඒ නිසා කවුරුවත් එහෙම කරන්නෙ නෑ. හැබැ‍යි යම් කිසි රටක විනිමය අනුපාත පහල බහින වෙලාවක ඔවුන් විසින් වෙනත් ජාත්‍යන්තර මුදල් විදෙස් වෙළද පොලට මුදා හැරීම මගින් විනිමය අනුපාත ඉහල නංවා ගැනීමට කටයුතු කරනවා. ඉන්දියාව ඒකට හොදම උදාහරණයක්.

    ජාත්‍යන්තර වශයෙන් කවුරු කරනවා කියලද කියන්නෙ? එහෙම කරන්න ආයතනයක් නැහැනෙ. ඕක ඉල්ලුම, සැපයුම අනුව තමයි තීරණය වෙන්නෙ.

    2020 රාජ්‍ය ණය ප්‍රමාණය රු බිලියන 964.4

    මේක බොරැ බන්
    ණය තියනවා ඇමරිකන් ඩොලර් බිලියන 60 ගානක

    ඌ කියන්නෙ 2020 ගෙවන්න තියෙන වාරිකේද කොහෙද. 😆

    ඩොලර් බිලියන 35+ කියලා ණය තියෙනවා කියල නේද කියන්නෙ? 60 ක් තියෙනවද?
    ------ Post added on Aug 13, 2021 at 10:35 AM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    Government Debt mtaka vdhata CBSL 2020 LKR 15,000 billion. (USD 200 unoth USD 75Bn) GDP eken 101% debt.

    anika mehema mechchara reserves tibba e nisa meka maintain karanna LKR print karanne kiyana idea eka denna hadanne me article eken. habei forex rate eka decide kranne nah mn dnna vdhata ohoma ape reserves tianawa eka nisa mechchara wenna ona kiala. oka yanne Balance of Payment eke (USD demand supply eka anuwa)
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,496
    2,304
    113
    amu gam baiyek mu... awilla methana shape eke mola hodanna.. adu kule paraya...

    Kalin thread walath karala thiyenne eka thamai... tho hithuwada parayo meke 2 panthiye ewun inne kiyala @miyuru4u wage...?
    Anith aya genanam dan ne. uba nam thama montisoori kiyala therenawa. gihin akuru igenagena rassawak hoyagena waren ammalagen pinata kaka inne nethuwa.

    කියෙව්වා.මෙන්න මේකයි මගේ මතය.

    රාජ්‍ය ණය මත විනිමය අනුපාතය තීරණය වෙන්නෙ නෑනෙ. ඒක තමයි මාත් පිළිගන්නෙ.

    කවුරුත් තමන්ගෙ සල්ලි ඩොලර් වලින් ඉල්ලන්නෙත් නෑ. ඉල්ලුවට දෙන්න බැංකු බැඳිලත් නෑනෙ. මොකද තැන්පතු, ණය , අනිත දේවල් ඔක්කොම කරන්නෙ රුපියල් වලින්. ඒ නිසා කෙරෙන්නෙ නැති උපකල්පන වලින් නිගමන ගන්න එක වැරදියි මට අනුව.

    ඒ වගේම දැන් ඩොලරය, රුපියලට සාපේක්ෂව හරි අගයෙ නෙවෙයි තියෙන්නෙ. ඒක කීයටවත් 200 නෙවෙයි. ඒක 200 නං කවුරුවත්(බහුතරයක්) ඒක වැඩි ගණන් දීලා වෙන තැන් වලින් ගන්නෙ නෑ. ඒක කට්ටිය එළියෙන් ගන්න අගයට කිට්ටු අගයක් තමයි ඩොලරයට සාපේක්ෂව රුපියලේ හරි අගයෙ minimum එක බොහෝවිට. 🙂
    ඇති යංතං. එක මනුස්සයෙකුට තේරිලා තියෙනවා මන් කියපු දේ. ලියන්න ගත කරපු කාලය අපරාදේ නෑ.

