Bmw 520d F10

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ස ඇතුලු 225 ඉන්නකන් ලංකාවේ එවුන්ට ඔය වගේ වාහනයක් ගන්න එක හීනයක්, ගත්ත ඒකාට නඩත්තු කරන් යන එක හීනයක්.. ඒ ඔක්කොම සැබෑවක් වෙන්න එක්කෝ කුඩු බිස්නස් කරන්න වෙනවා අසාධාරණ විදිහට හම්බ කරන්න වෙනවා... 225 ආශිර්වාදේ ලැබෙන්නේ එතකොට..
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    mehe thiyenewa machan. adui. 4L air suspension apu fully loaded ewa man dakala thiyenewa. thawa thiyenne KDJ150 3L common rail diesel ekai diesel 5L engine with manual transmission(Toyota Lanka brand new import).
    parana sahara balanna 1999 wage, patta option tkk tienne, mehe itn boru ganan. wahana poddai tienne.

    dan europe ekakta gyama wenasa therenawa habai, comfy eka patta wadi europe ewage, awla itn maintenance tama. dana engine oil 4L 30,000 wtra wenawa. ESP 5W eka.
     
    • Like
    Reactions: hrm

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,137
    71,655
    113
    15M da khd 😂 dan okkoma oya gana mchng
    could have bought one (bought a civic for close to 14mil few weeks back). this is KU. Know a guy a guy who bought a CAB for 1.7mil or so just before the price went up again.
    But the thing is maintenance cost is quite high with the european stuff. so opted not to.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    BMW 520d එක මුලින්ම ලංකාවෙ දකින්න ලැබුනෙ 2011 වර්ශයෙදි. මීට කලින් BMW F10 Chassi එකෙන් ආවෙ Petrol වාහන විතරයි. Permit සහනත් එක්ක ලංකාවට 520d වැඩි වශයෙන් ආනයනය කරා. ගොඩක්ම ගෙනාවෙ BMW Agent Prestige Automobiles තමයි.

    BMW 520d කියන්නෙ 2000cc | 4 Cylinder | Twin power-Turbo එන්ජිමක් තියෙන වාහනයක්. Gearbox එක 8 speed Automatic(Streptronic). Standard ආවෙ Rear Wheel Drive.

    ලංකාවෙ තියෙන ගොඩක් BMW 520d වල option අඩුයි. මොකද permit වලට ගෙනාව වාහන නිසා යම්කිසි උපරිමයකට යටත් වෙන්න වෙන නිසා. 2011 ඉදන් 2014 වෙනකන් ආවේ Pre-Facelift Model එක. 2014 ඉදන් 2016 වෙනකන් ආවා Facelift model එක. මේ අතර ආවා M Sport Version එකකුත්. M5 එක ගැන නෙවෙයි මේ කියන්නෙ. Bodykit එකයි ඇතුලෙ පොඩි පොඩි features ඇරුනම ඔක්කොම එක සමානයි.

    Maintenance Cost එක ගැන කිවුවොත් Normal Regular Service එක කරන්න ඕන 8000-10000 km අතර. මේකට Oil, Oil Filter අවශ්‍ය නම් Air Filter එක මාරු කරනවා. Oil එක Shell Helix ULTRA 5W40. But BMW Recommends Castrol. ඒකට අමතරව Cabin Air Filter, Diesel Filter මාරු කරන්න ඕන 40000 km වලට සැරයක්. Gearbox එක නම් Lifetime oil එකක් ත්මයි දාලා තියෙන්නෙ. ලංකාවෙ නම් මේක ඕන උනොත් මාරු කරනවා. Normal practice is to change around 80,000km.

    Tyre නම් එන්නෙ 225/55/R17 Run Flat Standard. 18” Wheel ආව Models තියෙනවා. Run Flat නොවෙන tyre නම් අඩුවට තියෙනවා. මේකෙ Jack එකක්, Tyre Repair Kit එකක් තියා Wheel Brush එකක්වත් එන්නෙ නෑ. ඒක නිසා Runflat දාන එක තමා හොදම.

    තෙල් නම් City 10-12 Kmpl, Outstation 15-18 Kmpl වගේ කරනවා. අපේ Driving Habits, Driving Mode එක අනුව මේක වෙනස් වෙනවා. Sport, Comfort, Eco කියලා Driving Modes 3ක් එනවා. 70L Fuel Tank Capacity එකක් තියෙනවා උපරිම වේගය 240 km/h වගේ තමයි. Regenerative Braking එනවා.

    4 දෙනෙකුට සැපට යන්න පුලුවන්. පිටිපස්සෙ 3න් දෙනෙක් යනවා නම් Gear Box Hump එක නිසා මැද යන කෙනාට අමාරුයි. පිටිපස්ස seat නම් පට්ටම සැප. Long Drive වලට කියාපු වහනෙ. Boot Capacity එකත් ගොඩක් හොදයි.

