මගේ වගාව...

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    mamath elawalu hitawala thibune ban.

    gedara Mason wadak patan gaththa. wagawe kaelith na dan waththama pas godak.

    Masonla gas ekka mara tharahai ban.

    Gotukola, Mugunuwanna, niwithi, thampala thibba.

    Wambatu, dehi, rampa, sera, karapincha thibba.

    mun okkoma gas kadala ban. ewa udata thamai pas dala thiyenne. wathhe thanakola thibba ewwata mokuth karala na. kalakanni.
    ඇත්තටම බාස් හැත්ත එක්ක ගස් තියාගන්නව කියන්නෙ බොරු....

    වැඩ කරන අස්සෙ ගහේ දල්ලක් ඇඟේ ගෑවුනොත්, මුලටම උදළුපාරක් දීල ගහම අයින් කරනව....😥😥
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    මේකෙ කමෙන්ට් කියෙව්වමනං රටේ මිනිස්සු ගැන පුදුම කලකිරීමක් එන්නෙ....

    රාජ පස්සල රට කෑව තමයි. හැබැයි දැන් ඒක ගැන කියෝ කියෝ අත පය පොරවගෙන ඉන්නව කියන්නෙ,
    අතීතෙ හිටපු රාවනාගෙ ගුන වය වය පිං බත් ගිල ගිල ඉන්නව වගේ වැඩක්.....

    මේ වෙලාවෙ වගා කරනව කියන්නෙ මේ තියෙන අර්බුදෙන් ගොඩ එන්න තියෙන මගක් නොවෙන්න පුලුවන්... හැබැයි එහෙමයි කියල මුකුත් නොකර කී බෝඩ් වලින් වැඩ පෙන්නනවට වඩා මේ කරන වැඩේ ගොඩක් ශ්‍රේෂ්ඨයි.....



    මේකෙ කමෙන්ට් කරල තියෙන ගොඩක් අය, මේ කරන වැඩේ ඇද කුද කියල නෙගටිවු පැත්තම පෙන්නල, මේ මනුස්සයව කකුලෙන් ඇදල දාන්නනෙ හදන්නෙ.......
    එහෙම උංගෙයි බයියංගෙයි ලොකු වෙනසක් මටනං පේන්නෙ නෑ....
    බයවෙන්න එපා මචන්. ඕක වෙන බව දැන ගෙනමයි මම මේක දැම්මේ. මොකද සමහරු ඉන්නවා බන් ඇත්තටම මේ වගේ දෙයක් පටන් ගන්න හිතා ගෙන. උන්ට තේරෙන්නේ නැහැ කොහෙන්ද පටන් ගන්න ඕන කියන එක. මම පොඩියට හරි කරලා තියෙන දේ ගැන කියන්න හිතුවේ ඒකයි. ප්‍රයෝජනයක් ගන්න එකෙක් හරි ඒකෙන් ප්‍රයෝජනයක් ගනී. ඔය key board වීරයන්ට මන් බය නැහැ බන්. උන්ගේ කතාව දෝලාවෙන් ගමන පයින්. පඩ ෂෝ විතරයි.
     

    Hurtz

    Active member
  • Oct 15, 2017
    190
    144
    43
    In Her ♡ Heart
    මේකෙ කමෙන්ට් කියෙව්වමනං රටේ මිනිස්සු ගැන පුදුම කලකිරීමක් එන්නෙ....

    රාජ පස්සල රට කෑව තමයි. හැබැයි දැන් ඒක ගැන කියෝ කියෝ අත පය පොරවගෙන ඉන්නව කියන්නෙ,
    අතීතෙ හිටපු රාවනාගෙ ගුන වය වය පිං බත් ගිල ගිල ඉන්නව වගේ වැඩක්.....

    මේ වෙලාවෙ වගා කරනව කියන්නෙ මේ තියෙන අර්බුදෙන් ගොඩ එන්න තියෙන මගක් නොවෙන්න පුලුවන්... හැබැයි එහෙමයි කියල මුකුත් නොකර කී බෝඩ් වලින් වැඩ පෙන්නනවට වඩා මේ කරන වැඩේ ගොඩක් ශ්‍රේෂ්ඨයි.....



