තරුණ ජවය - PickMe - Uber - Three Wheel

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    මෑත කාලයේ එනම් 2015 පමණ සිට තරුණ ජවය රටට අහිමි වෙන්න මුලික හේතුවක් තමයි මේ ත්‍රීවිල් වැඩිපුර පාරට වැටීම.

    ඊට සමගාමිව ආහාර කෑම බෙදීමේ රයිඩර් කෙනෙක් වීම බොහෝ දෙනා අතර නැවත ජනප්‍රිය වෙමින් පවතිනවා.

    වයස අවුරුදු 18 සිට 28 දක්වා තරුණයින් බොහෝ දෙනෙක් මේ ආහාර බෙදීමේ ක්‍රමයට හුරු වෙලා ඉන්නවා.
    මෙය ඕනෑම රටකට ඉතා දරුණු ශ්‍රම ප්‍රශ්නයක්.

    තරුණ ජවය වෙනත් වුර්තිය රැකියාවක නොයෙදී, නිකමුන් කිරීමේ අවස්ථාවක් තමයි මේ ත්‍රිවිල් සහ ආහාර බෙදීමේ කලාව.

    වුර්තිය සුදුසුකමක් නොමැතිවීම මගින් ඔවුන්ට ඉදිරියේ වෙනයම් අවස්ථාවක මේ රැකියා අහිමිවීම මගින් විශාල සමාජ වියසනයක් ඇතිවෙනු ඇත.

    ඉස්සර ජර්මන්ටෙක් එකේ ඉඩ නොමැතිව ඇතුළු වීමට අවස්ථාපවා නොමැති කාලයන් තිබුනත් දැන් මැස්සෙක්වත් නොයන තරම වුර්තිය පාඨමාලා හැදෑරීම අඩු වී තිබේ.

    ඇටෙන් පොත්තෙන් එලියට එන විට මෝටර්සයිකල් ලයිසන් එක ගෙන ආහාර බෙදීම හෝ ත්‍රිවිල් රථයක් පාරට දැමීම තරුණයෙකු කල යුතු දෙයක් නොවේ.
    ඔබේ ජවය වෙනත් ශ්‍රමයකින් ලබාදීම ඔබටත් රටටත් යහපත්වනු ඇත.

    මොනයම් රජයක් හෝ මැදිහත්ව මේ තත්වය පාලනය කිරීමට නීති සම්පාදනය නොකළහොත් වෙනත් කටයතු සඳහා විදේශ ශ්‍රමිකයින් ගෙන්වීමට ඉක්මනින් සිදු වනු ඇත.


    වයස 28ට වැඩි අයට හෝ වෙනයම් විදිහකින් තරුණ ජවය මෙවැනි කිසිම ශ්‍රම දායකත්වයක් රටට නොලැබෙන දෙයකට තරුණයින් බඳවා ගැනීම තහනම් කල යුතුය.


     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,343
    86,604
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් තරුණ ජවය ඉවරෝ ජවය ඉවරෝ ගගා පක් ගහන උන් පලකො ලේබරර් ජොබ් වලට. වැඩේ ඉවරනේ. 🤭

    නීති විරෝධී නොවෙන වැඩක් නං කරන්නෙ ජවය බහිනවා ජවය බහිනවා ගගා ඉන්න ගොබ්බයො නං අනේ මන්ද. :dull:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    ඉතින් තරුණ ජවය ඉවරෝ ජවය ඉවරෝ ගගා පක් ගහන උන් පලකො ලේබරර් ජොබ් වලට. වැඩේ ඉවරනේ. 🤭

    නීති විරෝධී නොවෙන වැඩක් නං කරන්නෙ ජවය බහිනවා ජවය බහිනවා ගගා ඉන්න ගොබ්බයො නං අනේ මන්ද. :dull:
    සිංහලවලට ලකුණු කීයද?
     
    • Sad
    • Haha
    Reactions: vito and shenat

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    18-20 එකෙක් 3wheel එලවනවා ...
    අනික කම්පස් යනවා

    35 වෙනකොට - අපි කියමු අර threewheel එලවපු එකා campus ගිය එකාට sir කියාගෙන hire කරල කීයක් හරි හොයා ගන්නවා...
    40 වෙනකොට ඌ චන්දේ ඉල්ලලා දිනනවා ...

