මගේ වගාව...

rambo321

Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    මේ දවස් වල හැමෝම වගේ හොයන දෙයක් ගැන තමා කතා කරන්න හැදුවේ. මම වගාව ගැන විශාරදයෙක් නම් නෙවේ. මගේ experience එක ගැන කියන්නම්.

    මට ලොකු වත්තක් නැති නිසා මම නම් වගා කරන්නේ ප්ලාස්ටික් පෝච්චි වල.

    මට මුලින්ම ආපු ලොකුම ප්‍රශ්නේ තමයි කොහොමද පෝච්චි වලට ඕන කරන පස් හොයා ගන්නේ කියන එක. ඒකට නම් පොඩ්ඩක් සල්ලි වියදම් කරන්න උනා. අනිත් එක මේ දවස් වල permit නැතුව පස් ප්‍රවාහනය කරන්නත් බැහැ. පොඩ්ඩක් ඔය කොහෙන් හරි ගෝනියක දාගෙන යනවා නම් කමක් නැහැ. ට්‍රැක්ටර් වල අරන් යන්න බැහැ permit නැතුව. මුලින්ම පස් අරන් යන ලොරි පොරක් සෙට් කරන පස් කියුබ් එකක් ගෙන්න ගත්තා. කියුබ් එක 5000ක් උනා. ඒක වත්ත අයිනක බා ගත්තා පොරටම කියලා. හොඳ රතු පාට පස් එකක්. ගල් පොඩ්ඩක් තිබ්බා. පස් මිශ්‍රණය හදන වෙලාවට ගල් ඉවත් කර ගන්න ඕන. ඔන්න ඔහොමයි පස් හොයා ගත්තේ.

    ඊළඟට මම පස් මිශ්‍රනය හදා ගන්න කොහුබත්, කර දහයියා සහ කොම්පෝස්ට් පාවිච්චි කළා. තියෙනවා නම් ගොම පොහොර, කුකුල් පොහොර, එළු පොහොර වගේ දේවලුත් පාවිච්චි කළා. මම අනුපාත නම් බැලුවේ නැහැ. ඒ වෙලාවට ඇති කියලා හිතෙන ප්‍රමාණ වලට දැම්මා. මේ හැම දෙයක්ම දැන් පොහොර කඩ වල, පැළ තවාන් වල ගන්න තියෙනවා. ලොකු ගානක් වෙන්නේ නැහැ.

    අනිත් එක තමයි මම පෝච්චියේ ගහ හිටවන වෙලාවට හරි නැත්නම් ඇට තවාන් දාන වෙලාවට පෝච්චියේ උඩින් තියෙන පස් වලට යාරමිලා කොළ කැට පොහොර ටිකක් මිශ්‍ර කළා. අත් හදා බලන්න වගේ සමහර වෙලාවට ඩොලමයිට් එහෙමත් මිශ්‍ර කළා. කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ.

    කලින් කිව්වා වගේ මම හැම පැලයක්ම වගේ හිටවන්නේ උස අඩියක් පළල අඩියක් දිග අඩියක් වගේ වෙන ප්ලාස්ටික් පෝච්චි වල. ඊට වඩා පොඩ්ඩක් ලොකු පෝච්චි උනත් කමක් නැහැ. ඒ වගේ පෝච්චියක් රු. 150 ත් 200 ත් අතර ගානකට කඩෙන් ගන්න පුළුවන්.

    මම කිසිම පැලයක් කඩෙන් ගෙනාවේ නැහැ. මම බීජ ගෙනල්ලා ඒවා තමයි තවාන් දැම්මේ. හැම බීජ වර්ගයක්ම ගෙන්න ගත්තේ daraz එකෙන්.

    https://www.daraz.lk/shop/red-dimao...8snu8snuTg&itemId=120741772&channelSource=pdp
    https://www.daraz.lk/shop/cs-agro/?...wGKwwGKwXp&itemId=101800056&channelSource=pdp
    https://www.daraz.lk/shop/ebay-shop...WE64WE64Tc&itemId=121300450&channelSource=pdp

    මෙන්න මේ අයගෙන් තමයි මම බීජ ගෙන්න ගත්තේ. ගොඩක් දුරට බීජ නම් හොඳයි. මම ඇට තවාන් දැම්මේ පොඩි වගා මලු වල. ඒවත් පොහොර කඩේ ගන්න තියෙනවා.

