බලහත්කාරයෙන් ඇතුළු වී පාසල් සිසුවියක පැහැරගෙන ගිහින්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    මිනුවන්ගොඩ,වත්තේගෙදර ප්‍රදේශයේ නිවසකට පෙරේදා (07දා) රාත්‍රී අයුතු ලෙස ඇතුළු වී ඇති කණ්ඩායමක් එම නිවැසියන්ට පහර දී නිවසේ සිටි 14 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය ඊයේ (08දා) පැවසීය. පැහැර ගත් එම සිසුවිය ඊයේ (08දා) දහවල් වන විටත් සොයාගෙන නොතිබුණි. කඩු පොලු රැගත් කණ්ඩායමක් වත්තේගෙදර ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරෙන බවට මිනුවන්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත (07දා) රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් තිබේ.

    පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විට කලහකාරී ලෙස හැසිරෙමින් සිටි කණ්ඩායම සිසුවිය රැගෙන පළා ගොස් තිබූ බවද පොලීසිය පවසයි. කලහකාරී කණ්ඩායමේ එක් අයකු පැමිණිලිකරුගේ ප්‍රකාශ මත හඳුනා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට යැමේදී සැකකරු පොලිස් නිලධාරියෙකුගේ නිල ඇඳුමේ උඩ කොටසේ කොලරයෙන් අල්ලා පොලිස් නිලධාරියාට පහර දීමට තැත් කර රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවද පොලීසිය කීය. එම සැකකරු රාජ්‍ය ඇමතිවරයකුගේ නමක් පවසමින් පොලිස් නිලධාරීන් මාරු කරන බවට තර්ජනය කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට පත් සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

    සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් පැහැර ගැනීමට ලක් වූ පාසල් සිසුවිය සොයා ගැනීමටත් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුරටත් පරික්ෂණ සිදු කරන බව පවසයි.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,580
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ ප්‍රවෘත්තිය දැක්කම මට පරන සිද්ධියක් මතක් උනා.

    ඉස්සර මගෙ යාලුවෙක්ගෙ පාසල් යන නංගි කෙනෙක්ව පැහැරගෙන ගිහින් තිබුන. ඒත් මිනුවන්ගොඩ. ඒ පලාතෙ දේශපාලකයෙක් කරන්න ඇති කියල සැක නිසා ඒ පැත්තෙ හැම ගණිකා මඩමකම හෙව්වලු. ඒත් හම්බ වෙලා නෑ.
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156

    Then? Still missingda?
     
    • Like
    Reactions: Ryan08

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,944
    5,104
    113
    Pandora

    එහෙම කොහොමද බන් පැහැරගෙන යන්නේ පොඩි ළමයෙක්ව? ඔව්වා ළමා අපරාද ගණයටනේ වැටෙන්නේ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,203
    1
    58,580
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙම කොහොමද බන් පැහැරගෙන යන්නේ පොඩි ළමයෙක්ව? ඔව්වා ළමා අපරාද ගණයටනේ වැටෙන්නේ
    මේ ප්‍රවෘත්තියත් බාලවයස්කාර ලමයෙක් පැහැරගත්ත එකක්නෙ. අදටත් ඕව වෙනව කිව්වම හිතපන්කො රටේ තත්වෙ
    හත්තිලව්වෙ මිනුවන්ගොඩ ඉන්නෙ සත්තු ද බන්? ඒකි පැනල ගියා වෙන්න බැරිද කොල්ල එක්ක?
    මට හරියටම සිද්ධිය මතක නෑ මචන්.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,944
    5,104
    113
    Pandora
    මේ ප්‍රවෘත්තියත් බාලවයස්කාර ලමයෙක් පැහැරගත්ත එකක්නෙ. අදටත් ඕව වෙනව කිව්වම හිතපන්කො රටේ තත්වෙ
    අඩේ මේ රෙද්දේ ළමයෙක්ව තනියෙන් යවන්ටත් බයයිනෙ මෙහෙම් වෙද්දීන්
     
    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,720
    2,156
    113
    Ow ban. dan awurudu 20k withra athi siddiyata
    Adoo...Itin ban policiya mokada kiyanne? Oya scene eka prasidda wunda?
    Adu gane Fb wath tibuna nam a kale :sorry:
    Panala giya nam adu gane mn panala giyakiyala hari aranchi wenwane! ehmath na kiyanne sorry tamai
     
    Last edited:
    • Like
    Reactions: Ryan08

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ ප්‍රවෘත්තිය දැක්කම මට පරන සිද්ධියක් මතක් උනා.

    ඉස්සර මගෙ යාලුවෙක්ගෙ පාසල් යන නංගි කෙනෙක්ව පැහැරගෙන ගිහින් තිබුන. ඒත් මිනුවන්ගොඩ. ඒ පලාතෙ දේශපාලකයෙක් කරන්න ඇති කියල සැක නිසා ඒ පැත්තෙ හැම ගණිකා මඩමකම හෙව්වලු. ඒත් හම්බ වෙලා නෑ.
    උබේ වයස 50 පැනලද පොන්නයො 🤣🤣🤣