ඔය Ryobi brand එක ඒ තරම් හොඳ එකක් නෙමයි
නෙට් එකේ ගොඩක් එවුන් හොඳයි කියලා කියන්නෙ හෙනම ලාබෙට හම්බෙන නිසා, කල් පැවැත්මක් ඇත්තෙම නැහැ. මම පොඩි පොඩි අයිටම් දෙක තුනක් ගත්තා ලංකාවෙ ගන්න තියන නමක් ගමක් නැති චයිනීස් අයිටම් වල කොලිටිය තියෙන්න, highly dissapointed.
මම ජෙනි ගැන හෙනට හෙවුවා පහුගිය ටිකේ, ලංකාවෙ තියන 2-4KW ඩීසල් ජෙනි 80%ක්ම අර ලයිට් ටවර් වලට හදපුවා, ඒක නිසා voltage එක/freequency එක ස්ටේබල් නැහැ ගෙදරකට හරියන්නෙ නැහැ උපකරන වලට ඩැමේජ් වෙන්න චාන්ස් එකක් තියනවා
5KVA ගන්නවා නම් Denyo වගේ brand එකකින් ගන්නවා නම් ඔය අවුල් නැහැ, මෙහෙ බ්‍රැන්ඩ් නිවු තියනවා ලක්ශ 11ක් විතර වෙනවා
මූලිකම අයිඩියා එක Air compressor එක යූස් කරන එක නං, ලාබෙට එන්ජින් එකක් අරගෙන ඒකෙන් කෙලින්ම Air compressor එක එන්ජිමෙන් දුවන්න හදාගන්න පුලුවන්නේ,
අනෙක් බඩු වලට පොඩි ජෙනියක් ගන්න පුලුවන්
මමත් Off grid සෝලා ගැනත් හෙවුවා, 5KVA 3phase ඕන නම් ඉන්වර්ටර් වලට ලක්ශ 3ක් වත් යයි චයනීස් ඒව ගත්තත්, (5KVA 3phase ඒව දැකල නැහැ, 5KVA සින්ගල් පේස් ඒව දෙකක් පැරරල් කරලා තමයි 3phase ගන්න වෙන්නෙ )
තව පැනල් වලටත් ලක්ශ 4ක් විතර යනවා(5KW දැම්මොතින්), ලයිට් නැති වෙලාවට පැනල් වලින් විතරක්ම දුවන්න බැහැ පොඩි හරි බැටරි බැකප් එකක් ඕන, ඒකටත් ලක්ශ 2ක් විතර යනවා
තව අනෙක් බඩු වලටත් ලක්ශයක් වත් යයි. 1M වලට ආසන්න ගානක් යයි රිලයබල් සොලූශන් එකක් හදා ගන්න.