    පැළ වල කොළ දෙකක් වගේ හොඳට හැදුනම මම වෙනම පොඩි පොච්චියකට පැළ මාරු කළා. සින්ටිමිටර 12-15 වගේ විශ්කම්භයක් තියෙන පෝච්චියක මම පැළ 2ක ගානේ වගේ හිටෙව්වා. ඒ පොච්චියක සති 2ක් 3ක් වගේ පැලයක් තිබ්බම ලොකු පොච්චියකට පැලයක් දාන්න පුළුවන් ගානට හොඳට හැදෙනවා. ඊට පස්සේ අර කිව්වා වගේ අඩියේ අඩියේ ලොකු පෝච්චියක පැළ එක ගානේ මම හිටෙව්වා.

    පැළ වලට හැම සතියකටම සැරයක් කාබනික කෘමිනාශකයක් මම spray කරනවා. ලොකු ගානක් වෙන්නේ නැහැ. එකත් daraz එකෙන් තමයි ගෙන්න ගත්තේ. හොඳටම වැඩ කරනවා.

    https://www.daraz.lk/products/i119730116-s1034049924.html?urlFlag=true&mp=1

    ඒ වගේම සති දෙකකට සැරයක් ඇල්බට් solution එක spray කරනවා නැත්නම් යාරමිලා කොළ කැට පොඩ්ඩක් පෝච්චි වලට දානවා. ගස් වලට මම දවසට එක සැරයයි වතුර දාන්නේ. එකත් අව්ව නැති දවස් වලට වැස්ස දවස් වලට දාන්නේ නැහැ. කාලගුනේ බලලා තමයි වතුර දාන වැඩේ කරන්නේ.

    ඔන්න ඔහොම තමයි ඉතින් මගේ වගාවේ වැඩේ වෙන්නේ. මේ ඔක්කොම කරන්නේ ඉතින් ජොබ් එකත් කරන අතරේ තමයි. කියන්න සතුටුයි දැනට නම් වගාව සාර්ථකයි. පලවෙනි අස්වැන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

    පහලින් තව මම පාවිච්චි කරන එක එක උප කරන වල link ටිකත් දාන්නම්. මේ දේවල් පිටින් මීට වඩා අඩුවට ගන්න ඇති. එත් මට ලේසි නිසා හැම දේම daraz එකෙන් තමයි ගෙන්න ගත්තේ.

    https://www.daraz.lk/products/i106150102-s1013754875.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i120634931-s1035624620.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i106508138-s1014344507.html?urlFlag=true&mp=1
    https://www.daraz.lk/products/i106286504-s1014066569.html?urlFlag=true&mp=1

    අනිත් එක කොම්පෝස්ට් ගනිද්දී ඔය නගර සභාවෙන් කුණු අබරලා හදන කොම්පෝස්ට් නම් ගන්න එපා. කිසිම තේරුමක් නැහැ. ඒවා දැම්මම හොඳට තියෙන ගහත් මැරෙනවා. ඒක නිසා හොඳට ඒක බලලා ගන්න.

    මම දැනට හිටවලා තියෙනවා මල් ගෝවා, ගෙඩි ගෝවා, තක්කාලි, අමු මිරිස්, මාළු මිරිස්, බෙල් පේපර්, සාමාන්‍ය වම්බටු, බෝල වම්බටු, බණ්ඩක්කා, රාබු. තව හිටවන්න දේවල් ගොඩක් අදහස් කරන ඉන්නවා. වගා කරන්න ආසාවක් තියෙන අයට කියන්න තියෙන්නේ වැඩේ පටන් ගන්න. කරගෙන යද්දී ප්‍රශ්න එයි. එත් ඒ හැම දේකටම විසඳුම් තියෙනවා. බය නැතුව වැඩේට අත ගහන්න. එහෙනම් හැමෝටම ජය වේවා.

    ඕනම ප්‍රශ්නයක් අහන්න. මගේ experience එකෙන් පුළුවන් විදිහට උත්තර දෙන්නම්.
     