    මෙතන කෑ ගහන ගොඩ දෙනෙක් මේ ලිපිය සම්පූර්ණයෙන් කියවල නෑ. නැත්තන් තමන්ගේ දේශපාලන කණ්ණාඩිවලින් බලාගෙන කෑගහන්නෙ. ඒකයි ලිපියෙ මුලදිම මං ලිව්වෙ ටොයියන් සහ බයියන් වෙත නොවේ කියලා.
    ------ Post added on Aug 13, 2021 at 3:34 PM

    USD walin income ena ayata meeke effect eka monawageeda? :confused:
    කාගේ හරි ආදායම ඩොලර් වලින් එනවා නම් එයාට රට ඇතුලෙදි වාසියක් වෙනවා. මොකද රුපියල අවප්‍රමාණ වෙන්න වෙන්න ඩොලරයකට ලැබෙන රුපියල් ගනන ඉහල යනවා. මේක සම්පූර්ණ ආර්ථිකේටත් හොද විදියට බලපානවා කියන්න පුළුවන්. උදාහරණෙකට ඩොලරයේ අගය ඉහල යනකොට ආනයන භාණ්ඩ වල මිළ ඉහල යනවා. එතකොට ආනයන භාණ්ඩවල මිළ ඉහල ගිහින් ඒ භාණ්ඩ වලට තියෙන ඉල්ලුම අඩු වෙනවා. ඒ වෙනුවට දේශීය විකල්ප භාණ්ඩ භාවිතා කරන්න මිනිස්සු පුරුදු වෙනවා. එතකොට දේශීය භාණ්ඩවලට තියෙන ඉල්ලුම වැඩි වෙලා දේශීය නිශ්පාදනය වැඩි වෙනවා. අනිත් පැත්තෙන් ඩොලරයක් වෙනුවට ලැබෙන රුපියල් ගාන වැඩි වෙනකොට අපනයන වලට ලැබෙන රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපනයන වැඩි පුර කරන්න පෙළබෙනවා. එහෙම උනාම අපනයන ආර්ථිකය ඉහල ගිහින් ගෙවුම් ශේශ හිඟය අඩු වෙනවා.

    ඔබ ඩොලර් වලින් උපයනවා නම් වාසි දෙකක් තිබෙනවා. එකක් තමයි ඔබේ ඩොලර් වලට වැඩි රුපියල් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ වගේම ඔබ පිට රටින් බඩු ගෙන්නනවා නම් සෘජුව ඩොලර් වලින් ගෙවේඉම නිසා ඔබට ලාබයක් ලැබෙනවා. හැබැයි දැන් තියෙන තත්වේ ඩොලර් ඔයාගෙම උනත් ලංකාවේ බැංකුවකින් ඩොලර් වලින් ගෙවීමක් කරන්න දෙන්නෙ නෑ. ඒක බැංකු විසින් අරගෙන තියෙන ප්‍රතිපත්ති තීරණයක් කියලයි කියන්නෙ. හැබැයි ඔය ප්‍රතිපත්තිය පිටිපස්සෙ ඉන්නෙ මහ බැංකුව.
    ------ Post added on Aug 13, 2021 at 3:44 PM

    ජාත්‍යන්තර වශයෙන් කවුරු කරනවා කියලද කියන්නෙ? එහෙම කරන්න ආයතනයක් නැහැනෙ. ඕක ඉල්ලුම, සැපයුම අනුව තමයි තීරණය වෙන්නෙ.