    Rear Brake Pads මාරු කරන්න වෙනවා 25000 Km වලින් වගේ. Front Brake Pads නම් 35000ක් වගේ පුලුවන්. 45000ක් වගෙ වෙනවා Brake Pads Set එකක්. Brake Disk එකක් 35000ක් වගේ වෙනවා. Price ඔක්කොම Prestige Automobile එකෙ ගනන් දාල තියෙන්නෙ. Auto Bavaria, Milroy වගේ තව තැන් තියෙනවා Service කරගන්න පුලුවන්.

    Power Mirrors, Power Shutters, Adaptive Dampers, Power Seats, Power Steering Wheel Adjustment. USB Audio, Bluetooth, DVD, Navigation, Rear Sunblinds, Xenon Headlights, LED Rear Lights, Daytime Running Lights, Center Lock වගේ සාමන්‍ය options ගොඩක් තියෙනවා.

    ඇතුලෙ තියෙන Display එකෙන් වාහනේ සියලුම කරන්න තියෙන Maintenance බලගන්න පුලුවන්.

    මම දැකලා තියෙන ප්‍රශ්න තමයි ගොඩාක් වාහන වල අව්වෙ නවත්තලා තිබ්බම Interior Trims Damage වෙන එක. ඒවා මාරු කරන්න පට්ට ගානක් යනවා. වාහනෙ දිග වැඩි නිසා මැද වදින්න පුලුවන් අවදානමක් තියෙනවා.Ground Clearance එක නම් ගොඩාක් හොදයි. ලොකුම අවුල තමයි Maintenance Cost එක. අනික ලංකාවෙ OEM Parts හොයගන්න අමරුයි. Genuine Partsම තමා දන්න වෙන්නේ. වෙලාවට Maintenance කරන්න බැරි නම් ගන්න එපා. හරියට වෙලාවට Maintenance ටික කරගත්තා නම් අවුල් මුකුත් නෑ.

    -Written by a car enthusiast..! Some small things corrected by me. All credit to the original writer

    My car is a BMW F30 320d which is almost the same with 1 second faster to 100km/h with 0-100 in 7.1 seconds. Comfort and space is less than the F10. But handling and chassis is better.

    --Copied--
    ලංකාවේ මම 528i, 535i ත් දැකලා තියනවා
     
    • Like
    Reactions: batwise

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    oya kiyana taran athal ekak tiyenawada LC eke?
    mata nan na.
    ඕකත් අර දූරියන් කනවා වගේ තමයි මචං සමහරු පට්ට ආසයි සමහරුන්ට ගඳට වමනේ යනවා

    සමහරුන්ගේ ජිවිතේ ලොකුම දේ තමයි LC V8 එකක් පදින එක , තවත් සමහරුන්ට ඕක ලොරි බාගයක් පදිනවා වගේ අවුල්
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,493
    15,849
    113
    111
    Gotham
    batman.com
    ඕකත් අර දූරියන් කනවා වගේ තමයි මචං සමහරු පට්ට ආසයි සමහරුන්ට ගඳට වමනේ යනවා

    සමහරුන්ගේ ජිවිතේ ලොකුම දේ තමයි LC V8 එකක් පදින එක , තවත් සමහරුන්ට ඕක ලොරි බාගයක් පදිනවා වගේ අවුල්
    ඕක තේරෙන්නේ නැති ගොඩක් අය අනුන්ගේ අදහස් නිකන් criticise කර කර බොරුවට වලි දාගන්නවා. 😁
     
    • Like
    Reactions: Oli_Vili

    shenat

    Well-known member
  • May 13, 2007
    57,852
    86,055
    113
    ආශ්චර්යමත් රටක
    ඕකත් අර දූරියන් කනවා වගේ තමයි මචං සමහරු පට්ට ආසයි සමහරුන්ට ගඳට වමනේ යනවා

    සමහරුන්ගේ ජිවිතේ ලොකුම දේ තමයි LC V8 එකක් පදින එක , තවත් සමහරුන්ට ඕක ලොරි බාගයක් පදිනවා වගේ අවුල්

    සිරාවට බන්. යාලුවෙක් ගත්තා එකක් 2021 brand new. මමත් ඩ්‍රයිව් කරලා, පැසෙන්ජර් කෙනෙක් විදියට ගිහිල්ලත් තියෙනවා. කියන්න විශේෂත්වයක් නෑ මට නං.

    මෙහේ දුර පාරවල් වල යද්දි නං මහන්සි අඩු ඇති.
     
    • Like
    Reactions: Oli_Vili

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    සිරාවට බන්. යාලුවෙක් ගත්තා එකක් 2021 brand new. මමත් ඩ්‍රයිව් කරලා, පැසෙන්ජර් කෙනෙක් විදියට ගිහිල්ලත් තියෙනවා. කියන්න විශේෂත්වයක් නෑ මට නං.

    මෙහේ දුර පාරවල් වල යද්දි නං මහන්සි අඩු ඇති.
    මම නම් ආසම front passenger seat එකේ පොඩිඑකා වගේ වටපිට බලබල යන්න බන්. අලුත් lc එක v6 , උඹලගේ වගේ දුර පාරවල් වල යන්න නම් හොඳයි ඒත් ලංකාව වගේ පුංචි දුප්පත් රටකට ඕවා ලොකු වැඩියි කියලයි හිතෙන්නේ මටනම්
     
    • Like
    Reactions: shenat