    මේකෙ කමෙන්ට් කරල තියෙන ගොඩක් අය, මේ කරන වැඩේ ඇද කුද කියල නෙගටිවු පැත්තම පෙන්නල, මේ මනුස්සයව කකුලෙන් ඇදල දාන්නනෙ හදන්නෙ.......
    එහෙම උංගෙයි බයියංගෙයි ලොකු වෙනසක් මටනං පේන්නෙ නෑ.ගොඩක් ...
    ඇත්ත කතාව මිස්... කොයි වලේ බැලුවත් කටේම රාජපක්ෂලා... ගොඩක් බයියෝ නම් රාජපක්ෂලවා කරෙන් බස්සලා... බයියෝ නෙවයි කියන උන් තාමත් රාජපක්ෂලාව කරෙන් බස්සලා නැහැ...මේ වෙලාවේ පුළුවන් විදිහට අපි ආර්ථිකයට දායක වෙන්න ඕනේ... ගොඩක් උන් අනුන්ට ඇගිල්ල දික් කරාම හරියි කියල හිතන් ඉන්නේ...
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Mage parshna walata Uttara dannawada macho
    මම ඒ ප්‍රශ්නෙට නම් උත්තර දන්නේ නැහැ මචෝ. දන්න කෙනෙක් උත්තර දෙයි. නැත්නම් YouTube එකේ පොඩ්ඩක් බලපන්. අනිවාරෙන් අද photos දානවා. ඊයේ රෑනේ thread එක දැම්මේ. හිතේ තිබ්බ ආසාවට එකත් දැම්මේ. එවෙලේ ගත්ත photo තිබ්බේ නැහැ.
     
    • Like
    Reactions: 119©

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    මේ දවස් වල හැමෝම වගේ හොයන දෙයක් ගැන තමා කතා කරන්න හැදුවේ. මම වගාව ගැන විශාරදයෙක් නම් නෙවේ. මගේ experience එක ගැන කියන්නම්.

    මට ලොකු වත්තක් නැති නිසා මම නම් වගා කරන්නේ ප්ලාස්ටික් පෝච්චි වල.

    මට මුලින්ම ආපු ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද පෝච්චි වලට ඕන කරන පස් හොයා ගන්නේ කියන එක. ඒකට නම් පොඩ්ඩක් සල්ලි වියදම් කරන්න උනා. අනිත් එක මේ දවස් වල permit නැතුව පස් ප්‍රවාහනය කරන්නත් බැහැ. පොඩ්ඩක් ඔය කොහෙන් හරි ගෝනියක දාගෙන යනවා නම් කමක් නැහැ. ට්‍රැක්ටර් වල අරන් යන්න බැහැ permit නැතුව. මුලින්ම පස් අරන් යන ලොරි පොරක් සෙට් කරන පස් කියුබ් එකක් ගෙන්න ගත්තා. කියුබ් එක 5000ක් උනා. ඒක වත්ත අයිනක බා ගත්තා පොරටම කියලා. හොඳ රතු පාට පස් එකක්. ගල් පොඩ්ඩක් තිබ්බා. පස් මිශ්‍රණය හදන වෙලාවට ගල් ඉවත් කර ගන්න ඕන. ඔන්න ඔහොමයි පස් හොයා ගත්තේ.

    ඊළඟට මම පස් මිශ්‍රනය හදා ගන්න කොහුබත්, කර දහයියා සහ කොම්පෝස්ට් පාවිච්චි කළා. තියෙනවා නම් ගොම පොහොර, කුකුල් පොහොර, එළු පොහොර වගේ දේවලුත් පාවිච්චි කළා. මම අනුපාත නම් බැලුවේ නැහැ. ඒ වෙලාවට ඇති කියලා හිතෙන ප්‍රමාණ වලට දැම්මා. මේ හැම දෙයක්ම දැන් පොහොර කඩ වල, පැළ තවාන් වල ගන්න තියෙනවා. ලොකු ගානක් වෙන්නේ නැහැ.

    අනිත් එක තමයි මම පෝච්චියේ ගහ හිටවන වෙලාවට හරි නැත්නම් ඇට තවාන් දාන වෙලාවට පෝච්චියේ උඩින් තියෙන පස් වලට යාරමිලා කොළ කැට පොහොර ටිකක් මිශ්‍ර කළා. අත් හදා බලන්න වගේ සමහර වෙලාවට ඩොලමයිට් එහෙමත් මිශ්‍ර කළා. කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ.

