90 දශකයේදී අපි TECHNOLOGY එකත් එක්ක කාපු කටු

ruvi777cute

Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    FLOPPYAK 1.4 MB නේද?
    ------ Post added on Sep 23, 2021 at 6:55 PM
    ow ban, mang O/L karata passe computer course ekak kara kandy walin (1997), (near Piachaud lane i think)
    ethokata arngiye 5.25" disk eka.
    igana gathe okkoma DOS base ekin, anit lab ekin windows 95 PCs tibuna

    CD:
    MD:
    CLS:
    :cry:

    525.jpg
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,096
    5,890
    113
    canada
    හරියට හරි බං... ඒ ගත්ත අත්දැකීම් ආයෙ පොඩි පරම්පරා වලට ගන්න තියා හිතන්න වත් බෑ.. යකෝ අපි කොච්චර දේවල් තනියම අපි විසින්ම හොයාගෙන තියෙනවද?? අද වගේ පට ගාලා ගූගල් කරන්න බෑනේ... මොන දේ උනත් අපි විසින්ම ප්‍රශ්න නිරාකරණය කරගන්න හැටි ඉගෙනගත්තා... ඔය පිටකොටුවේ ගේම් එහෙම විකුණන උංගේ සත්තම කොහොමද... යකඩෝ කන්න දෙන සල්ලි ඉතුරු කරලා තමයි ඕවා ගන්නේ... ගෙනල්ලා වටේටම බෙදනවා දෙයියා වගේ... අර කිව්වත් වගේ ඉතුරු කාලේ සෙල්ලමටත් යෙදෙව්වා නේ බං... අම්මපා වරමක් දෙනවා නං මං ආයිත් යන්නෙම ඔය කාලෙට...😍😍😍 දුකයි දැං ඉන්න උං දැක්කාම...😓


    අපොයි මොනවට කියනවද ඒ ගැන... අන්තිමට අහක බලාගෙන install කරන්න පුලුවන් ගානට මං නං format කරලා ඇති... ඇයි බං. එකපාරටම text ඔක්කොම අප්‍රබංස වෙනවා... Hard එක ගලවං කොහෙට හරි ගිහිං format කරගෙන ඇවිල්ලා ආයෙ දානවා...😱😱
    ------ Post added on Sep 22, 2021 at 9:27 PM

    Windows + low spec computer hardware එක්ක වැඩ කරනවා කියන්නේ යුද්දයක්. එක පාරටම පරිගණකය freeze වෙනවා. එපා වුනාම අයිත් format කරනවා.

    විස්වාස කරන්න, මම Visual C++ ඉගෙන ගත්තේ Thailand හමුදුරුනමක්ගෙන්. හාමුදුරුවෝ පන්සලේ පන්ති කරනවා. පරිගණක සහ පහසුකම් පිටරට දානපතියන්ගෙන්. පන්සලේ අනාත ළමයින්ට උගන්වනවා, බලාගන්නවා. අපි උදේ පන්සලේ ළමයින්ට උගන්වලා හවස හාමුදුරුවන්ගෙන් ඉගෙනගන්නවා. සිංහලෙන් හාමුදුරුවෝ කතාකරනකොට හිනාත් යනවා.
     
    Last edited:
    • Like
    Reactions: HSW, kpg and waca

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,823
    113
    JAPAN

    හලෝ? සල්ලි ඉවරයි!


    මම ඉස්සර කෑල්ලට (දැන් වෛයිෆ් ඉස්කෝලෙ නවය වසෙරෙදි යාලු උනේ)කෝල් කරන්නෙ ටෙලිකොම් පෝන්බූත් එකෙන් රුපියල් පහට විනාඩි 9ක් කතා කරහැකි රෑ නමයෙන් පස්සෙ.හැමදාම රුපියල් 50ක කතා කරනව. ඔය පෝන් බූත් එකත් එක්ක මගේ මාර මතක සෙට් එකක් තියෙනව බන්

    එක පාරක් පොලිස් කාරයෙක් මම කතාකරද්දි ඇවිල්ලා පෝන් එක ඉල්ලුවා ඒකා කිව්වේ එක රුපියල් පහක කතාකරල දෙන්නම් කියල මම කලින් ඉදන් දන්න එකෙක් මචන් කියල කතා කරන එකෙක්.මම ඒක නිසා ඌට දුන්න පෝන් එක මේකගෙ පහ දහය උනා පහලොව උනා.පස්සෙ මේක තිබ්බට පස්සෙ මම කිව්ව මචන් කරපුවැඩේ කැතයි නේද කියල.මූ එක පාරටම මට කියපි තෝමට මචන් කියන්නෙ එපා කියල(ඒක උනිෆෝම් හිටියෙ) මට මාරය නැග්ග මම කිව්ව ඇයි උබට හාමු මහහත්තය කියන්නද කියල.කොහොමහරි වලිය දුරගිහින් මුගේ පොලිස්සෙට් එකත් බැස්ස දැන් මම තිනියෙන් මුගේ පහක් විතර.මම මේකගෙ පොලිස් නම්බරේ මතක තියාගෙන ගියා පොලිස් මූලස තානෙට ගිහින් දැම්ම පැමිනිල්ලක්.ඔහොම මාසයක් විතර ගියා.දවසක් උදේ අපෙ අම්ම ගේ ඇතුලෙ මට බනිනව පැලෙන්න "මේ ගෙදර තව කොල්ලො දෙන්නෙක් ඉන්නව උන් දෙන්න වගේද මේ චූටිඑකා මූ අපේ මූනෙ දැලි ගෑව කිය කිය."

