🏠 ගෙදර යට තට්ටුව හදලා ඉවර කලා 👨‍👩‍👧

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,948
    11,685
    113
    සිංහලු මම ගෙදර යට තට්ටුව හදලා ඉවර කරලා පදිංචි උනා. රටේ දැන් තියෙන ආර්ථික අර්බුදයත් එක්ක බලද්දී පදිංචියට සුදුසු විදියට සම්පුර්ණයෙන්ම ගෙයක් හදල ඉවර කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. ඉතිං මේ ත්‍රෙඩ් එක දැම්මේ සන්තෝසෙට.

    මට ගේ හදාගන්න ගොඩක් අය අදහස් දුන්නා මෙන්න මේ ත්‍රෙඩ් එකෙන්. මේක ගොඩක් අයට වැදගත් උනා වගේම එළකිරි සම්මාණ උළෙලේ “ප්ලැටිනම් සම්මානය” පවා හිමි කරගත්තා. අලුතෙන් ගෙවල් හදන අය කැමතිනං මේ ත්‍රෙඩ් එක බලලා ඒක දිගටම ඇදගෙන යන්න කියලා මම ආරාධනා කරනවා

    Amaruwe Nowati Geyak Hadamu (mega thread)

    දැන් මම ගොඩ ගියාට මේකේ ඉන්න ගෙවල් හදන ගොඩක් කොල්ලෝ තාම ඉවර කරගන්න බැරුව නන්නත්තාර වෙලා ඇතිඅනේ මන්ද බං මේ අවුරුද්දේ අලුතෙන් ගෙයක් හදන්න හිතන් ඉන්න රුපියල් ලක්ෂෙකට වඩා අඩු පඩියක් ගන්න රාජ්‍ය/පවුද්ගලික අංශ දෙකේම කොල්ලෝ කොහොම ගෙයක් හදාවිද කියලා හිත ගන්නවත් බෑ.

    බඩු ගිණි ගණන්, සමහර බඩු ගණන් උනාට ගෙවන ගාණට වටින්න්නේ නෑ, බඩු ගන්න නෑ, තිබ්බත් අපිට ඕනේ එක නෑ, බාස් කුලිය වැඩි වෙලා, ප්‍රවාහන කුලිය වැඩි වෙලා, එකී නොකී ප්‍රශ්න ගොඩඉ.

    මම හදන්න පටන් ගත්තේ 2018, ඉවර කලේ 2021. මගේ බබා හම්බුන නිසා ගෙදර වැඩ අවුරුද්දකට වඩා කෙරුනේ නෑ. මචන්ලා උඹලට අඩුම ගානේ ඉඩමක්වත් නැත්තන්, එහෙමත් නැත්තන් ගෙයක් හදන්න හිතන් ඉන්නවනං මගේ උපදෙස නං එක දවසක්වත් වැඩ පරක්කු කරන්න එපා. ගෙවල් හදද්දී ලැබෙන දැනුම නං වටිනවා තමා, එත් බං උඹට රස්සාවට ගියාම ගෙදර වැඩ ටික බලන්න කෙනෙක් නැත්තන් හරි හැමදාම ගෙදර එන්න බැරි නං හරි වැඩේ සැහෙන්න අමාරු වෙනවා. පුදුම චාටර් එකක් කන්න වෙන්නේ. ඒ නිසා හොඳ ගානකට අවොත් පුළුවන්නන් හදපු ගෙයක් ගනිල්ලා.

    දෙවෙනි තට්ටුව කවදා හදන්න වෙඉද දන්නේ නෑ. උඹලට සල්ලි තියෙනවා නං ගෙවල් හදලා කුලියට දියල්ලා. ඉස්සරහට ගොඩක් උන් ගෙවල් හදන එකක් නෑ. ගෙයක් නැතුව සදාකල් කුලියට ඉන්න පවුල් ගැන නං පට්ටම දුකෛ. මොකද මමත් පොඩි කාලෙ කුලියට හිටපු නිසා ඒකෙ දුක අත්විඳලා තියෙනවා.

    එහෙනං කොල්ලනේ ලැබුවාවූ නව අවුරුද්දේ උඹලගේ නිවාස සිහිනය සාර්ථක වේවා කියලා ප්‍රර්ථනා කරනවා!!!
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මගේ යාලුවෙක් පට්ට සිරා ගෙයක් හැදුවා. ඌ හෙන බිසී ඌට බලන්න විදිහක් නැති නිසා ඌ ඉස්සෙල්ලම කරේ බිල්ඩින් සයිට් එකට CCTV හයි කරා. ඊට පස්සෙ කන්ට්‍රක් කරන කෙනත් එක්ක ෆෝන් එකෙන් වැඩේ කරේ. ඌ ඉස්සෙල්ලම ගෙදර උඩ තට්ටුව හදලා ඉවර කරගත්තා.