සත්වෝද්‍යානයේ නවඅධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස ෂර්මිලා රාජපක්ෂ පත් කර තිබේ. ඇය හෙට (28) සිට එම තනතුරෙහි වැඩ භාරගනු ඇත.
ඇය වියත්මග සාමාජිකාවකද වන අතර 2020 ජුනි මාසයේදී ජනාධිපතිගේ සමාජ මාධ්‍ය ප්‍රධානියා ලෙස ෂර්මිලා රාජපක්ෂ කටයුතු කළාය.
ජාතික සත්වෝද්‍යානයේ අධ්යක්ෂ ජනරාල් ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ඉල්ලා අස්වීමෙන් පසු එම පුරප්පාඩු තනතුරට ඇය පත්වනු ඇත.
ජාතික සත්වෝද්‍යානය භාරයේ සිටින අලි ඇතුන් 14 දෙනෙකු මුල් අයිතිකරුවන් සමඟ ලියාපදිංචි කිරීම සඳහා නිදහස් කිරීමට නිකුත් කර ඇති නියෝගයට විරෝධය පළ කරමින් ඉෂිනි වික්‍රමසිංහ පසුගියදා ඉල්ලා අස්වී තිබුණි.
)