සේපාලී - Sadara Bandara

nerodroid

Well-known member
  • Jun 29, 2017
    365
    785
    93
    I guess the name of the mother of Poddiye is Sepali.
    මේකෙදි සේපාලි මැරිලනෙ... පොඩ්ඩිගෙ අම්මා වයසටත් යනවනෙ... එක ලගින් යනවා තමා...ඒත් කතා දෙකක්
     
    • Like
    Reactions: Sandy_Fdo

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    Ruwanthi Jayathilake 6 days ago

    කවියකින් ඉපදුණු ගීතයක් තුළ අපි හොයන කතන්දරයක්...!
    "සේපාලී " ______________

    කවුද මේ සේපාලී ....? කාගෙ කවුරු වෙන්න පුළුවන්ද මේ සේපාලී.....? දන්කද නැති දාට රන්කද වී පෙනිලා ලොකු හාමුදුරුවෝ අණකර බණ පද එවුවා" එහෙම ඇහෙන්නෙ පොඩ්ඩියේ ගීතයෙන්, "දුන්කොල කපා වේලා දහවල අවුවේ පන්දම අරන් රෑ පන්සලටත් දිවුවේ.....' ඒ සේපාලී..... පොඩ්ඩිගෙන් පස්සේ අදුරගන්න සේපාලී පොඩ්ඩිගෙ ඥාතියෙක් කියලා තක්කෙටම මම කියනවා නෙවේ...එහෙම හිතන්නට වාරණ කොහෙවත් නැති නිසාවෙන් මගෙ ඔළුවෙ ඇදෙන රූප මම සමහර සිදුවීම් එක්ක ගළප ගළපා හැඩ බලනවා...ඒක වෙලාවකට මහ අසාධාරණ තිරිසන් හිතිවිල්ලක් වෙන්න පුළුවන් . නීරික්ෂණ නිගමන වෙලාවකට මට අනුව මාවලස්..

    "ඇස්දෙක මුහුණ ඉගටිය හපකළ මාළු ලස්සන මළකදක් ගඟ ළඟ තිබුණාලු උස්සලා බැලුවමුත් ඇදි රෙදි කඩමාලු විස්තර කිසිත් හදුනන කිසිවෙක් නෑලූ...."

    පණ තියෙද්දී ඇගේ ආත්මය හපකරපු සාතන්ගෙ පැටවු කවුරුන්දැයි නොදැන ප්‍රාණය නිරුද්ධ වෙච්ච සිරුර හප කරන මාළුන්ට සාප කරන්නෙ කොහොමද... ඇස්දෙක ඉගටිය මුහුණ හපකරලා තිබ්බට ඔහු අපිට කියනවා ඒක ලස්සන මළකදක්ලු.....ඇගේ දැවටිච්ච රෙදි කඩමාලු උස්සලා බැලුවත් හැමෝටම තිබිලා තියෙන්නෙ එකම එක උත්තරයක් විතරයිලු...ඇයව නාදුනන අය මිසක ඇය හදුනන කවුරුත්ම නැති බව.....ඒක කොයිතරම් සරල සුන්දර පිළිතුරක්ද.....ගැළවිල්ලක් වෙනුවෙන් මැවෙන කොයිතරම් හොද අවස්ථාවක්ද.....?


    "තන්තිරිමලේ වෙහෙරේ කොතටත් වැඩිය
    පින්වත් අය දැකපු සේපාලිගෙ බොඩිය
    දන්නා කෙනෙක් නැති තැන ඉවුරට වැඩිය
    නන්නාදුනන ලෙස දැම්මා සුදුකොඩිය..."

