ඇමති බන්දුලගෙන් බදු යෝජනාවක්....
කොවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායම් ලබන සියලුදෙනාට 5%ක පමණ බද්දක් පැනවිය යුතු බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අද දෙරණ "බිග් ෆෝකස්" වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
"අධ්‍යාපන සහ සෞඛ්‍ය වැනි සමාජ සුබසාධන අංශ පවත්වාගෙන යාම සඳහා අඩුම තරමේ "සමාජ සංරක්ෂණ දායක මුදල" කියලා සියයට 5ක වත් බද්දක් පනවන්න ඕනේ. ආදායම් මට්ටම්වල වෙනස් නැතුව සාමාන්‍යයෙන් ලක්ෂයකට වඩා වැඩි මාසික ආදායමක් තිබෙන සියලුදෙනාගෙන් "
මෙහෙම එකක් පටන් ගත්තොත් නම් ලංකාවෙ සෑහෙන ප්‍රමාණෙකට ගෙවන්න වෙනව. පාර්ලිමේන්තු මන්ත්‍රීල නම් මේකෙන් නිදහස් වේයි. මෙහෙම ගෙවල හරි රට ගොඩ යනව නම් මගෙ අකමැත්තක් නෑ. කට්ටිය මොකෝ හිතන්නෙ?