    ඊට පස්සෙ අර degree කාරයා මැරෙනකම් ම wheel ස' ට ස' කියාගෙන ජීවත් වෙනවා 😂😂🤪
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    වයස 28ට වැඩි අයට හෝ වෙනයම් විදිහකින් තරුණ ජවය මෙවැනි කිසිම ශ්‍රම දායකත්වයක් රටට නොලැබෙන දෙයකට තරුණයින් බඳවා ගැනීම තහනම් කල යුතුය.
    u kanne bonne kohoma da ?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඒ අයට ට්‍රේනිං එකක් දුන්න නම් ඒවාට යාවි, එහෙම ට්‍රේනිං දෙන්නේ නෑ. ගයිඩ්ලයින් එකක් නෑ, වෘත්තීය මාර්ගෝපදේශනයක් නෑ. ආණ්ඩුව 9 වසරෙන් ඉඳල ළමයින්ට තමන් කැමති ක්ෂේත්‍රයකින් ට්‍රේනිං එකක් දෙනවා නම් හරි. පාසල් වල සවස් වරුවේ එහෙම ට්‍රේනිං එකක් දෙන්න පුළුවන්. දැන් තියෙන වෘත්තීය පුහුණු පාසල් වල අර ශිෂ්‍යයන්ට ඕනේ නම් ඉහළ මට්ටමේ සුදුසුකම් ගන්න සළස්වන්න පුළුවන්. ඒ වගේම පාසල් හැම එකකම වෘත්තීය මාර්ගෝපදේශනයක් සපයන ගුරුවරයෙක් පුහුණු කරලා ළමයින්ගේ අධ්‍යාපනය, රුචිය අනුව ඒ ළමයින්ට කරන්න පුළුවන් දේවල්, පාත් ඕපන් කරගන්න හැටි කියා දෙන්න ඕන. ඉතින් ආණ්ඩුව අතේ තමයි බෝලය තියෙන්නේ. අනිත් එක ත්‍රීවීල් පැදවීම අවුළක් නෑ, අවුළ තියෙන්නේ ඒ ආශ්‍රිත සංස්කෘතියේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,581
    1
    57,709
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ත්‍රීවීල් පදින එකාත් මොකක් හරි සේවයක් සපයල රටට බරක් නොවී ජීවත්වෙනව. ඒවගෙද මාසෙට 75000 පඩියට යුද්දයක් නැතුව බඳවගන්න සෙබලු? තනිකරම රටට බරක්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    ඇත්තක් තියෙනව.
    හදිස්සියකට වැඩක් කරගන්න, හරිහමං වෙල්ඩර් කෙනෙක්, වඩ්ඩෙක්, මේසන් බාස් කෙනෙක් හොයාගන්න නෑ.. අඩු තරමෙ හෝටලේක, කටට රහට කොත්තුවක් දාගන්න පුලුවන් එකෙක් නෑ..,
    ගහක ගෙඩ්ඩක් කඩාගන්න එකෙක් නෑ.

    ඒව කරන්න ඉන්නෙ වයසක අංකල්ල. ඒ මිනිස්සුන්ගෙ ළමයිනුත් ත්‍රීවිල් අරගෙන පාරවල් වල භීශනේ පතුරනව...

    මෝටර් ගැරේජ්, a/c පැත්තටනං ටිකක් කට්ටිය ඉන්නව. ටෙක් යන හැම කෙනාම රැල්ලට කරන්නෙ ඒව හින්ද වෙන්න ඇති...
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    මෑත කාලයේ එනම් 2015 පමණ සිට තරුණ ජවය රටට අහිමි වෙන්න මුලික හේතුවක් තමයි මේ ත්‍රීවිල් වැඩිපුර පාරට වැටීම.

    ඊට සමගාමිව ආහාර කෑම බෙදීමේ රයිඩර් කෙනෙක් වීම බොහෝ දෙනා අතර නැවත ජනප්‍රිය වෙමින් පවතිනවා.

