අක්මීමන, බටදූව ප්රදේශයේ පිහිටි ක්රිශාන්ත පුෂ්පකුමාරට අයත් දේවාලයකදී 16 හැවිරිදි දැරියකට සිදුවූ ලිංගික අපයෝජනයක් සම්බන්ධයෙන් අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
ඉන් චෝදනා එල්ල වුණේ දකුණු පළාත් සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්රී ක්රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරංටයි.
නීතීඥයකු මාර්ගයෙන් අද උදෑසන අක්මීමන පොලිසියට භාරවූ මන්ත්රීවරයා එහිදී අත්අඩංගුවට ගැණුනා.
අනතුරුව සැකකාර පළාත් සභා මන්ත්රීවරයා ගාල්ල අතිරේක මහේස්ත්රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර මහේස්ත්රාත්වරයා නියෝග කලේ රුපියල් ලක්ෂ 5ක ශරීර ඇප 2ක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත සැකකරු මුදා හැරීමටයි.
https://blog.hirutv.lk/news/7589/බාලවයස්කාර-දැරියක්-අපයෝජනයට-ලක්-කළ-බවට-චෝදනා-ලැබූ-පළාත්-සභා-මන්ත්රී-රත්තරන්-ඇප-ලැබීමෙන්-පසු-කී-කතාව
චීන කත දුෂණය කළැයි චෝදනා ලද රත්තරං ඇප මත නිදහස්
හිටපු දකුණු පළාත් සභා මන්ත්රී ක්රිශාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් සහ ඔහුගේ රියැදුරු වන විතානගේ කැළුම් සමීර හෙවත් සුදා යන සැකකරුවන් දෙදෙනා අද අත්අඩංගුවට ගැනිණ.
ඒ, චීන ජාතික කාන්තාවක දූෂණය කිරීමේ චෝදනා මතයි.
නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් පසු අද පස්වරුවේ අධිකරණයට ඉදිරිපත් කෙරිණ.
එහිදී එක් අයෙකු රුපියල් දස දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින්වූ ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල අතිරේක මහේස්ත්රාත් පවිත්රා සංජීවනි පතිරණ මහත්මිය නියෝග කළා ය.
සැකකරුවන්ගේ විදේශ ගමන් බලපත්ර අධිකරණය භාරයට ගැනීමට ද අතිරේක මහේස්ත්රාත්වරිය නියෝග කර සිටියා ය.
සමූහ ලෙස 36 හැවිරිදි චීන ජාතික කාන්තාවක දූෂණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට එරෙහිව පැමිණිල්ල ගොනුකර කර තිබේ.
https://www.headlinenews.lk/හිටපු-පළාත්-සභා-මන්ත්රී/