හමුදා නීතිය සහ හමුදාවන්ගේ වගකීම්

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    F38CC1FD-FC11-4E57-B1DC-0A4E9B35E0E7.jpeg
    හමුදාව ගැන බොහෝ වෛරී ප්‍රකාශයන් සමාජගත වන ආකාරයක් දුටුව නිසා හමුදාවේ නීත්‍යානුකූල වගකීම සහ ඒ සඳහා හමුදාව විෂයෙහි පවත්නා නෛතික තත්වය පිළිබඳ පැහැදිලි අවබෝධයක් පුරවැසියන් තුල ඇතිකරනු වස් යමක් ලිවිය යුතුම යැයි සිතුනා.
    එය හමුදාව සහ සිවිල් සමාජය අතර ගැටුම් අවම කිරීමටත්, හමුදාව සිදුකරන රාජකාරිමය සේවය සබැඳිව අවබෝධයක් පුරවැසියන් තුල ඇතිකිරීම පිණිස සහයක් වේවි.
    හමුදාව ස්ථාපිත කරනු ලබන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලවය.ඒ අනුව රටේ හමුදාවන් තුන වෙත පවතින මුඛ්‍ය වගකීම වන්නේ රටේ ස්වෛරීත්වය,යහ පැවැත්ම, රාජ්‍ය ආරක්ෂාව,පුරවැසි ආරක්ෂාව, දේපල ආරක්ෂාව,සහ විටින් විට ආරක්ෂක හමුදා වෙත භාර දෙනු ලබන කටයුතු පවත්වාගෙන යාම.
    එහිදී රටට අයත් භූමිය යුධ හමුදාවටත්, රටට අයත් දේශීය ජල තීරය නාවික හමුදාවටත්, රටට අයත් ගුවන් අවකාශය ගුවන් හමුදාවටත් භාර දී තිබෙනවා.ඒ අනුව වෙන් වෙනව සහ ඒකාබද්ධව ත්‍රිවිධ හමුදාවන් විසින් රටේ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් කටයුතු කරනවා.
    මේ හමුදාවන් තුන පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය නෛතික බලධාරීත්වයක් ලබාදීම සිදුකිරීම සඳහා වෙන් වෙන්වූ පනත් තුනක් මගින් හමුදාවන් ස්ථාපිත කර තිබෙනවා.
    * 1949 අංක 17 දරණ යුධ හමුදා පනත
    * 1950 අංක 34 දරණ නාවික හමුදා පනත
    * 1949 අංක 41 දරණ ගුවන් හමුදා පනත
    යටතේ හමුදාවන් පවත්වාගෙන යාම,අධිකාරය, හමුදා සාමාජිකත්වය, නිලධාරීන් සහ සෙසු නිල,වැටුප හා දීමනා,විශ්‍රාම වැටුප් සහ පාරිතෝෂික, පුහුණුව,ලඝු අධිකරණ සහ යුධ අධිකරණ,සිවිල් නීතියේ අදාලත්වය,සාක්ෂි නීතියේ අදාලත්වය, හමුදාමය වැරදි,දණ්ඩන නියමයන්, සිරගත කිරීම සහ රඳවා තබාගැනීම, සම්බන්ධයෙන් වන නීතිමය ප්‍රතිපාදනයන් මේ පනත් තුල විස්තරවෙලා තියනවා.
    යුධ හමුදා පනත සහ ගුවන් හමුදා පනත තුල බොහෝ සමාන තත්වයක් දැකිය හැකි අතර නාවික හමුදා පනත තුල ඔවුන්ගේ මූලික වගකීම පවතින්නේ මුහුදේ නෞකා ආශ්‍රිතව බැවින් වෙනස් අනන්‍ය ප්‍රතිපාදන ඇතුලත් වෙනවා.
    ඊට අමතරව එක් එක් හමුදාවන් සඳහා අමාත්‍යවරයා ගැසට් නිවේදන මගින් රෙගුලාසින් පමවා තිබෙනවා.
    ඒ අනුව හමුදා සාමාජිකත්වයට ඇතුලත් වන සෑම පුද්ගලයකුම නීති පද්ධති දෙකකට යටත් වෙනවා.
    ඒ රටේ සාමාන්‍ය පුරවැසියකු වශයෙන් රටේ පවත්නා නීතියටත්, හමුදා සාමාජිකයකු වශයෙන් අදාල හමුදා පනත තුල විස්තීර්ණ නීතියටත්,වශයෙන්.
    ඊට අමතරව පිළිගත් රාජ්‍යයක හමුදාවක් ජාත්‍යන්තර චාරිත්‍රානුකූල නිතියටත්, අන්තර්ජාතික මානුෂවාදී නීතියටත්, යටත් වෙනවා. රෝම ප්‍රඥප්තිය, හේග් නීති, අතිරේක ප්‍රටකෝල, එක්සත් ජාතීන්ගේ සංවිධානය විටින් විට සම්මත කර ගන්නා සම්මුතින් (උදා-ආයුධ භාවිතය,පරිසර) වගේ නීතිමය තත්වයන්ට වගේම ජාත්‍යන්තර යුධ අධිකරණයක් ඉදිරියේ ප්‍රශ්න ගත වන්නට හමුදා සාමජිකයකුට සිදුවිය හැකියි.
    හමුදා සාමාජිකයකු ලෙස කැඩෙට් නිලධාරීන් විදිහට බඳවා ගෙන පුහුණුව අවසානයේ අධිකාරීලත් නිලධාරීන් ලෙස අධිකාරයට පත්වීම් ලැබ විසිර යනවා.මේ අධිකාරය ලබා දෙන්නේ රටේ සේනාධිනායකයා විසින්,එය සේනාධිනායකයාගේ කැමත්ත තිබෙනතාක් දරා සිටිය යුතු බවයි නීතිමය පනත් තුල සඳහන්ව ඇත්තේ.ඔවුන්ගේ පත්වීම, උසස්වීම් සහ අධිකාරයෙන් ඉවත් කිරීම් වගේම විශ්‍රාම යාම රජයේ ගැසට් පත්‍රයක පල කලයුතුයි.