    වයස අවුරුදු 18 සිට 28 දක්වා තරුණයින් බොහෝ දෙනෙක් මේ ආහාර බෙදීමේ ක්‍රමයට හුරු වෙලා ඉන්නවා.
    මෙය ඕනෑම රටකට ඉතා දරුණු ශ්‍රම ප්‍රශ්නයක්.

    තරුණ ජවය වෙනත් වුර්තිය රැකියාවක නොයෙදී, නිකමුන් කිරීමේ අවස්ථාවක් තමයි මේ ත්‍රිවිල් සහ ආහාර බෙදීමේ කලාව.

    වුර්තිය සුදුසුකමක් නොමැතිවීම මගින් ඔවුන්ට ඉදිරියේ වෙනයම් අවස්ථාවක මේ රැකියා අහිමිවීම මගින් විශාල සමාජ වියසනයක් ඇතිවෙනු ඇත.

    ඉස්සර ජර්මන්ටෙක් එකේ ඉඩ නොමැතිව ඇතුළු වීමට අවස්ථාපවා නොමැති කාලයන් තිබුනත් දැන් මැස්සෙක්වත් නොයන තරම වුර්තිය පාඨමාලා හැදෑරීම අඩු වී තිබේ.

    ඇටෙන් පොත්තෙන් එලියට එන විට මෝටර්සයිකල් ලයිසන් එක ගෙන ආහාර බෙදීම හෝ ත්‍රිවිල් රථයක් පාරට දැමීම තරුණයෙකු කල යුතු දෙයක් නොවේ.
    ඔබේ ජවය වෙනත් ශ්‍රමයකින් ලබාදීම ඔබටත් රටටත් යහපත්වනු ඇත.

    මොනයම් රජයක් හෝ මැදිහත්ව මේ තත්වය පාලනය කිරීමට නීති සම්පාදනය නොකළහොත් වෙනත් කටයතු සඳහා විදේශ ශ්‍රමිකයින් ගෙන්වීමට ඉක්මනින් සිදු වනු ඇත.


    වයස 28ට වැඩි අයට හෝ වෙනයම් විදිහකින් තරුණ ජවය මෙවැනි කිසිම ශ්‍රම දායකත්වයක් රටට නොලැබෙන දෙයකට තරුණයින් බඳවා ගැනීම තහනම් කල යුතුය.
    1000% hari katahawa.. dan aluthin technical feild ekata kawruwath ennema ne. seramala bike, 3wheel wage dagena easy method hoyanawa, ratakata wedak karanna puluwan tharuna energy eka ohe parak ayne kalaya kaka innawa. shapekshawa kello dan job walata wediyen yanawa. ekata hethuwa wenne kollo wedi denek ya eazy method walata ynawa..

    1. Electrical
    2. plumbing
    3. carpenter
    4. auto engineering
    5. painting

    wage feild wala jobs one tharam tibunata dan aluth un ekek wath owata enne ne. wayasak aya nethi una kaleka owata genna wenne idian un tama. mehe un ekek wath ewa igena ganneth ne wedak karagannath be..
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,387
    1,006
    113
    18-20 එකෙක් 3wheel එලවනවා ...
    අනික කම්පස් යනවා

    35 වෙනකොට - අපි කියමු අර threewheel එලවපු එකා campus ගිය එකාට sir කියාගෙන hire කරල කීයක් හරි හොයා ගන්නවා...
    40 වෙනකොට ඌ චන්දේ ඉල්ලලා දිනනවා ...

    ඊට පස්සෙ අර degree කාරයා මැරෙනකම් ම wheel ස' ට ස' කියාගෙන ජීවත් වෙනවා 😂😂🤪
    true
     
    • Like
    Reactions: Solo Rider

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    ගොඩක් දකුණු අසියා රටවලට මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ.
    PickMe, Uber වගේ ආයතනවලට නීති සකස් වෙන්න ඕන.