    කලින් කිව්වා වගේ මම හැම පැලයක්ම වගේ හිටවන්නේ උස අඩියක් පළල අඩියක් දිග අඩියක් වගේ වෙන ප්ලාස්ටික් පෝච්චි වල. ඊට වඩා පොඩ්ඩක් ලොකු පෝච්චි උනත් කමක් නැහැ. ඒ වගේ පෝච්චියක් රු. 150 ත් 200 ත් අතර ගානකට කඩෙන් ගන්න පුළුවන්.

    මම කිසිම පැලයක් කඩෙන් ගෙනාවේ නැහැ. මම බීජ ගෙනල්ලා ඒවා තමයි තවාන් දැම්මේ. හැම බීජ වර්ගයක්ම ගෙන්න ගත්තේ daraz එකෙන්.

    https://www.daraz.lk/shop/red-dimao...8snu8snuTg&itemId=120741772&channelSource=pdp
    https://www.daraz.lk/shop/cs-agro/?...wGKwwGKwXp&itemId=101800056&channelSource=pdp
    https://www.daraz.lk/shop/ebay-shop...WE64WE64Tc&itemId=121300450&channelSource=pdp

    මෙන්න මේ අයගෙන් තමයි මම බීජ ගෙන්න ගත්තේ. ගොඩක් දුරට බීජ නම් හොඳයි. මම ඇට තවාන් දැම්මේ පොඩි වගා මලු වල. ඒවත් පොහොර කඩේ ගන්න තියෙනවා.

    පැළ වල කොළ දෙකක් වගේ හොඳට හැදුනම මම වෙනම පොඩි පොච්චියකට පැළ මාරු කළා. සින්ටිමිටර 12-15 වගේ විශ්කම්භයක් තියෙන පෝච්චියක මම පැළ 2ක ගානේ වගේ හිටෙව්වා. ඒ පොච්චියක සති 2ක් 3ක් වගේ පැලයක් තිබ්බම ලොකු පොච්චියකට පැලයක් දාන්න පුළුවන් ගානට හොඳට හැදෙනවා. ඊට පස්සේ අර කිව්වා වගේ අඩියේ අඩියේ ලොකු පෝච්චියක පැළ එක ගානේ මම හිටෙව්වා.

    පැළ වලට හැම සතියකටම සැරයක් කාබනික කෘමිනාශකයක් මම spray කරනවා. ලොකු ගානක් වෙන්නේ නැහැ. එකත් daraz එකෙන් තමයි ගෙන්න ගත්තේ. හොඳටම වැඩ කරනවා.

    https://www.daraz.lk/products/i119730116-s1034049924.html?urlFlag=true&mp=1

    ඒ වගේම සති දෙකකට සැරයක් ඇල්බට් solution එක spray කරනවා නැත්නම් යාරමිලා කොළ කැට පොඩ්ඩක් පෝච්චි වලට දානවා. ගස් වලට මම දවසට එක සැරයයි වතුර දාන්නේ. එකත් අව්ව නැති දවස් වලට වැස්ස දවස් වලට දාන්නේ නැහැ. කාලගුනේ බලලා තමයි වතුර දාන වැඩේ කරන්නේ.

    ඔන්න ඔහොම තමයි ඉතින් මගේ වගාවේ වැඩේ වෙන්නේ. මේ ඔක්කොම කරන්නේ ඉතින් ජොබ් එකත් කරන අතරේ තමයි. කියන්න සතුටුයි දැනට නම් වගාව සාර්ථකයි. පලවෙනි අස්වැන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    පහලින් තව මම පාවිච්චි කරන එක එක උප කරන වල link ටිකත් දාන්නම්. මේ දේවල් පිටින් මීට වඩා අඩුවට ගන්න ඇති. එත් මට ලේසි නිසා හැම දේම daraz එකෙන් තමයි ගෙන්න ගත්තේ.

    https://www.daraz.lk/products/i106150102-s1013754875.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i120634931-s1035624620.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i106508138-s1014344507.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i106286504-s1014066569.html?urlFlag=true&mp=1

    අනිත් එක කොම්පෝස්ට් ගනිද්දී ඔය නගර සභාවෙන් කුණු අබරලා හදන කොම්පෝස්ට් නම් ගන්න එපා. කිසිම තේරුමක් නැහැ. ඒවා දැම්මම හොඳට තියෙන ගහත් මැරෙනවා. ඒක නිසා හොඳට ඒක බලලා ගන්න.

