IMB Rating අංක 1 වෙච්ච ෆිල්ම් ඒක බැලුවා

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,841
    11,511
    113
    පුදුම ගැම්මක්..කොච්චර තාක්ෂණය තිබ්බත් මේ ෆිල්ම් ඒ්ක මාරම පට්ටයි.
    සාධාරණයි අංක 1 දුන්න විදිය

     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,059
    113
    මෝගන් ෆීමන්ට කැමති උනේම මං මේක බලල... හැබැයි මං බලලත් සෑහෙන්න කාලයක්.
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මේකෙන් බලන්ද දන්නේ නෑ Prison Break TV Series හැදුවේ?

    මේකේ අර හිර ගෙයි ගල් වලට නම් දැම්මේ නැද්ද අහනකොට නම් පව් හිතෙනවා බන් ඒ මනුස්සයා

    IMDB Top 250 එකේ උඩම තියෙන හැබැයි පොඩ්ඩක් පරණයි කියන ෆිල්ම් වල පට්ටම කතාවක් තියෙනවා (1990+)
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,852
    113
    111
    Gotham
    batman.com
    Fun fact. - 1994 is the best year for movies IMO.

    few movies released on 1994

    1. The Shawshank Redemption (1994)
    2. Forrest Gump (1994)
    3. Pulp Fiction (1994)
    4. Léon: The Professional (1994)
    5. The Lion King (1994)
    6. Speed (1994)
    7. Four Weddings and a Funeral (1994)
    8. Stargate (1994)
    9. The Mask (1994)
    10. Interview with the Vampire: The Vampire Chronicles (1994)
    11. Dumb and Dumber (1994)
    12. Legends of the Fall (1994)
    13. Chungking Express (1994)
    14. The Crow (1994)
    15. Natural Born Killers (1994)
    16. Ace Ventura: Pet Detective (1994)
    17. Ed Wood (1994)
    18. True Lies (1994)
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,714
    13,267
    113
    1900-2000 gahapu supirima oya wage set ekak tynwa. wediya fighting action technology nehe. ewnata supirima katha. oya imdb eke uda tyena serama hodai :yes:
     

    rasidass

    Well-known member
  • Sep 12, 2018
    325
    345
    63

    The Shawshank Redemption (1994)​

    බලමුද ලොව අංක එකේ චිත්‍රපටය? මේ චිත්‍රපටය ගැන කියන එකත් එක්තරා විදියක අභියෝගයක්.. මොකද එක වැරදි වචනයකින් ගොඩක් දේවල් අවුල් වෙන්න පුලුවන්.. ඒ තරම්ම හොද කතාවක්…

    ඇත්තටම එළම ෆිල්ම් එකක් බලන්න ආස කෙනෙක් නම් මේ ලිපිය කියවන එක මෙතනින් නවත්වල ෆිල්ම් එක බාන්න පටන් ගන්න. මම දැන් කියන්නම් මේකෙ කතාව. එක්තරා පුද්ගලයෙක් හිරයට නියම වෙනව තමන්ගෙ බිරිද මැරු චෝදනාවට වරදකරු වීමෙන්, මෙතැනින් තමයි ෆිල්ම් එක පටන් ගන්නෙ. මේ පුද්ගලයා හිරගෙදර ජීවිතයට හැඩගැසෙන අයුරුත් එහිදී ඔහුට හමුවන සුවිශේෂී පුද්ගලයෙකුත් වට කරගෙන කතාවෙ මුල් භාගය ගෙවෙනව. සිරගෙදර ඇතුලත සමලිංගිකත්වය, මිනිසෙක්ට නිදහස කියන දේ කොච්චර වටිනවද යන මාතෘකා මෙහිදි අපිට අවධාරණය කරනව. මොහු හිරගෙදර ජීවිතයට හැඩ ගැසුන පසු හිරගෙදර වෙනස්ම තැනක් කරන්න උත්සාහ කරනව. ඒක සාර්තක වෙයිද කියල ඔයාලට ෆිල්ම් එක බැලුවොත් තේරෙයි…

    මේ චිත්‍රපටයේ අවසාන භාගය ගැන කතා කරනව නම් ඔබව අන්ද මන්ද කරන මොහොතක් එලැබෙනව.. මුල් භාගයෙම ඔබේ මනස තුල ගොඩනැගුන සියලුම අදහස් වෙනස් කරමින් අවසන් භාගය ගෙවෙනව.. ඇත්තටම ඔබ මවිත කරන චිත්‍රපටයක්.. ඒ වගේම මිනිස් හැගුම්, අධිශ්ටානය, කැපවීම වගේම බුද්ධියෙන් ප්‍රයෝජනය ගන්න හැටි කියල දෙන මේ ෆිල්ම් එක ඇත්තෙන්ම ලොව හොදම ෆිල්ම් එක ලෙස වැජඹෙන්න සියළු සුදුසුකම් සපුරා තියෙනව…

    ඔබ චිත්‍රපටයකින් බලාපොරොත්තු වන සියළු දේ මෙහෙ අන්තර්ගතයි කියල කෙටියෙන් කියන්න පුලුවන්.. මේකෙ කතාව ගැන කියනවට වඩා සමස්ථ චිත්‍රපටයම ගැන කිව්වෙ ඔයාලට උපරිමෙන් රසවිදින්න ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්…

    ඔස්කාර් සම්මාන 7කට නිර්දේශ වූ, තවත් සම්මාන 11ක් දිනාගත් මෙම චිත්‍රපටය..

    උපුටා ගැනීම :- https://www.baiscopelk.com/the-shawshank-redemption-1994-sinhala-subtitles/
     
    • Like
    Reactions: Arumbaya De Almeida