    ඉන්දියාවෙන්, පකිස්තාන් මිනිස්සු ගෙන්නලා තමයි ඉස්සරහට මේසන් වැඩ, වඩු වැඩ, කුණු එකතු කරන ඒවා කරන්න වෙන්නේ.
    අතේ පයේ දෙයක් නොදන්නා කොල්ලෝ ත්‍රිවිල් පදින එක, උබර්, පික්මි කරන එක නවත්තල හරි දෙයක් කරන්න පොළඹවන්න ඕන.
     
    • Like
    Reactions: Solo Rider

    hin putha

    Active member
  • Jun 3, 2015
    320
    80
    28
    yanna path nm ona tharam thiyana kala kanni hetta igena ganne neh. mechchara nkn igena ganna thiyanawa eth neh . anthimata wenne kollo okkoma tika wheel padi kello kohom hary gema gahanawa . yako hema thenma den genu puduma genu godak
     
    • Like
    Reactions: Solo Rider

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63
    ත්‍රීවීල් පදින එකාත් මොකක් හරි සේවයක් සපයල රටට බරක් නොවී ජීවත්වෙනව. ඒවගෙද මාසෙට 75000 පඩියට යුද්දයක් නැතුව බඳවගන්න සෙබලු? තනිකරම රටට බරක්
    හරි අපි දැන් ඔබගේ තර්කයට අනුව නව යොවුන් සම වයස් වියේ තරුණයෙන් 02 ක් අරන් ඉන් එක්කෙනෙක් හමුදාවටත් අනෙක් කෙනා ත්‍රිරෝද රථ රියදුරෙක් බවට පත්වෙලා රටට බරක් වෙන්නේ කවුද කියලා විවිධ කරුණු ඔස්සේ සලකා බලමු.

    හමුදා සෙබලා වෙත මුලික හමුදා පුහුණුව ලබා දෙනවා. හමුදා සෙබලෙක් ආධුණික කාලයක් තියනවා. බොහෝ විට වසර 03 ක්. එම පුහුණුවේදි විනය හා හික්මීම තමා අංක 01. නමුත් ත්‍රි රෝද රථ රියදුරු තරුණයාට තම වෘත්තියේදී විනය හා හික්මීම පිළිබදව වෙනත් ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් උපදෙස් ලැබෙනවාද? නැහැ නේද? බොහෝ විට සිදු වන්නේ අපරාධ / දුෂිත සහ නීති විරෝධී ක්‍රියාවන් සදහා අඩිතාලම වැටෙන අවශ්‍ය දැනුම සහ උපදෙස් නේද?
    (උදා:- සිගරට් එකක් බොන්න, බෝතලයක් / අඩියක් ගහන්න, ගංජා කට්ටක් ගහන්න, බඩුවක් ගහන්න, වලියකට සෙට් වෙන්න යන්න, ටික ටික පහු පහු වෙනකොට ගංජා හෝ KG ටිකක් Transport කරන්න, කුඩු ටිකක් Transport කරන්න, Ice ටිකක් Transport කරන්න, මැරවරයොන්ට අවශ්‍ය ප්‍ර‍වාහන පහසුකම් හා සහයෝගය දෙන්න වගේ දේවල්......)

