කාබනික පොහොර යොදන ආකාරය ගැන ජනතාවට තේරුම් කර දීමට ඉදිරි යල කන්නයේදී යුද හමුදාව යොදවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙසේ පැවසූවේ මොනරාගල සියඹලාණ්ඩුව ප්‍රදේශයේදී ගොවීන් පිරිසක් හමුවූ අවස්ථාවේදීය.
එන්නත් පමණක් නොව අද සෑම දෙයක්ම තේරුම් කර දීමට සිටින්නේ හමුදාව බවද ජනාධිපතිවරයා කීවේය.
සමහර වගාවන් සඳහා ගොවියන් පුරුදු වී සිටින යූරියා වැනි පොහොර ගෙනැවිත් දීමට තමාට හැකි බව පැවසූ රාජපක්ෂ මහතා සෑම දෙයකටම පෙර තමා ගැන විශ්වාසය තබා කටයුතු කරන්නැයි ඉල්ලීමක් කරන බවද සඳහන් කළේය.