    සෙසු නිලයන් සදහා පත්කිරීම්, උසස් කිරීම්, සේවයේ නිල ලබාදීම සහ සේවයෙන් ඉවත් කිරීම එක් එක් හමුදාවේ හමුදාධිපතිවරුන් වෙත ලබාදී ඇති බලතල ප්‍රකාර සිදු වෙනවා.
    හමුදා නීතිය ප්‍රකාර එක් එක හමුදා පනත් තුල විස්තීර්ණ හමුදාමය වැරදි සිදු කරන වගේම එහි විස්තර නොවන වෙනත් ඕනෑම අපරාධමය වරදක් විස්තර වන පනතක තියන වගන්තියක් කඩ කිරීමකට එරෙහිව හමුදා නිලධාරියකු හෝ සෙසු නිලයකුට එරෙහිව චෝදනාවක් ගොනු කරන්න පුළුවන්.එහිදී අවශ්‍ය නම් අත්තඩංගුවට ගැනීමට සහ රඳවා තබා ගැනීමටත්, අදාල හමුදාවේ පොලිස් අංශයන්ට හැකියාව තිබෙනවා.
    ඉහතකී ආකාරයේ වරදක් කරන හමුදා සාමාජිකයකුගේ නිලය අනුව චෝදනා විභාග කල හැකි ප්‍රධාන ක්‍රම දෙකක් තියනවා.මේවා අධිකරණ වගේ.
    * ලඝු අධිකරණ
    * යුධාධිකරණ
    ලෙස මූලිකව බෙදී යන අතර ලඝු අධිකරණ ප්‍රධාන කොටස් 3ක් තිබෙනවා.එනම්
    * හමුදාධිපතිවරයාගේ ලඝු අධිකරණය
    * අණ දෙන නිලධාරීගේ ලඝු අධිකරණය
    * උප අණ දෙන නිලධාරීගේ ලඝු අධිකරණය
    මෙවැනි ලඝු අධිකරණයකින් වරදකරු කරන්නට හැකියාව පවතින්නේ යුධහමුදාවේ මේජර්,නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර් සහ ගුවන් හමුදාවේ ස්කොඩ්‍රන් ලීඩර් දක්වා නිලයක සාමජිකයකු පමණයි.එහිදී වැටුපට සහ සේවයට බලපාන දඬුවම්, රඳවා තබා ගැනීම, අඩස්සියේ තැබීම, නිල පහත හෙලීම, අවවාද කිරීම් දක්වා දඬුවම් ලබා දෙන්න පුලුවන්.
    ඉන් ඉහල නිලධාරීන් කරන වැරදි සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක් වන්නේ, යුධාධිකරණ මගින්.ඊට අමතරව වරදේ බරපතල බව,හමුදාධිපතිවරයාගේ තීරණය සහ යුධාධිකරණ මගින්ම විභාග කල යුතු වැරදි සම්බන්ධයෙන් යුධාධිකරණ කැඳවෙනවා.එවන් යුධාධිකරණ තුනක් ගැන පනත් තුල ප්‍රතිපාදන ඇතුලත්,
    * මහා යුධාධිකරණ
    * දිස්ත්‍රික් යුධාධිකරණ
    * ක්ෂේත්‍ර මහා යුධාධිකරණ
    වශයෙන් වන මේ අධිකරණය වෙතින් ලබා දිය හැකි දඬුවම් වෙනම විස්තර කර තිබෙනවා.
    ඒ අනුව මරණීය දණ්ඩනයේ සිට සිර දඬුවම්, සේවයෙන් පහ කිරීම සහ අවවාද කිරීම් දක්වා මේ දඬුවම් විහිදී යනවා.
    චාරිත්‍රානුකූල ජාත්‍යන්තර නීතිය සහ මානුෂවාදී නීතියහි ප්‍රතිපාදන ප්‍රකාර යුධ අපරාධ සිදු කිරීම වැනි කාරණා වලදී ජාත්‍යන්තර යුධ අධිකරණය වෙත පවා යන්නට වෙනවා.
    හමුදා සාමාජිකයකු යම් රාජකාරියකට යොදවන්නේ නීත්‍යානුකූල අණක් හෝ නියෝගයක් මතය.ඔවුන් ඒ අණ හෝ නියෝගයට පරිභාහිරව කටයුතු කල හොත් එහි වගකීම පුද්ගලිකව දරාගත යුතු වෙනවා.නීත්‍යානුකූල නොවන අණක් දෙන අණ දෙන නිලධාරීයකුගේ වගකීම හමුදාධිපතිවරයකු දක්වාම වුවද විහිදී යා හැකිය.
    හමුදාව හදිසි නීතිය යටතේ හෝ සාමය පවත්නා අවස්ථාවකදී සංග්‍රාමික හෝ වේවා වෙනත් ඕනෑම අවස්ථාවකදී හෝ වේවා මෙහෙයුමක් සඳහා යෙදවීමේදී ඔවුන්ට නීත්‍යානුකූලව කරන්න පුලුවන් මොනවද? බැරි මොනවද? කියන දේ සබැඳිව උපදෙස් ලබා දෙන අතර, මැදිහත්වීමේ රීතීන් (Rules of Engagement) ලබා දෙනවා.
    එහි සෙබලාට අවශ්‍ය අවම බලයේ සිට උපරිමය වන මාරාන්තික බලය භාවිතා කල හැකි සීමාව දක්වා අවස්ථා ගැන වගේම, ඒ සඳහා අවසර ලැබෙන්නේ කොහොමද? කියන දේත් අඩංගු වෙනවා.
    කැරලි මර්ධනයේදි මැදිහත්වීම, යුධමය තත්වයකදී මැදිහත්වීම, ගුවන් බලය යෙදවීම, මුහුදු මංකොල්ලකරුවනට එරෙහිවීම වගේ සිදුකරන මෙහෙයුම අනුව මේ මැදිහත්වීමේ රීතීන් ලබා දෙනවා.
    හමුදා සාමාජිකයකු කටයුතු කරන්නේ ඒ අනුවයි.

