දවස් 10 ක් අල්ලන් හිටියොත් පුටින් පරදිනවා
රුසියානු හමුදා තව දවස් 10 ක් ඇතුලත යුක්රේන මෙහෙයුම අවසන් නොකළහොත් අකමැත්තෙන් හෝ රුසියානු රජයට යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි සමග එකඟතාවයකට පැමිණීමට සිදුවන බව එස්තෝනියාවේ හිටපු හමුදා ප්‍රධානී රිහෝ ටෙරාස් පවසයි.
යුද්ධය ආරම්භ කිරීමේදී දවස් 1-4 අතර කාලයේ යුක්රේනය ආක්‍රමණය කිරීමට හැකි යැයි රුසියානු රජය විශ්වාස කලත් යුක්රේනුවන්ගේ එකමුතුකමත්, රුසියානු යුද සැලසුම්කරනයේ දුර්වල කමත් හේතුවෙන් එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වී ඇති අතර මේ පිළිබඳ ජනාධිපති පුටින් ගේ ප්‍රධානත්වයෙන් උරල් කඳුකරයේ බංකරයක පැවති රහස් හමුවකදී මේ පිළිබඳ තම සගයන්ට ජනාධිපති පුටින් දොස් නගා ඇත.
යුක්රේන බුද්ධි වාර්තා අනුව රුසියානු හමුදාවන්ට යුරෝ බිලියන 15 ක් වැයවෙන අතර රුසියානු හමුදාවන්ට මිසයිල ඉතිරිව ඇත්තේ තව දවස් 3-4 පමණක් බව ටෙරාස් පැහැදිලි කර තිබේ.
තව 10 ක් ඇතුලත යුක්රේනය ආක්‍රමණය නොකළහොත් අකමැත්තෙන් හෝ යුක්රේනය සමග එකඟ තාවයකට පැමිණීමට සිදුවනු ඇතැයි ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේය.
Source:
https://www.lankadeepa.lk/world_news/යුක්රේනයට-ප්‍රහාරක-යානා/14-608988
යුක්රේනයට ප්‍රහාරක යානා
යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙස්කී ප්රමුඛ රජය කළ ඉල්ලීමට කන්දෙමින්, යුක්රේන ගුවන් හමුදාවට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙන බව යුරෝපා සංගමය පවසයි.
‘යුක්රේන රජය කළ ඉල්ලීමට අප කන් දෙනවා. අවි ආයුධවලට අමතර ඔවුන් අපෙන් ප්‍රහාරක ජෙට් යානා ඉල්ලා තියෙනවා. අප ඔවුන්ට ප්‍රහාරක ජෙට් යානා ලබා දෙනවා. රුසියන් හමුදා සමඟ සටන් කිරීමට එය ඔවුන්ට ශක්තියක් වේවි’ යැයි යුරෝපා සංගමයේ විදේශ කටයුතු පිළිබඳ ප්‍රධානී ජොසෙප් බොලෙර් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.
Source:
https://www.lankadeepa.lk/world_news/යුක්රේනයට-ප්‍රහාරක-යානා/14-608988