ලංකාවට ගොඩක් දුරට බඩු එනව. ලංකාවට ආවට පස්සෙ මොකක් හරි ප්රශ්නයක් තියෙනව.
ගොඩක් බඩු මම හිතන්නෙ කඩල බලනව. ඕක කිසිම ප්රමිතියකට කරන දෙයක් නෙමෙයි. ඇඩ්රස් තියෙන තැනකින් ඉරුවොත් ඒක මිසින්. ගොඩක් බඩු එන එක දැන් සෑහෙන්න ප්රමාද අලි එකෙන් එවන්න නෙමෙයි. එන බඩු ලංකාවට ආවම මොකක් හරි දෙයක් වෙනව.
සමහර බඩු ඉක්මනින් එනව. Tracking තියෙන ඒව බහුතරයක් ලංකාවට ආව කියලත් දැනුවත් කරල තියෙද්දි... මාසයක් ගියත් බඩු ගෙදරට එන්නෙ නැත්තං එතන මොකක් හෝ අවුලක් තියෙනව. මේක දැන් ඉස්සරට වඩා ඕනෑකමින් ම ප්රමාද කිරීමක් කරනවද කියලත් සැකයි. ඒ වගේම තව අලුතින් අලි එකෙන් බඩු ගන්න කෙනෙක්ට වඩා කාලයක් තිස්සෙ බඩු ඕඩර් කරපු කෙනෙක්ට ප්රමාද වීම වැඩියි. ඒකට හේතුවක් තියෙන්න ඕනෙ.