    හමුදාවරටේ බහුතරයක් පත් කර එවූ පාලකයා රකින්නේ රාජකාරිමය බැඳීම නිසා මිසක පුද්ගලිකව ඔහු රකින්න හමුදාවකට බැඳීමක් නෑ.
    සාමකාමී විදිහට අරගලය කරන කිසිවකු මර්දනයට හමුදාමය බලය යොදවන්නේ නෑ.
    නමුත් රාජ්‍ය ආරක්ෂාව,පොදු දේපල විෂයෙහි අරගලකරුවන් හානි කරන්නේ නම්,
    ඒ වෙනුවෙන් අවශ්‍ය සමානුපාතික අවම බලයේ සිට මාරාන්තික බලය දක්වා වූ අවශ්‍ය බලය භාවිතා කිරීමට හමුදාව වෙත හදිසි නීති රෙගුලාසි ප්‍රකාර බලය තිබෙනවා.එය හදිසි නීතිය පණවන ක්‍රමයට අදාල වගන්තිය අනුව බලය ලබාදීම මත තීරණය වන්නක්.
    පුරවැසියන් හරි මිනිස්සු තම පාලකයන් විදිහට පත් කර එවන්නේ නැතිකොට, හමුදාව ව්‍යවස්ථාපිතව හමුදාව ඔවුන්ට සැලියුට් කල යුතුයි. ඒක හමුදාව වරද නෙවේ.ඔවුන් පත් කර එවන පුරවැසියන්ගේ වරදයි.
    රටක හමුදාවක වගකීම පුද්ගලානුබද්ධ නෑ..ඒක සේවාවක්.ඒ සඳහා නීත්‍යානුකූලව ඔවුන් නැඳී සිටිනවා.
    ගංවතුර, නායයාම් වගේ ස්වභාවික ආපදාවකදී, කෝවිඩ් 19 වසංගතයේදී, සහරාන් ගහපු වෙලාවෙ වගේම ඊලාම් යුද්ධයේදී හමුදාවන් අවස්ථානුකූලව මැදිහත් වන්නේ ඔවුන් සතුව පවත්නා රාජකාරිමය වගකීම් අනුවයි.
    පුරවැසියන් විදිහට අපි ඒ ගැන තේරුම් ගැනීම වැදගත්.එහෙම නැතිව පොට පටලා ගෙන "අටපාස් ආමි කාරයෝ" කියාගෙන හමුදාවන් සමඟින් ගැටුම් ඇතිකර ගැනීම, දෙපාර්ශවයම අපහසුතා වලට පත් වීමට පාර කැපීමක්.