    ඌ කියන්නෙ 2020 ගෙවන්න තියෙන වාරිකේද කොහෙද. 😆

    ඩොලර් බිලියන 35+ කියලා ණය තියෙනවා කියල නේද කියන්නෙ? 60 ක් තියෙනවද?
    ------ Post added on Aug 13, 2021 at 10:35 AM
    ආර්ථික විද්‍යාව කියලා අපිට ඕනේ ඕනේ විදියට ගනන් හදන්න කාටවත්ට බෑ. අපි ගනන් හදන්න පාවිච්චි කරන්නෙ මහ බැංකුව ප්‍රකාශයට පත් කරන දේවල්. අනික මේ ආටිකල් එකෙ මුලින්ම මන් කියලා තියෙනවා මං ගත්තෙ ඉකොනොමැට්ටගෙ සංඛ්‍යා දත්තමයි කියලා. මහ බැංකුව වැරදි දත්ත ප්‍රකාශ කරනවා නම් ඒක ඔප්පු කරන්න වෙනවා මහ බැංකුව ප්‍රකාශයට පත් කරපු සංඛයා දත්ත වැරදියි කියලා. ඉකොනොමැට්ටා කරන්න හදලා තිබ්බෙ එහෙම දෙයක් තමයි. හැබැ‍යි මිනිහා ඉන්නෙ උපකල්පනයක් මත. ඒ උපකල්පනය වැරදියි සහ සත්‍ය තත්වය නෙවෙයි. එහෙමයි කියලා මහ බැංකුව හැම තිස්සෙම නිවැරදිත් නැහැ. කරුමේ කියන්නෙ උන් වැරදියි කියල අපි ඔප්පු කරන්න ඕනේ.
    ------ Post added on Aug 13, 2021 at 3:56 PM
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ගිය නුවන ඇතුන් ලවාවත් ඇද ගන්න බැහැ කියලා කතාවක් තියෙනවනෙ මචන්, @U.N.C.L.E . ඒක නිසා රුපියලට සාපේක්ෂව ඩොලර් එක ආයෙමත් අඩුම රු. 150ටවත් ගේනවා නම් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් ප්‍රායෝගික දේවල් මොනවද කියලා සරලව පැහැදිලි කරපන්කො. :rolleyes:
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,496
    2,304
    113
    ගිය නුවන ඇතුන් ලවාවත් ඇද ගන්න බැහැ කියලා කතාවක් තියෙනවනෙ මචන්, @U.N.C.L.E . ඒක නිසා රුපියලට සාපේක්ෂව ඩොලර් එක ආයෙමත් අඩුම රු. 150ටවත් ගේනවා නම් ඒ වෙනුවෙන් කරන්න පුලුවන් ප්‍රායෝගික දේවල් මොනවද කියලා සරලව පැහැදිලි කරපන්කො. :rolleyes:
    ඇත්ත කතන්දරේ නම් එක සැරේටම එහෙම කරන්න බැහැ. ඒක අඩුම තරමින් අවුරුදු 5ක කෙටි කාලීන සැලසුමක් සහ අවුරුදු 25ක දීර්ඝ කාලින සැලසුමක් ලෙස ක්‍රියාත්මක වියයුතුයි.

    මුලින්ම අත්‍යාවශ්‍යය නොවන ආනයන නවත්තන්න වෙනවා. අත්‍යාවශ්‍යය නොවන කියන්නෙ බෙහෙත්, ඉන්ධන, පෝර වගේ දේවල් නෙවෙයි. 2019 මහ බැංකු වාර්ථාවට අනුව ලංකාවේ ප්‍රධාන ආනයන 5ක් හදුනා ගෙන තිබෙනවා. ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් 24000ක් ගෙනල්ලා තියෙනවා. වටිනාකම රු මිලියන 527.61. තිරිගු මෙට්‍රික් ටොන් 1159000ක් ආනනයකිරීමේ වියදම රු මිලියන 268.96. සීනී මෙට්‍රික් ටොන් 556000ක් ගෙනල්ලා තියෙන්නෙ රු මිලියන 358.93ක් ගෙවලා. බොරතෙල් බැරල් මිලියන 14ක් ගෙනල්ලා තියෙන්නෙ රු මිලියන 971ක්. පොහොර මෙට්‍රික් ටොන් 707000ක් ගෙනල්ල තියෙන්නෙ රු පියල් මිලියන 313.26කට. මේවා අතුරින් ඉන්ධන ගෙන්වන එක නවත්තන්න බෑ. හැබැ‍යි තිරිගු, සීනී, සහල් ගෙන්වන එක අඩු කරගන්න පුළුවන්. හැබැ‍යි රජය කලේ පොහොර ගෙන්වන එක නතර කරපු එක.පොහොර ගෙන්වීම නතර කලාම ආයි සැරයක් ඵලදාව අඩු වෙලා අපිට වැඩි පුර සහල් ගෙන්වන්න සිද්ධ වෙනවා. ඉතින් මේවා පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බැළුවා නම් තේරෙනවා කරන්න ඕනේ මොකද්ද එපා මොකද්ද කියලා.