    මම දැනට හිටවලා තියෙනවා මල් ගෝවා, ගෙඩි ගෝවා, තක්කාලි, අමු මිරිස්, මාළු මිරිස්, බෙල් පේපර්, සාමාන්‍ය වම්බටු, බෝල වම්බටු, බණ්ඩක්කා, රාබු. තව හිටවන්න දේවල් ගොඩක් අදහස් කරන ඉන්නවා. වගා කරන්න ආසාවක් තියෙන අයට කියන්න තියෙන්නේ වැඩේ පටන් ගන්න. කරගෙන යද්දී ප්‍රශ්න එයි. එත් ඒ හැම දේකටම විසඳුම් තියෙනවා. බය නැතුව වැඩේට අත ගහන්න. එහෙනම් හැමෝටම ජය වේවා.

    ඕනම ප්‍රශ්නයක් අහන්න. මගේ experience එකෙන් පුළුවන් විදිහට උත්තර දෙන්නම්.
    well done machan. can you please share some photoes please?
     
    • Like
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    xFMMAL5.jpg

    MarhFU0.jpg

    kh6Esgl.jpg

    aiEYEde.jpg

    21lt9nt.jpg

    roXNo5E.jpg

    OLJeUx1.jpg


    fDAYUAg.jpg


    ඇපල් පැළ දෙකකුත් තියෙනවා. උඩින් තියෙන්නේ ඒ දෙක.

    iAi9Mjl.jpg

    zAQCwkU.jpg


    ඉතුරු ටික තව ටිකකින් දාන්නම්.
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    මේකෙ කමෙන්ට් කියෙව්වමනං රටේ මිනිස්සු ගැන පුදුම කලකිරීමක් එන්නෙ....

    රාජ පස්සල රට කෑව තමයි. හැබැයි දැන් ඒක ගැන කියෝ කියෝ අත පය පොරවගෙන ඉන්නව කියන්නෙ,
    අතීතෙ හිටපු රාවනාගෙ ගුන වය වය පිං බත් ගිල ගිල ඉන්නව වගේ වැඩක්.....

    මේ වෙලාවෙ වගා කරනව කියන්නෙ මේ තියෙන අර්බුදෙන් ගොඩ එන්න තියෙන මගක් නොවෙන්න පුලුවන්... හැබැයි එහෙමයි කියල මුකුත් නොකර කී බෝඩ් වලින් වැඩ පෙන්නනවට වඩා මේ කරන වැඩේ ගොඩක් ශ්‍රේෂ්ඨයි.....



    මේකෙ කමෙන්ට් කරල තියෙන ගොඩක් අය, මේ කරන වැඩේ ඇද කුද කියල නෙගටිවු පැත්තම පෙන්නල, මේ මනුස්සයව කකුලෙන් ඇදල දාන්නනෙ හදන්නෙ.......
    එහෙම උංගෙයි බයියංගෙයි ලොකු වෙනසක් මටනං පේන්නෙ නෑ....
    sirawata henam negative set ekak inne, iye vena thread ekak mn kiwwa OP t vagawa karapu vidiya gana post ekak danna math asai kiyala. eka awilla baluwam goma godak karala godak evn :baffled:
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    මමත් පැකට් වල හදලා තියෙන්නේ. ලිදත් තියෙනවා වත්තත් අක්කර බාගයක් තියෙනවා. සෑහෙන්න දේවල් හදලා තියෙන්නේ කඩෙන් එළවලු ගේන්නෙම නැති තරම්
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,423
    6,308
    113
    මමත් පැකට් වල හදලා තියෙන්නේ. ලිදත් තියෙනවා වත්තත් අක්කර බාගයක් තියෙනවා. සෑහෙන්න දේවල් හදලා තියෙන්නේ කඩෙන් එළවලු ගේන්නෙම නැති තරම්
    Photos dapanko
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    u0iJV3A.jpg

    rYcB2Q4.jpg

    ziABfxW.jpg

    vjT8xRL.jpg

    BlsD25l.jpg

    yq3VCL4.jpg

    eTOFbBN.jpg

    KGXELLa.jpg

    FeofD5W.jpg
    QkKeBPZ.jpg


    ඔය ඔය උඩින් තියෙන්නේ සුදුළුණු. හරියයිද දන්නේ නැහැ. පොඩි අත්හදා බැලීමක්.
    Patta mchn.. good luck.. negative comments ganan ganna epa bn.. kavda manda oita vada kaden araganna eka labai kiyalath dala thibba dakka 😂😂