ගෙවල් හදන/හදපු/හදන්න ඉන්න කලුවො වරෙල්ලා

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,693
    75,792
    113
    මුලින්ම කියන්න ඕන හැමදාම ගෙවල් ගැන ප්‍රශ්න අහන එකට සමාවෙන්න කියලා.

    මම කලින් ගෙයක් හදන්න ඔක්කොම රෙඩි කරලා ඉන්නකොට අලුතින් ඉඩමක් සෙට් උනා, ඉතින් ඒ ඔක්කොම කැන්සල් කරලා අලුත් එකේම ගෙදර හදලා පදිංචිය වෙනස් කරන්න තමා ඉන්නෙ.

    මෙන්න මේකයි ප්‍රශ්නෙ, ගෙදර අපි පදිංචි උනාට හදිස්සියකදි ගෙදර විකුනන්න හිතන් ඕක හදන්න ඕන කියලා තමා මම හිතන්නෙ. ඒ හින්දා මට හිතෙනවා 2 car garage එකක් ගහන්න. තනි කාර් එකට අඩි 10 x 20 ඇති මම හිතන්නෙ, ඒත් 2ක් දානවානම් කෙලින්ම අඩි 20 x 20 (වර්ග අඩි 400)ක් තියෙන්න ඕනා. ඕක ඉතින් ලොකු ඉඩක්. සීන් එක තියෙන්නෙ මට තියෙන්නෙ එක වාහනයයි. මටනම් හිතෙන්නෙ නෑ මම තව එකක් ගනී කියලා. එතකොට මේ ඉඩ මම අනාගතේ වෙන්න පුලුවන් දෙයක් ගැන හිතලා තමා අතාරින්නෙ. එක අතකට ලොකු නාස්තියක්.

    අනිත් ප්‍රශ්නෙ තමා ගෙදර kitchen/pantry කියලා දෙකක් තියෙන්න ඕනද? මම පහුගිය ටිකේ කියෙව්වාම තේරුන දේ තමා pantry කියන්නෙ වෙනම ඉඩක් නෙවී cooking වලට අදාල බඩු ගබඩා කරන්න හදන ඉඩක් කියලා. කුස්සිය ටිකක් ලොකුවට හදලා ඒකේ pantry cupboard ගැහුවොත් ශේප් වගේ හිතෙනවා, අනිත් එක තමා wet kitchen සීන් එක. ඒකටනම් ටිකක් එලියට වෙන්න ඉඩක් හදන්න වෙනවා නැත්තන් ගෙදර ගූ වෙනවා වතුර නාල.

    උඹලගෙ අදහස් මොකක්ද ඔය කාර් 2ක් දාන්න ඉඩ තියන් ගරාජ් එක ගැන? දැන්ම 2ක් දාන්න ඕනද? නැත්තන් විකුනන කාලෙක ගන්න එකාට ඕනම් කොහෙහරි අටවගන්න ඉඩ තියලා අර ඉඩත් ගෙදරට ගන්නද? නැත්තන් අර වැඩි පුර ඕනම් ගරාජ්/වැරැන්ඩා වගේ පාවිච්චි කරන්න පුලුවන් වෙන්න ඩිසයින් කරන්න ඕනද?

    kitchen/pantry සීන් එක ගැන මොකද හිතන්නෙ? දෙකක් ඕනද? නැත්තන් අර මම කියපු විදියට පෑන්ට්‍රි කියන්නේ නිකන් කබඩ් සෙට් එකටද?
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    "මුලින්ම කියන්න ඕන හැමදාම ගෙවල් ගැන ප්‍රශ්න අහන එකට සමාවෙන්න කියලා." :ROFLMAO:
    මේ ත්‍රෙඩ් එකට එළ කමෙන්ට් ටිකක් වැටෙවී කියල හිතෙනවා. :ROFLMAO: :rofl:
     
    • Haha
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,792
    113
    "මුලින්ම කියන්න ඕන හැමදාම ගෙවල් ගැන ප්‍රශ්න අහන එකට සමාවෙන්න කියලා." :ROFLMAO:
    මේ ත්‍රෙඩ් එකට එළ කමෙන්ට් ටිකක් වැටෙවී කියල හිතෙනවා. :ROFLMAO: :rofl:
    සමාව අරන් වැඩේ පටන්ගත්තේ නැත්තන් මේකත් අර නදුනා ගෙයක් බැංකු හොයනවා වගේ පෙන්න ගන්න නිසා 🥴 🥴
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,491
    13,160
    113
    🌎
    ගෙවල් bump

    කොහොමත් වාහන දෙකක් ගෙදර දාන්න ඉඩ තියෙන්න ඕනේ. අපේ ගෙදර සෙකන්ඩ් වාහික්ලේ එකක් අරන්, අඹ ගහක් කපන්නත් උනා ඒක දාන්න තැනක් නැතුව. ලොකු land එකක නම් ගෙදර හදන්නේ, ඒ ප්‍රශ්නේ නැහැ.
     