    ඊළගට ඉතින් පුළුවන් හැටියට දන්න කියන රටවල් වලට වැදලා හරි ණය නොවන ප්‍රධාන ලෙසින් මුදල් ලබා ගැනීම කරන්න ඕනේ. ඊටත් පස්සෙ පුළුවන් තරම් අඩු පොලියට ණය ලබා ගැනීම සදහා කරන්න පුළුවන් උපරිමය කරන්න ඕනේ. අපි අයි.එම්.එෆ්. එක එපා කිව්වට අපිට අයි.එම්.එෆ් එකෙන් අඩු පොළියට ණය ලබා ගන්න පුළුවන්.

    සංචාරක ව්‍යාපාරය පුළුවන් තරම් පුළුල් කරලා උපරිම තත්වයෙන් අවුරුදු 5ක් වැඩ කරන විදියට සැලසුම් හා ප්‍රතිපත්ති සකස් කරගන්න ඕනේ. ලෝකේ කොහෙන් හරි සංචාරකයෝ ගෙන්න ගන්න උපරිම උත්සහය දරන්න ඕනේ.

    ඊළගට ඉතින් අපේ විදේශ විණිමය උල්පත වුනු විදෙස් ශ්‍රමිකයන්ට කොහොම හරි පිට රටවල් වල රස්සා ටිකක් හොයලා දෙන්න ඕනේ. කොරියන් ඇබැර්තු, ජපන් ඇබැර්තු වගේ ඒවාට ඉන්දියානුවන් හෝ බංගලියන් පනින්නට පෙර අපේ අයව ඒවට යවන්න තානාපති කාර්යාල ඇතුළු සියළු දෙනා කැපවෙලා කටයුතු කරන්න ඕනේ.

    රටේ නිශ්පාදනයත් ඉහල නංවා ගන්න උපරිම උත්සහ කරන්න ඕනේ. මං දැක්කා ලංකාදීප පත්තරේ ලිපියක් තියෙනවා දුම් රිය එන්ජින්, දුම් රිය මැදිරි, සිල්පර කොටන් වෙනුවට රබර් හා ප්ලාස්ටික් වලින් නිමැවුනු කොටන් ආදිය නිපදවීම ලංකාවේදීම කරන්න පුළුවන් කියලා. මේ වගේ ව්‍යාපෘති දියත් කලොත් අනිවාර්යෙන් අපිට තවත් විදෙශ විණිමයක් හොයා ගන්නත් පුළුවන් වෙයි. දීර්ඝකාලීන සැලසුමක් ලෙස. කෘශි කර්මාන්තය, තොරතුරු තාක්ෂණ සේවා වගේ දේවල් දියුණු කරලා අපනයන ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ.

    ඔය සියල්ල අස්සෙ අපි මූල්‍යය විනයක් ඇති කර ගත යුතුයි. හිතෙන හිතෙන විදියට මුදල් අච්චු ගහන් නැතුව, හිතෙන හිතෙන විදියට රාජ්‍යය වියදම් වැඩි කරගන්නෙ නැතුව උපරිම කැපවීමේන් අවුරුදු 5ක් ඉන්න වෙනවා.

    ඒ වගේම ප්‍රධාන රාජ්‍යය ආදායම වුනු බදු ප්‍රතිපත්ති නැවත් සකස් කරලා සෘජු බදු වැඩි කරගෙන වක්‍ර බදු අඩු කරගන්න ඕනේ. ඒක ජනතාවටත් සහනයක් ලැබෙන දෙයක්.

    ඊ ලඟට තියෙන්නේ ගොඩ දෙනෙක් අකමැති උනත් සමෘද්ධි සහණාධාර වගේ සහණාධාර යලිත් තක්සේරු කරලා අනවශ්‍යය අයට ලබා දෙන සහනාධාර කපා හැරලා රාජ්‍යය වියදම අඩු කරගන්න එක.

    තවත් ගොඩ දෙනෙක් අකමැති දෙයක් තමයි පෞද්ගලික අධ්‍යාපන ආයතන. නමුත් පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවලා අනිකුත් රටවල් වල ශිෂ්‍යයන් ලංකාවට ඇද ගැනීමේ වැඩ පිලිවෙලක් ක්‍රියත්මක කරලා ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කරගන්න ඕනේ.

    සෞඛ‍ය අංශයත් නැවත ප්‍රතිව්‍යුහගත කරලා පෞද්ගලික සෞඛ්‍යය කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත්කර ගන්න ඕනේ.