    හමුදා සෙබලාට පුහුණු කාලයේදී ජංගම දුරකථන භාවිතය සපුරා තහනම්. ඉන් පසුව උනත් Recruit නිසා දිගට හරහට රාජකාරී යොදවන හෙයින් දුරකථනය භාවිතා කල හැකි උනත් එයත් ඉතාමත් සීමා සහිත කාලයකට සීමා වෙනවා. ඒ වගේම එම කාලයේදී ඔහුට විවාහ වීම ඉතාමත් මානුෂීය හේතුවක් මත පමණක් අවසර ලබාදීම සිදු කරනවා. එම කාලයේ විවාහවීමට ඇති සම්භාවිතාවය 1% කටත් අඩුයි. නමුත් අපේ ත්‍රිවීල් තරුණයාට දෛනිකව ආදායම ලැබෙනවා. ගන්නවා සුපිරි ෆෝන් එකක්. හයර් නැත්නම් කොයි වෙලේත් ෆෝන් එකේ. පොඩි ඉස්කෝලේ යන කැල්ලකට ට්‍රයි කරනවා. ඒකි set වෙනවා රැයක් දවාලක් නැතිව මල් කඩනවා, හම්බ කරන සල්ලි ඔක්කොම ෆෝන් එකට කාඩ් දානවා. ඔහොම යද්දි කැල්ලව අරන් අදිනවා room එකට. එහෙමත් නැත්නම් කෙල්ලගේ ගෙදරට කොට්ටක් පනිනවා. නැත්නම් කොහේ හරි කැලේකට හරි කොහොමත්ම බැරි නම් තමන්ගේ ත්‍රිවිල් එකේදි හරි කෙල්ලගේ පෙට්ටිය කඩනවා. දෙකම අඩු වයසේ අත්දැකීම් අඩු නිසා හිටිනවා බබෙක්. ඒක දැනගත්ත ගමන් නීති විරෝධී ගබ්සා. ඒක කරන ඩොකා හරි මොකා හරි පාපතරයා බොහෝ විට කෙල්ලටත් ෂොට් එක දෙනවා. එක්කෝ කෙල්ලගේ ගෙදරට මාට්ටු.... ඉතින් උන් යනවා පොලිසි. කෙල්ලගේ වයස 16 අඩුයි. එබැවින් තත්කාලයේ නීතියට අනුව ස්ත්‍රි දුෂණය වරදට එනවා. කෙල්ල පරිවාසේ කොල්ලා හිර ගෙදර. එහෙම නැත්නම් අඩු වයස් විවාහය නිසා පවුල් ජීවිතයම මහා නරකාදියක් වෙන අවස්තාවනුත් තියනවා.
    එහෙමත් නැත්නම් ෆෝන් එකෙන් සෙට් වෙනවා බැදපු අක්කා කැල්ලක් හරි ඇන්ටා කැල්ලක්. ලව් එක නැගලා යනවා. අදිනවා room එකට. නැත්නම් පනිනවා ගෙදරට කොට්ටක්. නැත්නම් රිංගනවා කොහේ හරි ගුබ්බෑයමකට. මාට්ටු ගැනිගේ ගෙදරට. එකෙන් බොහෝ විට කොල්ලට කඩු පාර, නැත්නම් ඌ ගිහින් ගැනිගේ මිනිහට පහර දෙනවා. ඊට පස්සේ පොලිසියේ කුඩුවේ උසාවි ගානේ යනවා. එහෙමත් නැත්නම් ගෑනිට කොල්ලගේ රස වැඩි වෙලා තමන්ගේ කසාද මිනිහා මරණ අවස්ථාවට පවා පත් වෙනවා. එහෙමත් නැත්නම් කොල්ලා පට්ට බඩු කාරයෙක් වෙලා සබ්බ සේසතම වියදම් කරලා බඩු දිගට හරහට ගහලා බරපතල සමාජ රෝගයක් තමාට බෝ කරගන්නවා.
    (ඔහොම ගෑනු කේස් නිසා කෙලවගත්ත හමුදා සෙබලුත් බහුතරයක් මේ සමාජයේ ඉන්න බව සලකන්න)

