මේක යුධ සමයේ සිදු වුන සත්‍ය සිදුවීමක් හැබැයි මේ නූලේ කියලා තියන ප්‍රශ්ණයට නම් අදාලත්වයක් නෑ...... එම සිදුවීමට කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සමබන්ධ වී ඇති නිසා මෙතනදී හැමෝගෙම දැනුවත් කිරීම උදෙසා මෙන්ම එයින් යම් පාඩමක් ගෙන හැම දේම නෑ, බෑ කියලා සෘනාත්මක චින්තනයක නොසිට මෙම නරා වලෙන් අපිට ගොඩ එන්න පූළුවන් බව සිතා එම සිදු වීම මෙයට ඈදා කියන්න හිතුනා.....
නැගෙනහිර මානුෂිය මෙහෙයුම ආරම්භ කර ඉදිරියට සිදු කරගෙන යන කාල සීමාවේදී LTTE එකට ලොකු හානියක් සිදු වෙමින් ඔවුන්ගේ සාමාජිකයින් තුවාල සිදුවීම ක්‍රමිකව ඉහල යාම සිදු වුනා.. එහිදී ඔවුනට විශාල ගැටළුවක් මතු වුනා.. වෙඩි වැදුන සාමාජිකයින් වෙත අවශ්‍ය Battle Dressing Bandage හෙවත් Absorbent Wound Dressing හෙවත් මෙරට හමුදා අංශ වල Cell Dressing යන නමින් සාමාන්‍ය ව්‍යවහරයේ යොදා ගන්නා, පපුවට හෝ උදර කුහරයට හෝ වෙනත් ස්ථානයකට වෙඩි වැදි දරුණු තුවාල සිදුව ඇති කෙනෙක්ට ප්‍රමාධාර සිදු කිරීමේදී ඉතා වැදගත්, රුධිරය ඉතා ඉකමනින් උරා ගනු ලබන මෙම Bandage වල දැඩි හිගයකට මුහුණ දෙනවා.
ඔවුන් ඒ සදහා විකල්ප සොයනවා.... ඔවුන් සොයා ගන්නවා ඉතාමත් මිල අඩු මෙන්ම ඉතාමත් කාරයක්ෂම මෙන්ම අතිශ්‍ය ආරක්ෂාකාරී ක්‍රමවේදයක්....
මොකද්ද ඒක?????
කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා භාවිතා කරලා LTTE එක Battle Dressing Bandage එකක් නිෂ්පාදනය කරනවා...
ඔව්.... ඔවුන් ඉතාමත් සාර්ථක ලෙස එම අභියෝගය ජය ගන්නවා..... බලන්න එය කොයිතරම් නිර්මාණශීලි ක්‍රියාකාරකමක්ද....
එහි කාර්යක්ෂමතාවය කෙතරම්ද කිවහොත් අපගේ යුධ හමුදාවන් භාවිතයට ගත් විදේශයක නිෂ්පාදිත Battle Dressing Bandage වල ක්‍රියාකාරීත්වය පවා අභිබවා යමින් මෙය යුධ බිමේදී තුවාල ලත් LTTE සාමාජිකයින් නැවත සුවපත් කිරීම උදෙසා මහගු කාර්යයක් සිදු කලා.
එය එසේ සිදු වෙනකල් අපේ ආරක්ෂක හමුදාවෝ බලා සිටියාද?
පිළිතුර :- නැත.
LTTE පාලන පෙදෙස් වල සිටි කාන්තාවන් සනීපාරක්ෂක තුවා පැලදීම තියා ඔවුන් අඩුම ගානේ යට ඇදුම් හෝ තණ පටවත් නොපලදින තත්ත්වයක එවකට LTTE පාලනය විසින් එම පාලන පෙදෙස් වල ජන සමාජය බිද වට්ටවා තිබූ වාතාවරණයක එක්තරා කාන්තා සනීපාරක්ෂක තුවා අලවි සමාගමක (එහි නම නොකියමි) මඩකළපුව සහ අම්පාර ප්‍රදේශය භාරව සිටි අලවි නියෝජිතයෙක් සනීපාරක්ෂක තුවා LTTE සංවිධානය වෙත අලවි කිරීම සිදු කරන බවටත්, ඔහු එමගින් මාස කීපයක් එක දිගට දිවයිනේ අනෙක් සෑම අලවි නියෝජිතයින් පරයමින් කප් පිට කප් ගසමින් තම Sales Targets කිසිදු අපහසුවකින් තොරව සපුරා ගන්න බවටත් හමුදා සහ පොලිස් බුද්ධි අංශ අණාවරනය කර ගැනීමට සමත් වෙනවා...
ඒ අනුව වර්ථමානයේ මඩකලපුව කරදියනාරු පොලිස් බල ප්‍රදේශයට අයත් එවකට LTTE පාලනය යටතේ පැවති A-05 මාර්ගයේ පසක පිහිටි කරදියනාරු පැරණි ගොවිපලේ විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන යන අයගේ නායකත්වයෙන් තේනාම් බේස් යන නමින් LTTE ආරක්ෂක බලකොටුවක් පවත්වාගෙන ගිය අතර, ඊට ආසන්නව කරදියනාරු හංදියේ සිට ආයිත්තමලය හා උන්නච්චිය දෙසට ගමන් ගන්නා අතුරු මාර්ගයේ 1km පමණ ගිය විට පිහිටා තිබු එවකට LTTE නිල ඇදුම් මසන කර්මාන්ත ශාලාවට (මෙය ගුවන් හමුදා කෆීර් යානා ප්‍රහාරයකට ලක්ව සම්පුර්ණයෙන් විනාශ විය) අදාල කාන්තා සනීපාරක්ෂක තුවා තොගයන් සැපයුම් කරන බව මේ පිළිබදව විමර්ශණය කරන පොලිස් සහ හමුදා විමර්ශණ අංශ විසින් වැඩිදුරටත් අනාවරණය කර ගන්නා ලදී.