    ඔය ටික කරගත්තොත් අපිට දුර ගමනක් යන්න පුළුවන් වෙයි.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl

    පිස්සුද ඕව කරන්න බැ මේ ලංකාවේ
     
    • Like
    Reactions: U.N.C.L.E

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,496
    2,304
    113
    පිස්සුද ඕව කරන්න බැ මේ ලංකාවේ
    බෑ නේන්නං මේවා ඉතින් අපි හිත නිවන කථා විදියට ලියලා කියලා නිකන් ඉන්නවා.
     
    ගොඩක් ස්තූතියි මචන්.

    මම IT ෆීල්ඩ් එකේ නිසා මම පුද්ගලිකව දන්නවා BPO සහ KPO වලින් ලංකාවට සල්ලි කොච්චර ගේන්න පුලුවන්ද කියලා. හැබැයි ඒවත් මාසෙන් දෙකෙන් කරන්න පුලුවන් දේවල් නෙමෙයි.
     
    • Like
    Reactions: U.N.C.L.E

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,373
    113
    ඊළගට ඉතින් පුළුවන් හැටියට දන්න කියන රටවල් වලට වැදලා හරි ණය නොවන ප්‍රධාන ලෙසින් මුදල් ලබා ගැනීම කරන්න ඕනේ. ඊටත් පස්සෙ පුළුවන් තරම් අඩු පොලියට ණය ලබා ගැනීම සදහා කරන්න පුළුවන් උපරිමය කරන්න ඕනේ. අපි අයි.එම්.එෆ්. එක එපා කිව්වට අපිට අයි.එම්.එෆ් එකෙන් අඩු පොළියට ණය ලබා ගන්න පුළුවන්.
    අපෝ ඊට පස්සෙ විපක්ෂය & ජෙප්පො කෑ ගහනව ඔන්න රට ණය කරන්න හදනව ඊළඟට ඉපදෙන්න ඉන්න ළමයගෙ ඉඳල ණය කරනව. චීනෙට රට විකුණන්න හදනව කතන්දර කෝටියයි.

    සංචාරක ව්‍යාපාරය පුළුවන් තරම් පුළුල් කරලා උපරිම තත්වයෙන් අවුරුදු 5ක් වැඩ කරන විදියට සැලසුම් හා ප්‍රතිපත්ති සකස් කරගන්න ඕනේ. ලෝකේ කොහෙන් හරි සංචාරකයෝ ගෙන්න ගන්න උපරිම උත්සහය දරන්න ඕනේ.
    එතකොට ජෙප්පො & ටොයියො කියයි ඔන්න විදේශිකයො ගෙනැල්ල කොරෝන බෝ කරන්න හදනව. රජයට කිසිම වගකීමක් නෑ රටේ ජනතාවගෙ ජීවිත ගැන. මුංව එලවන්න ඔ්න කියල කෑ ගහයි.