    මේ ටික ලිව්වේ හමුදාවේ රාජකාරිය ගැන පුරවැසියන් තුල යම් දැනුමක් ඇතිකරන්න මිසක, දේශපාලනික අරමුණක් වෙනුවෙන් නොවන බව කියා සටහන අවසන් කරන්නම්.

    සංවාදයට වගේම විවේචනයටත් විවරයි.

    93kf2r5sc4z51.jpg
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,637
    6,921
    113
    වදුරව
    හමුදාව කියන්නෙත් සමාජයෙ එක රස්සාවක් විතරයි. උන් අනිත් මිනිසුන්ට වඩා උසස් සේවයක් කරන්නෙ නෑ.

    කාවවත් හමුදාවට බලෙන් අරගෙනත් නෑ. පඩියක් ගෙවනවා.

    ඉතින් හමුදාවෙ සාමජිකයො යුද්ධ, ආපදා වගෙ අවස්තාවල රාජකාරි කරා කියල ඔවුන් රණවිරුවො කියල ඔලුවෙ තියන් අපි හැමිනෙන්නන් ඔනෙ නෑ.
    ඒක එයාලගෙ රාජකාරිය/රැකියාව.

    අනෙක හමුදාවකට එහෙම හිතල තීරණ ගන්න බෑ, අණ ක්‍රියාතමක කරනව ඇරෙන්න.
    ඉතින් හමුදාව රජය ආරක්ශා කරනවා ජනතාවගෙ පැත්තෙ නෑ කියල බැනල වැඩක් නෑ.
    ඒක එයාලගෙ රාජකාරිය.
    එක පැහරහැරල හිටියොත් දඩුවම් විදින්නෙ එයාල මිසක් අපි නෙමෙයි.

    වැදගත් වෙන්නෙ හැගීම් වලට රැවටෙන්නෙ නැතිව අවබොදයෙන් කටයුතු කිරීම
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    අපේ ගොන් හැත්ත මොලෙන් හිතනවට වැඩිය හිතෙන් තීරන ගන්නෙ . හොදම උදාහරනෙ මන් පහුගිය කාලෙම කල්පනා කරේ අජිත් රෝහන කොරෝන කාලෙ වීරය කරපු හැටි . සමහර පොස්ස්ට් තිබ්බ බලන්න ඒ ඇස් වල තියන මහන්සි පාට . අපි වෙනුවෙන්නෙ කියලත් . :lol: :lol: :lol: :lol:

    ඒත් ඇත්තටම පොරගෙ ජොබ් එක මීඩියා ස්ටේට්මට් දෙන එක . කියන්න ඕන දේ කවුරු හරි හදල දෙනව . ඇදුම් ටික හදල දෙන්න බඩියෙක් ඉන්නව . යන්න ඕන උනහම ඩ්‍රයිවර් වාහනේ ගහනව . බැහැල ගිහින් කියල එනව . ඒත් ඇත්තටම බිමට බැහැල වැඩ කරන්නෙ වෙන මිනිස්සු ටිකක් . ඒත් අපිට වීරය වෙන්නෙ අර කරපු දේවල් කියවන මිනිහ . අනේ මන්ද අපේ උන්ගෙ මොලේ .
     
    Leb

    Well-known member
  • Jun 11, 2007
    603
    245
    63

    thawa udgoshana walata gahanne kohomada apa denne nathiwena widihata usawi idiripath karanne kohomada wage dewal udgoshana patangannath kalin plan karanawa pora pudgalikawama dakala thiyanawa pora plan eka anith polisiye ayata kiyanawa ape un hithagena inne pora hari hodai kiyala
     
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හමුදා පාලනයක් කියන්නේ මේකනම් අපි එකෙන්ම කැමති සර් කියාගෙන ඒකාලේ ආව සෙට් එක මේ පැත්තට එකතු වෙන්න

    නිරායුධ සිවිල් ජනතාව උද්ගෝෂණයක් කරද්දී කිසිම හදුනාගැනීමේ ක්‍රමයක් නැතුව ඒ මිනිස්සු අස්සට හමුදාව යවල තියෙද්දිත් අන්නේකයි හමුදාව කියන්නේ ඒකනම් පට්ට රණවිරුවෝ කියන් උද්දාමයට පත් වෙච්ච කට්ටිය අනිත් පැත්තට එකතු වෙන්න

    හමුදාව යුද්ද කළා ආපදා අවස්ථාවේ උදව් කළා කරනවා වසංගතේ වෙලාවේ උදව් කළා මහන්සි උනා නිදා නොගෙන වැඩ කළා ඒවාට ගරු කරනවා හැබැයි ඔය ඔක්කොම පඩියකට වැඩ කලේ. හමුදාවට බැදෙන්න කලින් කියනවනේ උගන්වනවනේ නිතිය. කැමතිනම් විතරයි ගන්නේ
    ඒ නිසා ඕනම එකක් ඕනෑවට වඩා එපා. අපේ බදු මුදල් වලින් පඩි ගෙව්වා වැඩ ගත්තා කරපු දේවල් වලට ගව්රවය දුන්නා එතනින් එහාට පන දෙන්න වගේ බබා හුකුං මගේ නම් නෑ මගේ නෑදෑයෝ ඕන තරම් ඉන්නවා හමුදාවේ මම විශේෂ සැලකිල්ලක් දෙන්නේ නෑ කාටවත්. මේ තවත් වුර්ථියක් පමණි.

    බයික් සින් එකේ ගව්රවය යන්න ඕන බයික් කාරයෝ ටිකට යන්න කිව්ව මහ පරයට. සවේ හෝ ඊට පහල එකෙක් වෙන්න ඇති.