    බැලින්නම් මගේ පැමිනිල්ලට ඉන්කොවරි කරන්න පොලිසියෙන් අපේ ගෙදර ඇවිල්ල. මල නඩුවයි.පොලිසියෙන් ආපු නිසා වටේ පිටේ සෙට් එකත් අපේ ගෙදරට ඇන්ටනා කරකවල.
    කොහොම හරි මගේ පැමිනිල්ල විබාග කලේ පොලිස් අදිකාරි කෙනෙක් එයා මගෙ යාලුවෙක්ගෙ තාත්ත කෙනෙක් ගෙ යාලුවෙක්.අන්තිමට සාමන්‍ය පුරවැසියෙකුට පරුසවචනයෙන් බැනීම මරන තර්ජන කීරීම යටතේ අර පොලිස් කාරයගෙ මාස හයක් වැඩ තහනම්.මම ඊට පස්සෙ ඒ බූත් එකට ගියේ නෑ මරදානෙ කාඩිඕලොජි එකලග තියෙන බූත් එකට ගියේ.

    ඔය තියෙන්නෙ පැයගනන් මල් කඩපු පොට් වලින්ග දෙකතුනක්

    පලවෙනෙ තැන තමයි වලිය ගියේ.මම තාමත් ලන්කාවට ගියාම ඔයතැන් හැම එකක් ම බලන්න යන බන්.ඒව තාමත් මාර ලස්සන මතක.තව මරු සීන් මට වෙලා තියෙනව ඔය පෝන්බොක්ස් හුටපටේ නිසා.

    Screenshot_20210923-231450_Maps.jpg


    1_Screenshot_20210923-231550_Maps.jpg



    1_Screenshot_20210923-231711_Maps.jpg
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,102
    885
    113
    33
    Srilanka
    මේක දකින හැම වෙලේම මට මතක් වෙන්නේ BITCOINS මම ඉස්සෙලම BITCOINS ගෙන කියෙව්වේ මේකෙන්
    අ දවස් වල free BITCOINS 02 ක් දුන්නලු acc එකක් හදපු ගමන් , එක තිබ්බත් මේ වෙද්දී
    Maath 2009 period wala Singapore innakota, ehe porak kiwwa bitcoin kiyala deyak, mang ganan Gath ne..
     
    • Like
    • Sad
    Reactions: kpg and errors

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Ape paththe mulinma ADSL connection gaththe api.

    Laptop wala built in wifi nathi kaale pita raten USB wifi adapter ekak gennagena wifi pawichchi karala thiyenawa
     
    Last edited:
    • Like
    Reactions: kpg and Kolama

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    සෙල්ටෙල් මුලින්ම ආවේ ගඩොල් බාගේ ෆෝන් එක. රතු පාට LED display එකක් තිබ්බේ. සිග්නල් හොයන්න කඳු නැගනෙන යන්න ඕන.
    මෙන්න මේක:
    0100UgLYKcwrRAm4ERaLAO6.1569508773.fit_lim.size_800x440.jpg


    ගේම් ගෙනිච්චෙ 3.5" ෆ්ලොපි ඩිස්ක් සෙට් වල. ඩිස්ක් එක ශුවර් නැති නිසා සෙට් 2ක් pk-zip හරි RAR වලින් ගහනවා.

    ඒකාලේ technology සුලබව තිබුනේ නැති එකේ එක හොඳක් තිබ්බා. සබ්ජෙක්ට් එක ඉගෙනගෙන තමයි පාවිච්චි කලේ. දැන් වගේ නෙමෙයි. එකේ පාඩුව තේරෙන්නේ අරව මේවා ලීක් උනා, හැක් උනා කියාගෙන දැන් කට්ටිය අඬනවා දැක්කම.
    අනිත් එක කොඩින් කරන උන් නෙට් එකෙන් copy paste කරලා debug කරගන්න බැරුව දැඟලුවේ නෑ. කොඩින් කරන language එක ඉගෙනගෙන කෝඩ් කලේ.
    Ow e kaale thaakshanaya sulabawa thibune nathi hinda api godak dewal igena gaththa. Aduma tharame internet walth e kaale hariyata thibbe Naha. Raa wenakam Inna one off peak time dialup internet use karanna.
     
    • Like
    Reactions: kpg

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    පට්ට පොස්ට් එක.ඔඉටත් අතීතේ අපි.බුදු අම්මෝ කාපු කටු.දැන් මේ සර් නෙමේ තව සර්ලා 10 ක් ආවත් බෑ අසුගණන් වල අපි කාපු කටු ආයේ මතක් කරලා දෙන්න.කොච්චි වල වහලේ ගියේ.
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Windows 3.1 indan use කරා.
    Redhat Linux use කරා enterprise ekak. Eke games lot ekak thibuna CD 4K wage awa
    Ubuntu CD ඉස්සර ගෙදරට තැපෑලෙන් එවනවා. තව sun solaris (oracle) CD එවනවා postal eken free

    2006-2007 කාල තැපෑලෙන් ආපුව..

    20211118_232228.jpg