    ඊළගට ඉතින් අපේ විදේශ විණිමය උල්පත වුනු විදෙස් ශ්‍රමිකයන්ට කොහොම හරි පිට රටවල් වල රස්සා ටිකක් හොයලා දෙන්න ඕනේ. කොරියන් ඇබැර්තු, ජපන් ඇබැර්තු වගේ ඒවාට ඉන්දියානුවන් හෝ බංගලියන් පනින්නට පෙර අපේ අයව ඒවට යවන්න තානාපති කාර්යාල ඇතුළු සියළු දෙනා කැපවෙලා කටයුතු කරන්න ඕනේ.
    ඊට පස්සෙ කියයි මෙන්න ගෑණු යවල සල්ලි හම්බ කරන්න හදනව. මිනිස්සු රට දාල පිටරට යනව ඒ තරම් රට පිරිහිලා තියෙන්නෙ මේ රට සුදුසු රටක් නෙමෙයි.
    රටේ නිශ්පාදනයත් ඉහල නංවා ගන්න උපරිම උත්සහ කරන්න ඕනේ. මං දැක්කා ලංකාදීප පත්තරේ ලිපියක් තියෙනවා දුම් රිය එන්ජින්, දුම් රිය මැදිරි, සිල්පර කොටන් වෙනුවට රබර් හා ප්ලාස්ටික් වලින් නිමැවුනු කොටන් ආදිය නිපදවීම ලංකාවේදීම කරන්න පුළුවන් කියලා. මේ වගේ ව්‍යාපෘති දියත් කලොත් අනිවාර්යෙන් අපිට තවත් විදෙශ විණිමයක් හොයා ගන්නත් පුළුවන් වෙයි. දීර්ඝකාලීන සැලසුමක් ලෙස. කෘශි කර්මාන්තය, තොරතුරු තාක්ෂණ සේවා වගේ දේවල් දියුණු කරලා අපනයන ප්‍රමාණය වැඩි කරගන්න ඕනේ.
    මෙච්චර දෙයක් රටේ වෙලා තියෙද්දි මිනිස්සු බඩගින්නෙ කන්නෙ නැතුව මැරිල වැටෙන තැනට ඇවිල්ල ඉන්න කාලෙ බැසිල් සිල්පර කොටන් හදන්න යනව. බැසිල්ට 10%ක කොමිස් එකක් ඔ්කෙන් හම්බවෙනව. ඒ නිසා මේ ආණ්ඩුව පන්නන්න ඔ්න මුංට රටේ මිනිස්සුන්ගෙ දුක තේරෙන්නෙ නෑ මිනිස්සු අමාරුවෙ වැටිල ඉන්න වෙලාවෙ සිල්පර කොටන් හදන්න යනව.

    ඔය සියල්ල අස්සෙ අපි මූල්‍යය විනයක් ඇති කර ගත යුතුයි. හිතෙන හිතෙන විදියට මුදල් අච්චු ගහන් නැතුව, හිතෙන හිතෙන විදියට රාජ්‍යය වියදම් වැඩි කරගන්නෙ නැතුව උපරිම කැපවීමේන් අවුරුදු 5ක් ඉන්න වෙනවා.

    ඒ වගේම ප්‍රධාන රාජ්‍යය ආදායම වුනු බදු ප්‍රතිපත්ති නැවත් සකස් කරලා සෘජු බදු වැඩි කරගෙන වක්‍ර බදු අඩු කරගන්න ඕනේ. ඒක ජනතාවටත් සහනයක් ලැබෙන දෙයක්.
    අම්මෝ කතා කරන්න එපා. අනුර කුමාර කට රෝල් කරල උල් කරල කියයි මෙන්න බදු ගහනව මිනිස්සුන්ගෙන්. රාජපක්සලට තව පරම්පරාවකට හම්බකරන්න බදු ගහනව ඒකට සජිය අනිත් පැත්තෙන් පොහොර ටික දායි.
    ඊ ලඟට තියෙන්නේ ගොඩ දෙනෙක් අකමැති උනත් සමෘද්ධි සහණාධාර වගේ සහණාධාර යලිත් තක්සේරු කරලා අනවශ්‍යය අයට ලබා දෙන සහනාධාර කපා හැරලා රාජ්‍යය වියදම අඩු කරගන්න එක.
    ආණ්ඩුවෙ අවසානෙ තමයි ඉතිං. රනිල්, සජිත්, අනුර ඔක්කොම මිනිස්සු ටික කුලප්පු කරවල පාරට එක්කං එයි මෙන්න සමෘදියටත් කෙලින්න හදනව පොඩි එකාගෙ සමෘදියට කෙලල බැසිල් ඒකෙනුත් කොල්ල කන්න හදන්නෙ කියල.
    තවත් ගොඩ දෙනෙක් අකමැති දෙයක් තමයි පෞද්ගලික අධ්‍යාපන ආයතන. නමුත් පෞද්ගලික අධ්‍යාපන ආයතන පිහිටුවලා අනිකුත් රටවල් වල ශිෂ්‍යයන් ලංකාවට ඇද ගැනීමේ වැඩ පිලිවෙලක් ක්‍රියත්මක කරලා ලංකාව අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් කරගන්න ඕනේ.

    සෞඛ‍ය අංශයත් නැවත ප්‍රතිව්‍යුහගත කරලා පෞද්ගලික සෞඛ්‍යය කේන්ද්‍රස්ථානයක් බවට ලංකාව පත්කර ගන්න ඕනේ.