    • Like
    Reactions: tharakaf

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    වාහන දෙකක් දාන්න පුලුවන් වෙන්න හදනවානම් හොදයි..
    ඇයි ඉතින් ඔචර හොදට ගෙවල් හදලා ඒක විකුනන්න හදන්නේ..රටවත් යන්නද..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,792
    113
    වාහන දෙකක් දාන්න පුලුවන් වෙන්න හදනවානම් හොදයි..
    ඇයි ඉතින් ඔචර හොදට ගෙවල් හදලා ඒක විකුනන්න හදන්නේ..රටවත් යන්නද..
    නෑ මචන්, contingency plan එකක් මචන්, අනාගතේ මොනා වෙයිද දන්නෙ නෑනේ. අන්තිමට වියදම් කරලා ඕක නිසා එන buyersලා ගාන filter වෙන්න ගත්තොත් පාඩුයි කියලා හිතුනා
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,903
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    වාහන දෙකක් දාන්න හදන්න,හදිස්සියකට හරි ඕන වෙනවා. පැන්ට්‍රි එකක් වෙනම ගහන්න. එක කුස්සියේ ඉඩ මදි වෙනවා, ඉස්සරහට යන්න යන්න. එතකොට තව එකක් ගහන්න වෙනවා. ලොකුවට කුස්සිය ගහනවා නන් ඕනේත් නැති වෙයි.
    අපේ නන් garage එකක් කියලා එකක් නෑ, දිග varanda එකක් තියෙන්නේ. Premior දෙකක් දාන්න පුළුවන් දිගක් තියේ.
     
    • Like
    Reactions: tharakaf

    RanRanw

    Active member
  • Apr 22, 2021
    128
    126
    43
    Galle
    අවුරුදු 50 ක් විතර පරණ ගෙයක් තියනව පල 4 වහල තියන කොන්ක්‍රිට් ඉස්තොප්පුව වහල තියන එකක්..මට මේ ගෙදර මොඩිෆ්යි කරගන්න ඕන. ගොඩක් ව්යදම් කරන්න බලාපොරොත්තුවක් නෑ ගේ පරණ නිසා...එන්ටරන්ස් එක ටිකක් අලුත් පෙනුමකට ගන්න ඕන... දන්න කවුරුහරි ඉන්නවද..
     
    • Like
    Reactions: SK29 and tharakaf

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මුලින්ම කියන්න ඕන හැමදාම ගෙවල් ගැන ප්‍රශ්න අහන එකට සමාවෙන්න කියලා.
    කට උල් කරගෙන ආවේ හැමදාම ගෙවල් ගැන ප්‍රස්න. හැබැයි හදන ගෙදරක් නෑ කියන්ඩ. එහෙම්ස්ම ගිලගත්තා
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,714
    113
    "මුලින්ම කියන්න ඕන හැමදාම ගෙවල් ගැන ප්‍රශ්න අහන එකට සමාවෙන්න කියලා."
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,606
    113
    Earth
    වාහන දෙකක් වත් දාන්න හදන එක හොදයි කියලා තමා මට හිතෙන්නෙ. ඉඩම් වල ගනන් වැඩි වෙන නිසා ඉස්සරහට විකුනන්න ඕන උනොත් ගන්න කෙනාට වාහන 2ක් දාන්න ඉඩ තියෙන එක මාර්කට් කරන්න පුලුවන්. දැන් හුගක් අයට වාහන 2 තියෙනවා (Wifeට එකයි Husbandට එකයි)

    Kitchen එක ගෙදර අනිත් තැන් වලට පේන්න හදන්නෙ නැත්නම් , ඒක Wet Kitchen එකක් විදියට කෙලින්ම පාවිච්චි කරන්න පුලුවන්. 2 Story නම් පහලට එක කාමරයක් වගේ Plan කරොත් මේක කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,693
    75,792
    113
    වාහන දෙකක් වත් දාන්න හදන එක හොදයි කියලා තමා මට හිතෙන්නෙ. ඉඩම් වල ගනන් වැඩි වෙන නිසා ඉස්සරහට විකුනන්න ඕන උනොත් ගන්න කෙනාට වාහන 2ක් දාන්න ඉඩ තියෙන එක මාර්කට් කරන්න පුලුවන්. දැන් හුගක් අයට වාහන 2 තියෙනවා (Wifeට එකයි Husbandට එකයි)

    Kitchen එක ගෙදර අනිත් තැන් වලට පේන්න හදන්නෙ නැත්නම් , ඒක Wet Kitchen එකක් විදියට කෙලින්ම පාවිච්චි කරන්න පුලුවන්. 2 Story නම් පහලට එක කාමරයක් වගේ Plan කරොත් මේක කරගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
    කොහොමත් යට 1 bedroom + bathroom හදන්න ඕන මචන්.