ඔබ මෙවැනි දසුනක් දුටුවහොත් බිය නොවන්න. කලබල වී ගිණි නිවන හමුදාවට, සහයක හමුදාවන්ට ඇමතිය යුතු නොවේ. කෙසේවත් ඔබ මොවුන් මරා දැමීමට ඉවත් කීරීමට කිසි විටකත් නොසිතන්න.
මේ මී මැස්සන් දුර ගමනකදී පැය 24 කට ගිමන් නිවා ගන්නා අවස්තාවකි. ඔවුන්ට සමීප වී බාදා කිරීමක් හෝ හිරිහැර කිරීමක් නොකල යුතුය. මී මැස්සන්ගෙන්ද ඔබට හිරිහැර නොවෙනු ඇත.
ඔවුන්ට "සීනි දිය කෙරූ වතුර" දැමූ පැතලි බන්දේසියක් කිට්ටු කිරීම මගින් මී මැස්සන්ට නැති වූ ශක්තිය ලබා දිය හැකිය. සීනි දියරය මගින් කුසගිනි නිවී , ශක්තිමත් වූ විගස මීමැස්සන් පියාසර කරනු ඇත.
මෙම සංක්රමණික මී මැස්සන් අප රැක ගත යුතුමය. ඔවුන් අපගේ දිවි සුරැකීමේ රක්ෂනයකි. මී මැස්සන් නොමැතිව අපද මිහිමත ඉතිරි නොවෙනු