    ඒ නම් ඉතිං අන්තරේ & විශ්ව විද්‍යාල වල එවුන් පාරට දාගන්න නියම පොටක් තමයි. මෙන්න නිදහස් අධ්‍යාපනයට කෙලිනව කියල ජෙප්පො ඔක්කොම බහියි පාරට. ඊට පස්සෙ උන්ට අල්ලගෙන ගැහුවම සිරස ටීවී එකෙන් හෙම ලස්සන කවරේජ් එකක් දෙයි.

    -----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

    ඔය ටික කරගත්තොත් අපිට දුර ගමනක් යන්න පුළුවන් වෙයි.

    පිස්සුද ඕව කරන්න බැ මේ ලංකාවේ
    ඔය ටික කරන්න බැරි එක තමයි ප්‍රශ්නෙ. මම මේ අවුරුදු දෙක තුනට හොඳට ඉගෙන ගත්ත දෙයක් තියෙනව මේ රටේ කිසිම විදියක දෙවි කෙනෙක් වගේ ජනාධිපති කෙනෙක් ආවත් මේ රට ගොඩ දාන්න බෑ විපක්ෂයෙන් & රටේ බහුතරයකගෙ හැසිරීම නිසා. විපක්ෂය බලන්නෙ කොහොමහරි රටට කෙලවල හරි පවතින ආණ්ඩුවට කෙලවන්න. මිනිස්සු බහුතරයක් බලන්නෙ තමන්ගෙ කෙනා බලේ නැති නිසා රටට කෙලවෙලා හරි තමන් කැමති ආණ්ඩුව බලේට ගේන්න. ඔය පිටරට යන ට්‍රෙන්ඩ් එක උනත් එහෙමයි. හොඳට බලන්න එලකිරි එක දිහා. ගෝඨලගෙ ආණ්ඩුවක් තියෙද්දි පිරිසක් ලංකාව එපා වෙලා රට යන මාතෘකාව ඇදල ගන්නව ඊට පස්සෙ UNP එක බලයෙ හිටියොත් තව පිරිසක් රට එපා වෙලා යන්න හදනව. හොඳට මූනු ටික නෝටිස් කරගෙන බලන්න එතකොට තේරෙයි. ඒ අතරෙම පිරිසක් ඉන්නව මොනවහරි පොඩිම දෙයක් උන ගමන් සතුටෙන් ඉපිලිලා යනව සතුටට ත්‍රෙඩ් දානව 50ක් විතර. ඒ වගේ මයින්ඩ් සෙට් එකක් තියෙන මිනිස්සු ඉන්නෙ මේ රටේ.

    මේ රටේ දැන් රජයට කිසිම සංවර්ධන වැඩක්වත් කරගන්න බැරි තැනට සෝෂල් මීඩියා වල පවර් එක හැදිල තියෙන්නෙ. පොඩි දෙයක් කරන්න හැදුවත් ඒකට අකුල් හෙලනව. හයිවේ එකක් හදන්න ගියොත් පැත්තක තියෙන ගහක් අල්ලගෙන හරි ඒකට කෙලිනව. මේ ක්‍රමය 2007-2008 වකවානුවෙ තිබ්බ නම් තාම ප්‍රභාකරන් ජීවත් වෙනව. මේ මොනව කරන්නත් කලින් ලංකාවෙ කරන්න ඔ්න මේ සෝෂල් මීඩියා ඔක්කොම බ්ලොක් කරල දාල පාරට එන මිනිස්සුන්ගෙ ඇට තලල හරි මිනිස්සුන්ගෙ විනය හදල හරියට රට ගෙනියන්න පුලුවන් ඒකාධිපතියෙක්. හැබැයි එහෙම කෙනෙක්ටවත් මේක කරන්න පුලුවන්ද කියල සැකයි. ඒ නැතත් මේ රටේ මිනිස්සුන්ගෙ Attitudes හැදෙන්න ඔ්න ඔක්කොටම කලින්. පාරට වාහනයක් දාල බලන්න මිනිස්සු සත්තු වගේ. එහෙම රටක හැමදේම දේශපාලනයට ඇඟිල්ල දික් කරල වැඩක් නෑ. ඔන්න ඔ්කයි යථාර්තය.