    මං නං කියන්නේ ගෝතය ජනා කරපු එක හොදයි නැතිනම් ගෝටා නැතුව බෑ වගේ බයියන්ගේ රිපීට් වචන සෙට් එක තාමත් රැව් දෙනවා. දැන් ගාය හොද උනා ගෝට තමයි ඉන්න ඕන කියන එකට උපරිම අගයක් ලැබුනා වගේ ලංකාව මාසේකටවත් සම්පුර්ණ හමුදාපාලනයකට දෙන්නෝන ඒ ගායත් හොද වෙන්න.
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    හමුදා නිලධාරීන් හට ප්‍රසිද්ධියේ දේශපාලනය කිරීම තහනම් ය. පවතින දේශපාලන අර්බූදය හමුවේ fb ඇතුලු අනෙකුත් මාධ්‍යය මගින් හමුදා සෙබලුන් උපහාසයට ලක්වන ප්‍රකාශ පලවන නිසාත්, ඔවුන් ගැරහීමට ලක්වන නිසාත්, මට මෙය ලිවීමට සිත්විය. ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී රටක පරමාදිප්ත්‍යයේ හිමිකරුවන් වන්නේ මහජනතවයි. ආරක්ෂක හමුදාවන් හි කාර්‍යය භාරය වන්නේ රටක ජාතික ආරක්ෂාව , දේපල සහ ජනතාව ආරක්ශා කිරීමයි. හමුදාවන්ට සිය රාජකාරියේදී පුද්ගලයන් හෝ පක්ශ අදාල නොවේ. කැමති දේශපාලන පක්ස්ශයක් හෝ පුද්ගලයන් බලයට පත්කරන්නේ මහජනතාව මිස ආරක්ෂක හමුදාවන් නොවේ. රටක ව්‍යවස්ථාව රැකීම හැර පුද්ගලයන් හෝ පක්ශ රැකීම හෝ ඉවත් කිරීම හමුදාවන්ට අදාල රාජකාරින් නොවේ. කව්රුන් හෝ රජයක් පෙරලීම සදහා හමුදා සහාය පතන්නේ නම් ඔහු ප්‍රජාතන්ත්‍රවාදයේ "අ" "ආ" හෝ නොදන්නා මෝඩයෙකි. ඉතා කනගාටුවෙන් උවද පැවසිය යුතු දෙයනම්, අද ඔබ උපහාසයට , ගැරහීමට ලක්කරන මේ සෙබලුන් රට වෙනුවෙන් මහා සේවයක් කර මිනිසුන් බවයි . ඔබට දකුණේ ජොලියෙන් සිටීමට උතුරු රනබිමේ මේ සෙබලුන් කල කැපකිරීම් අතිමහත්ය. අපේ ලෙයින් මව්බිම තෙමූ අපි මව්බිමට නයනැති මිනිසුන් ය. අනික් විපතකදී උවද අපි අපේ යුතකම නොපිරිහෙලා ඉටුකර ඇත්තෙමු. අපි රැකියාවක් ලෙස සලකා යුද්ධයට ගිය මිනිසුන් නොවේ . අන් තරුන පිරිස් මගහරිද්දී අපි යුද්ධයට අපේ තරුන්‍ය කැපකල මිනිසුන් වෙමු. සෙබලුනට ගැරහීමේදී මේ ගැනත් සිතන ලෙස ඔවුන් ගෙන් මම ඉල්ලීමක් කරමි. එනම් මේ දක්වා අපේ හමුදාවන් කිසිදු උද්ගෝශකයෙකුට එරෙහිව අවම බලය හෝ යොදවා නැත. එක් වෙඩිල්ලක් හෝ පත්තුකර නැත. මිනිසුන් ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට අපි ගරුකර ඇත්තෙමු. අවසාන වශයෙන් ඔබට එක්දෙයක් මතක්කරමි . එනම්, අපි අපේ ආහාර වේල, ඇද , නවාතැන පවා විපතකදී ඔබට නිර්ලෝභීව දුන් මිනිසුන් ය. එකල අපි ඔබේ රනවිරුවාය. දෙවිවරුන්ය. LTTE නායකයා කියුවා සේ, සිංහලයාට සෑමදෙයක්ම මතක සතියකි. එය අපි හොදින් අවබෝධ කරගෙන ඇත්තෙමු . ඕනතරම් වීර ක්‍රියා කරපු , වීරයන් දැකපු අපිට FB වීරයන් වීමේ මානසිකත්වයක්ද නැත .
     
    • Like
    Reactions: game777

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,938
    1
    58,245
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හමුදාව ස්ථාපිත කරනු ලබන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථානුකූලවය.ඒ අනුව රටේ හමුදාවන් තුන වෙත පවතින මුඛ්‍ය වගකීම වන්නේ රටේ ස්වෛරීත්වය,යහ පැවැත්ම, රාජ්‍ය ආරක්ෂාව,පුරවැසි ආරක්ෂාව, දේපල ආරක්ෂාව,සහ විටින් විට ආරක්ෂක හමුදා වෙත භාර දෙනු ලබන කටයුතු පවත්වාගෙන යාම.
    හමුදාව තියෙන්නෙ රටට බාහිරින් එල්ලවන තර්ජන වලට ප්‍රතිචාර දක්වන්න. රට ඇතුලෙ ප්‍රශ්න අයිතිවෙන්නෙ සිවිල් ප්‍රශ්නවලට. ඒවා අයිති පොලිසියට.

