ලිංගික අල්ලස් ගන්න ගිය පොලීස් ස්ථානාධිපති මාට්ටු

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    පොලීසියට ඉදිරිපත් කළ පැමිණීල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සදහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය.

    මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කරන පනස් හැවිරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකි.

    අල්ලස් කොමිසම මෙම සැකකාර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම හෝටල් කාමරයක දී අද (28) දහවල් කාලයේදීය.

    image_5cd083a67a.jpg
     
    DjAnomaly

    Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    දැන් මේකට ශරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙද?

    පොළිස් නිලධාරීන් යනු මනුෂ්‍යයෝය. අනික පොලීසියට නැති නීතියක් ක්‍රියාත්මක කරන්න බෑ. ලිංගික අල්ලස් දෙන්න බැරිනන් ගණිකා වෘත්තිය නීති විරෝධී වෙන්න ඕනේ. ගණිකා වෘත්තිය නීති විරෝධී පොඩි මිනිහට විතරයි.
    ------ Post added on Oct 29, 2021 at 5:38 AM
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පොලීසියට ඉදිරිපත් කළ පැමිණීල්ලට සාධාරණයක් ඉෂ්ට කර දීම සදහා කාන්තාවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලූ වනාතවිල්ලුව පොලීසියේ ස්ථානාධිපතිවරයා අද (28) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සභාවේ (විමර්ශන) අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක විතානගේ මහතා පැවසීය.
    http://www.dinamina.lk/2021/10/29/පුවත්/133566/වනාතවිල්ලුව-පොලිසියේ-oic-අල්ලස්-දැලේ?page=1

    මතක තියාගනිං, සරත් වීරසේකර මහත්තය තමයි පොලිසිය බාර ඇමතිතුමා, මෙහෙම නිළධාරින්ට හොදට සලකන හැටි ඒතුමා දන්නව... හරිය...?
     
    • Haha
    Reactions: SLK_sri

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    දැන් පොලිස් වල උන්(තරුණ අය) වැඩිය පගා සීන් වලට යන්නේ නෑ. දැන් මිනිස්සු නීතිය ගැන් පොඩි දැනුවත් වීමක් තියෙන හින්දා ඕවගේ එවට ගොඩක් අහුවෙන්නේ ටිකක් වයස අය, නැත්නම් ඔය ඉස්සර දේසපාන පත් වීම වලින් වගේ ආපු මෙලෝ දැනුමක් නැති ගොබිලයෙක්, or කාලයල් තිස්සේ කරපු එකෙක් තමයි. හැබැයි පගා ගන්න එකා කොහොමත් අහුවෙන්නේ නැතිවෙන්න ගන්න දන්නවා.

    බීලා පැදලා, ලයිසන් නැතුව ගිහිල්ලා අහුවුනාම පොලිසියෙ කනෙක්ශන් එකක් නැත්නම් සොරිම තම‍යි. අදු‍රන එකෙක් හිටියත් රෑ එහෙම ඇල්ලුවොත් පොලිසියේ උන් කරන්නේ දැන් phone switch ඕෆ් කරගන්න එක. ලියලම තම‍යි නතර වෙන්නේ. පගා වලින් හම්බ වෙනවට වඩා ඕවගෙ කේස් ඇල්ලුවම් පොලිසියේ අයට reward එකක් හම්බ වෙනවා.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    දැන් මේකට ශරියා නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙද?

    පොළිස් නිලධාරීන් යනු මනුෂ්‍යයෝය. අනික පොලීසියට නැති නීතියක් ක්‍රියාත්මක කරන්න බෑ. ලිංගික අල්ලස් දෙන්න බැරිනන් ගණිකා වෘත්තිය නීති විරෝධී වෙන්න ඕනේ. ගණිකා වෘත්තිය නීති විරෝධී පොඩි මිනිහට විතරයි.
    ------ Post added on Oct 29, 2021 at 5:38 AM
    උඹ ලිංගික අල්ලස් ගන්න එකෙක් නේද?
     
    • Haha
    Reactions: DjAnomaly