    ත්‍රීවිල් තරුණයාට දෛනික ආදායමක් එනවා. ඉතින් ත්‍රිවීල් තරණයාගේ ආදායමෙන් ගෙදර එදා වේල ශේප් කරගන්නවා. කෑමට විතරක්ම වියදම සරි වෙනවා. නමුත් හමුදා සෙබලාට ආධුණික කාලය තුල සෙබලාට බැංකු ණය ලබා ගැනීමට අවසර ලබා දෙන්නනේ නෑ. මොකද එම කාලය ආධුණික කාලයකට යටත්ව පවතින නිසා සේවයට නුසුදුස්සෙක් වී සේවයෙන් පහ කල හොත් එම ණය අයකරගැනීමේ හැකියාවක් නොපවතින නිසා. ඔහුට මාසිකව වේතනයක් ලැබෙන නිසා ඒ ගෙදර උදවිය නව නිවසක් ඉදිකිරීම හෝ පවතින නිවස අළුත්වැඩියා කරන්න වගේ පවුලේ දියුණුවට ලොකු පිම්මක් පනිනවා. නැත්නම් තමන්ගේ නංගි හෝ මල්ලිගේ අධ්‍යාපනය හෝ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ඒ මුදල් වැය කරනවා. ඒ නංගි හෝ මල්ලි අයියාගේ පඩියෙන් ලැබන මුදලින් හොදින් ඉගෙනගෙන හොද තත්ත්වයකට ගිහින් පවුලම ගොඩ අරගන්නවා. අනික හමුදා සෙබලාට ආධුණික කාලය අනිවාර්යයෙන්ම ඉතිරි කිරීම බලෙන්ම වාගේ කරනවා. එලෙස ඉතිරි කරගත් සල්ලි බොහෝ විට සෙබලාගේ හෝ පවුලේ වැදගත් ආයෝජනයකට දායක වෙනවා. මම නම් දැකලා තියන විදියට බොහොමයක් කොල්ලෝ තමන්ගේ කෙල්ලට රත්තරං බඩු ටික හදලා ගන්නේ ඔය ඉතිරි කරපු සල්ලි වලින්. හමුදා සෙබලාට වඩා ත්‍රීවිල් තරුණයාගෙන් මුදල් ඉතිරි කිරීම සිදුවන්නේ බොහෝම අඩුවෙන්.

    සෙබලා එන්නේ මාසෙකට සැරයක් තමන්ගේ මාසික වේතනයේ සල්ලිත් එක්ක. බොහෝ විට සෙබල තරුණයන් ගොවිතැන් බත් කරපු දෙමාපියන්ගේ දරුවෝ නිසා ඔවුන් ගෙදර එද්දි තමන්ගේ නිවාඩුව කුඹුර කුඹුර සී සාන්න හෝ කොටන්න හෝ වපුරන්න හෝ අස්වනු නෙලන්න තියන කාලය අල්ලලා එනවා. එමගින් ඔහු ගොවිතැනට ආයෝජන මුදලක් සහ ඔහුගේ විවේක කාලයේ ශ්‍ර‍මය ලබා දී නිෂ්පාදන ආර්ථිකයට දායකත්වය දක්වනවා. ඒ වගේම ඔහුගේ විවේක කාලයෙන් ගොඩක් විට තමන්ගේ වත්තේ පිටියේ වගේම හේනේ වැඩ කරලා වගේම කුඩා පරිමාන ව්‍යාපාරයක් හෝ මොන යම් වු වැදගත් දෙයක් සිදු කර රටේ නිෂ්පාදනයක් කරන්න දායකත්වය දක්වනවා. නමුත් ත්‍රීවිල් තරුණයා තම විවේක කාලය ගෙවන්නේ බොහෝ විට ෆෝන් එකේ නැත්නම් අඩියක් පුඩියක් ගහලා සිගරට් එකක් ඇදලා වලක් බැහැලා හෝ එහෙමත් නැත්නම් ගෙදර පුකට ඉර එලිය හෝ සද එලිය වැටෙනකල් නිදාගෙන.

    අනික සෙබලා ඉන්නේ ජාතික ආරක්ෂාවට. ඔහු ඇතැමි විට තමන්ගේ වේතනයට වඩා මෙහෙයක් තමන්ගේ දිවි පරදුවට තියලා රටට සේවය ඉටු කරනවා. ඒකෙන් සමාජයක්ම ආරක්ෂිතව ඉදිමෙන් රටක සමාජමය, ආර්ථිකමය සහ පාරිසරිකමය ආරක්ෂාව සැලසිලා රට ඉදිරියට ගමන් කරනවා. මීටත් අමතරව ඔවුන් ගොවිතැන් කටයුතු (සිවිල් ආරක්ෂක බලකාය සම්පුර්ණයෙන්ම වාගේ යෙදවෙන්නේ වගාකටයුතු වෙනුවෙන් වගේම 1960 පමණ කාලයේදි වගා හමුදාව ලෙස ආරම්භ කරපු දැනට ගජබා රෙජිමේන්තුවේ යටතේ පාලනය වන අක්කර 600 පමණ භූමියක ඇති පදවි - ශ්‍රී පුර ගොවි ජනපදය) වල නියැලි ජාතික නිෂ්පාදනය දක්වන දායකත්වය සුළුකොට තකන්න බෑ නේද?

