Digi media, pro media CD කඩ දෙක මතකද?
ඉස්සර තව තිබ්බා winboost කියලා software එකක්.
එකෙන් පුළුවන් වින්ඩෝස් වල එක ඒක දේවල් custormize කරන්න. Start button එකේ නම මාරු කරන්න වගේ දේවල්..
ඕකෙන් වෙනස් කරහම හෙන සිද්දිය.
ඊට පස්සේ තව තිබ්බා system mechanic කියලා එකක් පට්ට. එකෙන් registry එකේ snapshot එකකුයි drive වල වෙනස් වෙච්ච files මොනවද කියලා හොයන්න පුළුවන් before and after.
මම කරන්නේ winboost එකෙන් සිටින එක enable කරන්න කලින් snap shot එකක් ගහලා වින්ඩෝස් එකෙන් සෙට් එක හදලා ආයෙ snapshot දෙක කොම්පයා කරල බලනවා Winboost වල මොනවද වෙනස් වෙලා තියෙන්නෙ කියලා.
ඒ සිද්ධියෙන් windows වැඩ කරන හැටි මාර විදියට ඉගෙන ගත්තා. ඊට පස්සේ malicious code කරන්න පටන් ගත්ත ආතල් එකට.
Windows 98 වල තිබ්බ bootable Disket එකක් හදන්න batch ප්‍රෝග්‍රෑම් එකක්. Windows වලම බිල්ට් ඉන් එන.
ඒක right click කරලා edit කරපුවාම කෝඩ් එක පෙනුනා. ඊට පස්සේ format /autotest කියන dos command එක එතනින් තමයි ඉගෙන ගත්තේ. ඕක wendows වන autoexec.bat file එකට දැම්මහම windows restart කරපුවාම computer එක auto format වෙනවා. ඒක තමයි පළවෙනි malicious code එක.
ඉස්සර ප්‍රෝගැමින් කරන්න හෙන ආසාවක් තිබ්බා, හේතුව වෙන මොකවත් නෙමෙයි virus හදන්න.

පට්ට interesting ඒවායේ coding. McAfee නොටන් වල virus update file එකක් එනවා cd වල.
ඒවට අහු වෙන virus අරගෙන code එක මොඩිෆයි කරලා ආයේ පතුරවනවා අහු නොවෙන්න.
Html redloff, වගේ එක එක ඒව තිබ්බා ආයෙත් customize කරපු.
පස්සෙ කාලෙක වුන සිද්දියක් නිසා එදායින් පස්සෙ ඒ වැඩේ නැවැත්තුවා.