    මේ ඇරුනම ඔය OP ලියල තියෙන දේවල් සත පහක වැඩක් නෑ
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    හමුදාව කියන්නෙත් සමාජයෙ එක රස්සාවක් විතරයි. උන් අනිත් මිනිසුන්ට වඩා උසස් සේවයක් කරන්නෙ නෑ.
    මේක වැරදි බන්. මැරෙන බව දැන දන වෙන කෙනෙක් වෙනුවෙන් සටන් කරන එක වීර කමක්. දැන් මේ සිද්දිය නිසා උබලට එපා උනාට මුල අමතක කරන්න හොද නැ
     
    • Like
    Reactions: randext86

    signshop

    Well-known member
  • May 30, 2011
    12,226
    9,009
    113
    Dubai
    හමුදාව කියන්නෙත් සමාජයෙ එක රස්සාවක් විතරයි. උන් අනිත් මිනිසුන්ට වඩා උසස් සේවයක් කරන්නෙ නෑ.

    කාවවත් හමුදාවට බලෙන් අරගෙනත් නෑ. පඩියක් ගෙවනවා.
    මේක දැක්කාම නම් මචෝ ........... වැඩක් නෑ මුකුත් නොකියා ඉන්නම්........

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මේක වැරදි බන්. මැරෙන බව දැන දන වෙන කෙනෙක් වෙනුවෙන් සටන් කරන එක වීර කමක්. දැන් මේ සිද්දිය නිසා උබලට එපා උනාට මුල අමතක කරන්න හොද නැ
    ඒවගේම අහිංසකයි කියලා දැනදැනම , රතුපස්වල නිරායුධ සිවිල් ජනතාව මරණ එකත් වීර කමක්ද බං ?

    මේක දැක්කාම නම් මචෝ ........... වැඩක් නෑ මුකුත් නොකියා ඉන්නම්........

    රතුපස්වල හේලිස් ඩිප් ප්‍රොඩක්ට් ග්ලවුස් නිපදවන ෆැක්ටරියක් මගින් ප්‍රදේශයේ ජලයට ඇසිඩ් මිශ්‍ර කිරීම නිසා දූෂිත වතුර වෙනුවට බීමට පිරිසිදු වතුර පොදක් ඉල්ලූ රතුපස්වල ජනතාවගේ සාධාරණ ඉල්ලීම් වලට ඇහුම්කන් නොදුන් එකල රට යටත් කරගෙන සිටි මැදමූලන මෘග රාජපක්ෂ පවුල ජනතාවට යැව්වේ වතුර බවුසර් වෙනුවට යුද ටැංකිය. ජනතාවගේ දුක වෙනුවෙන් උපවාස කිරීමට ඉදිරියට ආවේ තේරිපැහැ සිරිධම්ම හිමියන් මිස අද කුඩු ජාවාරම් කාර මිනීමරුවන්ගේ අතේ පිරිත් නූල් බඳින ඥානසාරලා නොවේ. අවසානයේ 2013 අගෝස්තු 01 වෙනිදා උදේ සිට උද්ඝෝෂනය කළ ජනතාවට ඉවක් බවක් නැතිව වෙඩි තැබීමට රාජපක්ෂලා විසින් යුද හමුදාව යැවීය. එවක යුද හමුදාපතිව සිටි දයා රත්නායක වැඩ බාරගත්තේද එදින වන අතර ඔහුගේ මංගල ක්‍රියාව වූයේ දේශප්‍රිය ගුණවර්ධන නමැති මිනීමරු බ්‍රිගේඩියරයා යවා නිරායුධ ජනතාවකට වෙඩි තැබීම ය. වෙඩි තැබීමෙන් අකිල සහ රවිශාන් නමැති පාසැල් යන දරුවන් දෙදෙනෙකු ඝාතනය වූ අතර පුෂ්පකුමාර නමැති රැකියාවක් කළ එක් දරු පියෙකුද ඝාතනය විය. මාධ්‍යවේදීන් ඇතුළු 39 දෙනෙකු හමුදාව කළ ම්ලේච්ඡ පහර දීමෙන් තුවාල ලබා රෝහල් ගත කරන ලදී.

    image_6753555377.jpg

    0ThEUeI.jpg
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,637
    6,921
    113
    වදුරව

    මේක දැක්කාම නම් මචෝ ........... වැඩක් නෑ මුකුත් නොකියා ඉන්නම්........