    Last edited:

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,277
    1
    59,296
    113
    Kaduwela
    𝐓𝐡𝐢𝐬 𝐌𝐞𝐬𝐬𝐚𝐠𝐞 𝐢𝐬 𝐁𝐫𝐨𝐮𝐠𝐡𝐭 𝐭𝐨 𝐘𝐨𝐮 𝐛𝐲 𝐀𝐯𝐚𝐧𝐭𝐠𝐚𝐫𝐝𝐞 𝐒𝐨𝐜𝐢𝐚𝐥 𝐌𝐞𝐝𝐢𝐚 𝐓𝐞𝐚𝐦™

    වම්බටු හිටවපු එක හොදයි උබේ අම්මා නාකි මයිනා නැතුව පාලුවෙන් ඉන්නේ නිව් අකවුන්ට් බැල්ලිගෙ පුතෝ.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    මචං කෙටි කාලීන වගේම දීර්ඝ කාලීන (අස්වැන්න අවුරුද්දක් දෙකක් විතර දෙන) බෝගත් හිටවන්න. ජොබ් එකක් කරන ගමන් කරද්දි සමහර වෙලාවට මාසය දෙක වගාවට මහන්සි වෙන්න බැරි උනාම එකපාර වගාවට අළුතින් පැල එකතු කරේ නැති උනාම අස්වැන්න නැති වෙනවා. එහෙම උනාම ඒකට උනන්දුව අඩු වෙනවා. දීර්ඝ කාලීන යමක් තියෙද්දි හැම දාම පලදාව එද්දි අනන්දුව නැති වෙන්නෙ නෑ.
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    මචං කෙටි කාලීන වගේම දීර්ඝ කාලීන (අස්වැන්න අවුරුද්දක් දෙකක් විතර දෙන) බෝගත් හිටවන්න. ජොබ් එකක් කරන ගමන් කරද්දි සමහර වෙලාවට මාසය දෙක වගාවට මහන්සි වෙන්න බැරි උනාම එකපාර වගාවට අළුතින් පැල එකතු කරේ නැති උනාම අස්වැන්න නැති වෙනවා. එහෙම උනාම ඒකට උනන්දුව අඩු වෙනවා. දීර්ඝ කාලීන යමක් තියෙද්දි හැම දාම පලදාව එද්දි අනන්දුව නැති වෙන්නෙ නෑ.
    ඒක ඇත්ත. 100% එකඟයි. පුළුවන් නම් ඒවගේ බෝග වල නම් ටිකකුත් කියන්න. හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,669
    6,438
    113
    ඒක ඇත්ත. 100% එකඟයි. පුළුවන් නම් ඒවගේ බෝග වල නම් ටිකකුත් කියන්න. හැමෝටම ප්‍රයෝජනවත් වෙයි.
    මම තිබ්බටු, බටු, දඹල එලවළුවක් විදියට දාල තියෙන්නෙ. වැල හොදට හැදුනම අලයක් එනවා. ඒ අලෙන් ආයෙ ආයෙ වැල හැදි හැදි කරල් එනවා. බටු පැල අස්වැන්න අරන් සිසන් එක ඉවර උන ගමන් අතු ඔක්කොම කපල දාන්න ඕන. ඊට පස්සෙ අළුතින් අතු දාල අලුත් ගහක් වගේ ආයෙ ගෙඩි හැදෙනවා.
    පලතුරක් විදියට පැෂන් ෆ්ර්ට් දා තියනවා. පෝච්චි ඇඹරැ්ල්ල දාල තියෙනවා. මිදි දැම්ම තවම ගෙඩි ආවෙ නෑ. ලෙමන් දාල තියෙනවා. හැම සතියකටම ගෙඩි තුන හතරක් කඩනවා. කාලෙකින් ගෙදරට දෙහි ගෙනත් නෑ.
    අල විදියට කොයි එකත් මාස 8 කට වඩා යනවා. මම අල ජාති පහ හයක් දාල තියෙනවා
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,556
    1
    57,677
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ වගේම සති දෙකකට සැරයක් ඇල්බට් solution එක spray කරනවා නැත්නම් යාරමිලා කොළ කැට පොඩ්ඩක් පෝච්චි වලට දානවා.
    මෙන්න රසායනික පොර දානවා අයියො
     

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    Patta.. kiyavannath asai.. ube mental health ekatath hondai.. gedara ayath support karanavada wife ammala thaththala ehema
    තාම marry කරලා නැහැ බන්. අම්මලාගෙන් කියලා විශේෂ උදව්වක් නැහැ. එපා කියන්නෙත් නැහැ. ඒ ගොල්ලොත් පුළුවන් විදිහට උදවු කරනවා. මම වෙලාව තියෙන හැම වෙලාවේම කරන්නේ වවන එක තමයි. කරන්නේ පොඩ්ඩක් stress ජොබ් එකක් නිසා ඔලුවට මාර සැහැල්ලුවක් එනවා වගා කරන පොඩි වෙලාවෙන්. මේ කිසි දෙයක් එක දවසින් කරපුවා නෙවේ. පුළුවන් හැම වෙලේම වගා කරන එක තමා කරන්නේ.

