හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හදිසියේ රෝහල් ගතකර ඇති බව වාර්තා වේ. මේ වනවිට ඔහුව කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුලත් කර ඇති අතර රෝහල් ආරංචිමාර්ග පැවසුවේ ඔහුගේ තත්වය තරමක් අසාධ්‍ය බවයි.
ඔහුගේ රෝගය පිළිබඳ මෙතෙක් වාර්තා වී නොමැති අතර දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ බැසිල් රාජපක්ෂ රටින් පිටවීම සඳහා සිදුකරන තවත් රංගනයක් වියහැකි බවයි.
