Fully vaccinated ද ? Dose දෙකම ගත්තද ?
එහෙනම් ඉස්සරහට පිටරට යන්න වගේම රට ඇතුලේ පොදු ස්ථාන වලට යන්නත් vaccine card එක අරන් යන්න වෙයි. Vaccine card එක අරන් යනවට වඩා ලේසී නේද ඒක ඔයාගේ ෆෝන් එකේ තබ්බොත්. ඒකට තමයි Smart Vaccination Certificate (SVC) එක ඕන වෙන්නේ.
මේක ගන්නේ කොහොමද?
ගන්න විදි දෙක්ක තියෙනව. Online ගන්නත් පුලුවන්. තමන් ඉන්න ලිපිනයට අදාළ MOH එකට ගිහිල්ලත් පුලුවන්.
මේක ගන්න මොනවද ඕන වෙන්නේ ?
NIC එක, Passport එක, Vaccine card එක
ගන්න විදිය
Online ගන්නව නම් දවස් 14ක් වගේ යනව. පහල තියෙන link එකට ගහිල්ලා අහල තියෙන දේවල් පුරවලා submit කරන්න තියෙන්නේ. https://covid-19.health.gov.lk/certificate/ (මේක රට යන්න ඉන්න අයටම හදපු එකක් නිසා රට යන්න ඉන්න දවස තහවුරු කරන Document එක්ක upload කරන්න තියෙනව.)
MOH එකට ගිහින් උඩ කියපු දේවල් ටික දෙන්න විතරයි තියෙන්නේ. විනාඩි 30ක් වගේ යද්දී වැඩේ කරගන්න පුලුවන්. ( අදාල MOH එකේ වැඩ කරන කට්ටිය අනුව තමයි )
මේ මොන ක්‍රමේට ගියත් අන්තිමට ඔයාගේ ෆෝන් එකට SVC එකේ Link එක එනව. ඒක තමන්ට අවශ්‍ය නම් print කරල හරි තියාගන්න පුළුවන්.
. kohomath me yana vidiyata tava maasa 2k yaddi lock down sure. oya ilau tibbath wadak na