    photo danna
    අනිවා ළඟදීම දානවා.
    ------ Post added on Jun 6, 2022 at 11:28 PM
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    බොරුවක් උනත් බොහොම නිර්මාණ ශීලි විදියට ලියලා තියෙනවා පොඩි අවුලකට තියෙන්නේ උඹ ඩොලමයිට් දාපු එක තමයි , එතනින් උඹේ බොරු කතාවේ ෆ්ලෝ එක කැඩෙනවා , මොකද ඇත්තටම වගාකරන එකෙක් හේතුව දන්නවා

    google කරලා උඹේ ගෙවත්ත කියලා photo ටිකකුත් දාපන්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,072
    113
    invoke db "Injected Memory"
    මමත් වගාසීන් එකේ ඉන්නෙ මේ ටිකේ, ඩරාස් එකේ පට්ට ගනන් නෙ බං, හැම එකක්ම ඩබල් ප්‍රයිස්, :O
     
    Last edited:
    • Like
    Reactions: rambo321

    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,085
    113
    බොරුවක් උනත් බොහොම නිර්මාණ ශීලි විදියට ලියලා තියෙනවා පොඩි අවුලකට තියෙන්නේ උඹ ඩොලමයිට් දාපු එක තමයි , එතනින් උඹේ බොරු කතාවේ ෆ්ලෝ එක කැඩෙනවා , මොකද ඇත්තටම වගාකරන එකෙක් හේතුව දන්නවා

    google කරලා උඹේ ගෙවත්ත කියලා photo ටිකකුත් දාපන්
    මම පටන් ගත්තෙම මම මේවා ගැන විශාරදයෙක් නෙවේ කියලා. මම ආයෙත් කිව්වා මම මේ කියන්නේ මගේ experience එකෙන් කියලා. මම තව තැනක කිව්වා මම අත්හදා බලන්න කියලා කලේ කියලා. මම ඩොලමයිට් දැම්මේ ඒ දේ මහා පරිමාණයෙන් කරන කෙනෙක් කියපු නිසා. මිරිස් වවන කෙනෙක් මට කිව්වා ගස් හිටවන්න කලින් ඩොලමයිට් පොඩ්ඩක් පස් වලට කලවම් කරන්න කියලා. එයා කිව්වේ නම් එතකොට ගස් පොඩි කාලෙදිම ලෙඩ වෙන ගතිය ගොඩක් අඩු වෙනවා කියලා. මම ඕවගේ ඇත්ත නැත්ත විද්‍යාත්මක පැත්ත දන්නේ නැහැ. මම කිව්වනේ මුලින්ම. උඹට විශ්වාස නැත්තන් මට PM එකක් දාපන්. මම location එක එවන්නම්. කැමතිනම් අපේ ගෙදරට ඇවිල්ලා බලල යන්න පුළුවන්. මම උඹේ තර්කෙට එතනින් එහාට මොකුත් කියන්නේ නැහැ. මොකද මේවගේ දේවල් අලුත් දේවල් නෙවේ මේ දවස් වල බුකියේ කිරියේ share වෙන ඒවා දැක්කම. වැඩක් කරන මිනිහෙක් එක ගැන කතා කරන්න හැදුවම එකේ ඇද හොයන්න දාහක් උන් ඉන්නවා. මේක බොරුවක් කියලා කියන්න උඹට තියෙන අයිතියට මම ගරු කරනවා. පිළිගන්න උන්ට පිළිගෙන try කරලා බලන්න පුළුවන්. සියල්ල දත් කියලා හිතන් ඉන්න උන්ට මේක බොරුවක් කියලා හිත හද ගන්නත් පුළුවන්. කිසි ගැටළුවක් නැහැ. උඹට ඕන නම් මම daraz එකෙන් order කරපු receipt උනත් දෙන්න පුළුවන්. සමහර විට උඹට හිතෙන්න ඇති මම daraz එකේ seller කෙනෙක් කියලා. අනිත් එක කටින් බතල හිටවන system මම ගාව නැහැ. ජොබ් එක කරන්නෙත් ලංකාවේ තියෙන හොඳම company එකක හොඳම system එකක. ඒ වගේම තමයි අනිත් වැඩත්.