    මේ මිනිස්සුයි, යුද්ධයක් ඇහට දැකපු නැති 2010 න් පස්සෙ බැදුණු කොල්ලොයි සමාන කරන්න තරම් පිස්සුවක් නෑ.

    මේක වැරදි බන්. මැරෙන බව දැන දන වෙන කෙනෙක් වෙනුවෙන් සටන් කරන එක වීර කමක්. දැන් මේ සිද්දිය නිසා උබලට එපා උනාට මුල අමතක කරන්න හොද නැ
    හමුදාවෙ හැමොම රණවිරුවො නෙමෙයි බන්.
    යුද්ධෙ දී නිර්භීතව රට වෙනුවෙන් යුද්ධ කරපු ම්නිස්සු විතරයි රණවිරුවො වෙන්නෙ.
    උදා: හසලක ගාමිණී රණවිරුවා.

    නැතුව යුද්ධයක් නැති කාලෙ join උන උන්ට නෙමෙයි.
    ------ Post added on Apr 6, 2022 at 10:04 PM
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    හමුදාවෙ හැමොම රණවිරුවො නෙමෙයි බන්.
    යුද්ධෙ දී නිර්භීතව රට වෙනුවෙන් යුද්ධ කරපු ම්නිස්සු විතරයි රණවිරුවො වෙන්නෙ.
    උදා: හසලක ගාමිණී රණවිරුවා.

    නැතුව යුද්ධයක් නැති කාලෙ join උන උන්ට නෙමෙයි.
    ------ Post added on Apr 6, 2022 at 10:04 PM
    අන්න එක නිසා තමා බන් සමහරක් කියන වචනේ දාන්න ඕනේ. එහෙම නැත්නම් ඔක්කොටොම වදින්නේ
     
    • Like
    Reactions: ChoronaSottiya

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,637
    6,921
    113
    වදුරව
    අන්න එක නිසා තමා බන් සමහරක් කියන වචනේ දාන්න ඕනේ. එහෙම නැත්නම් ඔක්කොටොම වදින්නේ
    'සමහරක්' කියන්න මම කාටවත් අපහස කරල නෑනෙ බන්. 1st comment එකෙ
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,970
    11,704
    113
    හමුදාව තියෙන්නෙ රටට බාහිරින් එල්ලවන තර්ජන වලට ප්‍රතිචාර දක්වන්න. රට ඇතුලෙ ප්‍රශ්න අයිතිවෙන්නෙ සිවිල් ප්‍රශ්නවලට. ඒවා අයිති පොලිසියට.

    මේ ඇරුනම ඔය OP ලියල තියෙන දේවල් සත පහක වැඩක් නෑ
    Umba danna hariya thama ithin

    “civil balayata adara deema” kiyala ekak ahala tiyenawada?
    hamuda 3ma bandila innawa police ta control karanna bari awastha wala mardana mada pawatwanna support karanna
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    සාමාන්‍ය මිනිස්සු අතරට කලු ඇදන් තුවක්කු උස්සන් එන පක්කු නම් එපා .නිකන් පිටසක්වලින් බැහැල වගේ රගන වේ xx පුතාල
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,659
    1,955
    113
    Here and there
    හමුදාව තියෙන්නෙ රටට බාහිරින් එල්ලවන තර්ජන වලට ප්‍රතිචාර දක්වන්න. රට ඇතුලෙ ප්‍රශ්න අයිතිවෙන්නෙ සිවිල් ප්‍රශ්නවලට. ඒවා අයිති පොලිසියට.

    මේ ඇරුනම ඔය OP ලියල තියෙන දේවල් සත පහක වැඩක් නෑ
    මේක වැරැදියි, ඔය තියරියට අනූව ආමි එකට LTTLE එකට මුකුත් කරන්නත් බෑ නෙ. මොකද ඒකත් රට ඇතුලෙ ප්‍රශ්නයක් නෙ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,938
    1
    58,245
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේක වැරැදියි, ඔය තියරියට අනූව ආමි එකට LTTLE එකට මුකුත් කරන්නත් බෑ නෙ. මොකද ඒකත් රට ඇතුලෙ ප්‍රශ්නයක් නෙ.
    සිවිල් යුද්ධයක් කියල කිව්වෙ ඒකනෙ.
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    --------