ඊට සමගාමීව භූමියේ සටන් වල නියුතු හමුදා භට පිරිස්ද කාන්තා සනීපාරක්ෂක තුවා මගින් LTTEය නිෂ්පාදනය කල Battle Dressing Bandage සොයා ගැනීමට සමත් වූ අතර, අදාල තොරතුරු මගින් ඉහත පරිදි LTTEය කාන්තා සනීපාරක්ෂක තුවා ඉල්ලුම් කලේ සත්‍ය වශයෙන්ම Battle Dressing Bandage නිෂ්පාදනයට වන බව සැක හැර දැන ගෙන නිගමනය කරන ලදී.
මෙය අතිශය මානුෂීය හේතුවක් වෙනුවෙන් සිදු කල බැවින් අපගේ වීරෝධාර හමුදාවෝ කාන්තා සනීපාරක්ෂක තුවා LTTE පාලන පෙදෙස් වෙත සැපයුම් කිරීම සදහා කිසිදු බාධාවක් හෝ වාරණයක් සිදු නොකල අතර, LTTEය සමග මුදල් ගණු-දෙනු කරමින් ඊට සම්බන්ධව සිටි පිරිසට එරෙහිව අවශ්‍ය නෛතිකමය පියවර ගැනීමට ක්‍රියා කරන ලදී.....
මානුෂීය මෙහෙයුමේදී අපගේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ක්‍රියා කලේ එවැනි වු ආකාරයෙන් මනුසත්කම හොදින් දත් දෙවිවරු ලෙසටයි.....
මෙයින් උගත හැකි පාඩම් නම්......
කිසිම දේකට අපිට නෑ හෝ අපිට බෑ කියමින් සෘණාත්මකව සිතමින් කම්මැලිකමින් නොසිට ප්‍රශ්ණ වලට පිළිතුරු හෝ විකල්ප සෙවීම පමණයි...
එහෙත් මෙම නුලෙන් කියා ඇති ප්‍රශ්ණයට පිළිතුරු සැපයීමට මා විශේෂඥයෙක් නොවෙමි....
එබැවින් මා...... සජී පුතාණෝ 2018 එළිදැක්වු Padman නම් හින්දි චිත්‍රපටය නරඹා වලිගය පාගා ගත් ගොනෙකු සේ එය දේශපාලන වේදිකාවේ කියා හොට පටලවාගත්තා සේ..... මම නොදන්න ගැටළු වලට විශේෂඥ උපදෙස් දෙන්නට ගොස් පුක බිම ඇණ ගන්නේ නැත.
සජී පුතාණෝ පැඩ් එකත් දේශපාලණීකරණය කලා සේම රජයට කඩේ යමින් ඊට පිළිතුරු සපයා සංජීවනී වීරතුංග උත්තමාවියත් නටපු විගඩම මට සේම මේ කිරියේ සියළුම දෙනාට මතකයේ ඇති බව සිතමි.... මේ නූලේදී කීප දෙනෙකු විසින් එම විගඩම නැවත මතක් කර දී දේශපාලුවන්ගේ පිස්සු විකාර නැවත මතක්කර දුන්නාට ස්තුති කල යුතුය.... @
IceBear විසින් මෙම නුලෙදි සජී පුතාණෝ මහා වීරකමක් කලා සේ එය හුවා දක්වා පුතාණෝට කඩේ ගියා සේ.... බයි, ටොයි, සජබ, ජෙප්ප වැනි කිසිදු දේශපාළුවෙක්ට කඩේ යන්න එපා.... රජයේ ජනාධිපතිවරයා ඇතුළු 225 ම අපේ විශ්වාසය කඩ කොට අවසන් බව සිහි තබා ගන්න.
වසර 73 ක පක්ෂ දේශපාලනය අද අපේ ලස්සන රට මහා ප්‍රපාතයකට ඇද දමා අපගේ ජනතාව බෙල්ලටම හිර කර දමා ඇත.... එය දේශපාලකයාගේ මෙන්ම මහජනතාව වන අපගේත් වගකීම් විරහිත ක්‍රියා කලාපය නිසා අප අත් කරගත් ඉරණමක් වී ඇත..... එහෙත් අපට මෙයින් ගොඩ යා හැකි බව සිහිතබා ගන්න....
කවදාවත්ම නෑ බෑ කියන්නේ නැතිව..... LTTEය නම් අප පරාජය කල අපගේ සතුරා මා ඉහත කී පරදි ගැටළු වලට පිළිතුරු සෙව්වා සේ......
අතිශය මානුෂීය මෙම ගැටළුව වගේම මෙරටේ පවතින සියළුම ගැටළු සදහා මිලෙන් අඩු රටට දරන්න පුළුවන් විදියට වගේම ඉතාමත්ම කාර්යක්ෂම, ප්‍රායෝගික, ආරක්ෂාකාරී සහ සඵලදායී පිළිතුරු සොයන්න....
ශ්‍රී ලාංකික අප සැමට එය කල හැක.... දැන්වත් නින්දෙන් අවදිවන්න... නැත්නම් අපේ උතුම් මව් රට තවත් අගාධයට යනු ඇත.....
මෙය අරගලයට කඩේ යෑමක්ද නොවන වග කරුණාවෙන් සලකන්න.... ශ්‍රී ලාංකිකයෙකු විසින් තවත් ශ්‍රී ලාංකිකයකුට සිදු කල ඉල්ලීමක් සේ සලකා දැන්වත් කරුණාකර අවදිවන්න....
ස්තුතියි!