    "බොඩිය" කිවුවම එතන අදහස් කීපයක්ම මැවෙන්න පුළුවන් ....මෙතනදි මෘත ශරීරය කියනවට වැඩියෙන් කවියා විසින් භාවිතයට ගත්ත ඒ වචනය එතනට ඕනවටත් වැඩියෙන් හොඳට ගැළපෙන බවයි මට දැණුනෙ ... තනි සුදු පාටින් සැරසිලා අත්දෙක එකතු කරලා සාදු සාදු කියලා වදින, තන්තිරිමලේ වෙහෙරේ කොතටත් වැඩියෙන් පින්වත් අය දැකපු සේපාලිගෙ බොඩිය අදුරගත්තොත් ඔය පින්වත් පිරිසේ කී දෙනෙක්ගෙ සළු වල තුත්තිරි තියෙන්ට පුළුවන්ද..ඒ හන්දා හොඳම සහ පහසුම විකල්පය ඇය නාදුනන බවට කියමින් ශෝකය ප්‍රකාශ කර සුදුකොඩියක් දාන එක නෙවෙද....? "දුන්කොළ කපා වේලා දහවල අවුවේ පන්දම අරන් රෑ පන්සලටත් දිවුවේ මන්තිරිතුමා ඉදහිට පණිවිඩ එවුවේ පන්සිල් අරන් හිටියත් නෑ බැහැ කිවුවෙ " ඕං මෙතනදි ලොකු රහසක් පද හතරකින් අපිට කියනවා....පෙනේරෙකින් වැලි පෙරෙනවට වැඩියෙන් ගෑණියෙකුගෙන් රහස් පිටවෙනවා කියලා කතාවට කීවට බහුතරයක් දෙනා තමාට දැනෙන අය ඉදිරියේ අතිශයින්ම අවංක වෙන්න උත්සාහ කරනවා....සේපාලීගේ සියළු ශෘංගාර තත්පර ලෝකේටම රහසක් වුණත් ඇගේ සියළු රහස් දැන සිටි කවුරුන්ම හෝ ඉන්න බැරිද කියලා හිතන්න පොළඹවන තැනක් විදියට මට මේ පද හතර දැනුණේ..... හද්දා කාස්ටක අවුවේ ගහකොළ පවා අවධියෙන් ඉන්න වේලේ සියළු දේ නිශ්චලව පවතින අතරේ පන්දමකුත් අරගෙන උලලේනියන් හඩන කදුළටත් කනාමැදිරියන් තාල තියෙන රාත්තිරියේ පන්සලටත් දුවපු දවස් සේපාලිට තිබිලා .....හැමදාම බැරි වුණත් ඉදහිටක එවන පණිවිඩ අතරේ මන්තිරිතුමත් ඉදපු බව පැහැදිලිවම කියනවා....ගිහියෙක් විදියට රකින්න පුළුවන් පන්සිල් පහත් ඇය අතින් විතරක් නෙවෙයි ඔය කවුරු කවුරු අතිනුත් කැඩුණු බව නොකියා කියනවා.....

    "හංගාගෙන වගේ පියයුරුවල සිරිය
    තිබුණා උපන් ලපයක් හරියට හරිය
    දෑගිලි වලට හුරු සේපාලිගෙ බුරිය
    කීවෙමි මමත් මට අදුරන්නට බැරිය....

    මුහුණ කට හදුනාගන්න බැරි වුණත් තමන්ගෙ ඇස්ගෙඩිදෙකට හුරු දේහ ලක්ෂණ එකින් එක සීරුවට ගළපගෙන ඇවිත් අවසානයේ සාදර බණ්ඩාර අයියණ්ඩිගෙ හඬ මැජික් එකක් වගේ එක දෙයක් අපිට අහන්න සලස්වනවා...හොඳට අහන්න අන්තිමම පේළිය...ඒ වචන ටික ගළපන විදිය... දෑගිලි වලට හුරු සේපාලිගෙ බුරිය කීවෙමි මමත් මට අදුරන්නට බැරිය...." "කීවෙමි මමත් මට අදුරන්නට බැරිය" එතන උපදින උත්ප්‍රාසය......ඒ මොහොත තුළ ඔහුගෙ ගැළවුම සිද්ධ වුණත් .....හෘදසාක්කියෙන් ගැළවිල්ලක් කවදා කොතනකදි ලැබේවිද..... සේපාලීලා වගේම තමන්ගේ ආදරය වෙනුවෙන් මරණය තෙක් සටන් කරන්න ලෑස්ති වෙලා උන්නු රත්මලීලා ගැන අහන්න දකින්න ලැබෙන අන්තිමම දවස මේක කියලා කිසිම කෙනෙකුට දිනයක් නියම කරන්නට බැරිවේවී.... මේ මට දැණුන සේපාලී......
     
    • Dislike
    Reactions: Im.Just.a.Fool