    අනික විනයකට යටත්ව ජීවිතයෙන් වැඩි කොටසක් ගෙවන සෙබලා ඒ විනයේ යම් යම් දේවල් තම නිවසට හා පවුල් ජීවිතයටත් ආදේශ කරනවා. කොටින්ම තම දරුවන් උදේට ඇදෙන් නැගිටිනකොට නීට් එකට ඇදේ බෙඩ් සීට් එක හදලා පොරවගෙන් උන් පොරවනය නීට් එකට නවලා දරුවගේ ඇදුම් පොත් පෑන් පැන්සල් සපත්තු යනාදිය පිලිවෙලකට තියන්න උගන්වලා විනයකින් යුතුව ගෙදර මෙන්ම සමාජයේ හැසිරෙන්න අනුබලයක් දෙනවා.

    ඊට අමතරව අපේ හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි ( UN ) ගිහින් රටට අරන් දෙන විදේශ විනිමය ප්‍ර‍මාණය ත්‍රිවිල් තරුණයන් රටට අරන් දෙන විනිමය ප්‍ර‍මාණයයි අහසට පොළව වගේ

    අවසන් වරට කිව්වොත් සේවයෙන් විශ්‍රාම යන සෙබලා වොහෝ විට වෘත්තීය පුහුණුවක් ලබලා ඔහුව යහපත් පුරවැසියෙක් විදියට සමාජගත කරන්න හමුදාව ක්‍රියා කරනවා. එහිදී ඔවුන් වැඩදායී ව්‍යාපාරයක් ආයෝජනයක් හෝ වගා කටයුතු යනාදියේ නිරතවීම සිදු කරන අතරම බොහෝ අය තමන්ගේ විශ්‍රාම දිවියේදී ත්‍රීරෝද රථ රියදුරෙක් වෙන අවස්ථාත් තියනවා. හැබැයි ඔහු බොහෝ විට වෘත්තීමය නිපුනත්වය ඉතා හොදින් පෙන්වන ත්‍රි රෝද රථ රියදුරෙක්.

    ඒ වගේම තමයි හොදටම කෙළවගත්ත සෙබලු වගේම ඉතාමත් ආදර්ශමත්ව හා වැදගත්ව ජීවත්වන ත්‍රීවිල් රථ පදින තරුණයන් සිටින බව කිව යුතුමයි. ඒක ඔහුගේ ජාතකය මත බොහෝ විට තිරණය වේ.

    කවදාවත්ම හමුදා සෙබලා හෝ ත්‍රීවිල් තරුණයාට රටට බරක් කියලා කියන්න එපා. සෙබලා උනත් ත්‍රිරෝද රථ පදින තරුණයා උනත් ඒ අපේ වටිනා ශ්‍ර‍ බලකාය නේද? එම ශ්‍ර‍ම බලකාය ඵලදායීව යොදා ගැනීම අප සැමගේ වගකීමක්. නමුත් දැන් සමාජය බැලුවෙත් අපේ ත්‍රිවිල් තරුණයන් සෙබල තරුණයන්ට වඩා පරිහානියකට යාමේ සම්භාවිතාවය වැඩි බව ඕනෑම කෙනෙකුට තේරෙනවා.

    මම හිතන්නේ ඔබට මේ කරුණු ටික තේරුම් ගන්න හැකි වේ යැයි සිතනවා.....
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,933
    11,981
    113
    3 wheel set eka, food delivery set eka wadi unama tharage wadi wela gewana gaana, labena hire gaana adu unama nikamma income eka bahinawa..
    mason bass la ath udaw karayo adu unama unge daily padi wadi wenawa..
    ethakota 3 wheel atha arala kollo mason wada walata yanawa.. nikamma balance wenawa..
    othana illumata sapayuma thiyenne..

    issarahata mason lata, mechanic lata danata wadaa gewanna wei... 3 wheel duwana eke laabe adu wei..
     
    • Like
    Reactions: sika2