කාපු ගමන් නාන්න ගිහිං මැරිලා😲

U.N.C.L.E

Well-known member
  • Jul 21, 2021
    1,290
    2,077
    113
    ලංකාවෙ දැනට තියෙන කෑම කොහොමත් විසයි නේ.

    ඒව දිරවගන්න වෙලා යනවා.

    මෙයාට බඩගින්නක් ඇවිල්ලා නේ. ඒ කියන්නෙ එක්කො සීනි අඩු වෙල නැත්තම් වැඩි වෙලා.

    ඊට පස්සෙ කාපු ගමන් හීතල වතුරට බැස්සාම ඇඟ හීතල වෙන කොට අර දිරවන ඒවා දිරවන්න තව කල් යනවා.

    ඒ අස්සෙ කෑම වල තිබ්බ තෙල් අරව මේවා නහර වල මිදෙන්න ඇති.

    එතකොට තමයි සෙම දදා වමනෙ යන්නේ.

    ඒ අස්සෙ මොළේ ලේ වහනයක් වගේ වුණාම තමයි ප්‍රෙෂර් බහින්නේ.
    Machan Pitiye appu,

    There is something call brain inside your head. It is there for a reason. Please use it.

    Sincere,
    society
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    කාපු ගමන් නාන්න එපා


    View attachment 174884
    හිතාදර රසිකා..
    ඇය මිය ගියාය..
    නමුත් අපට යම් පණිවිඩයක් ලබා දෙමින්...

    මා ඇය හඳුනන්නේ 90 දශකයේ සිට රෝම නගරයේදීය. ලඟින්ම ඇසුරක් නොපැවතුනත් ඉඳහිට හෝ මා සමග ඇය කතා කරේ කාගේ හෝ ප්‍රශ්ණයකට පිලිතුරක් හොයා ගන්නටය. නිහඬව වුවද ඇය යෙහෙළියන්ගේ නීතිමය ප්‍රශ්ණ වලට ඉදිරිපත් වී මා සමග එක්ව ඒවාට විසඳුම් සොයන්නට වෙහෙසුනාය. මා දන්නා පරිදි ඇයගේ ඉතාලි භාෂා දැනුමද ඉතාමත් ඉහලය. තවද ඇය ආදර දියණයකගේ සහ පුතකුගේ දයාබර මවක්ද විය.

    මොහොතකින් වෙනස් කල හැකි අදහස්, ආකල්ප සහ තීරණ අප ගාව පැවතියත් අපගේ ජීවිත ගමන ක්ෂණිකව කවුරුන් හෝ කුමන මොහොතක හෝ වෙනස් කරාවිද, උදුරා ගනීවිද කියන්නට අප දන්නේ නැත. එය එසේ සිදුවන වන බවත් අප කැමෙත්තෙන් පිලි ගන්නේද නැත.

    ඇයගේ කතාන්දරය අපට කියා දෙන්නේද එයයි. ජිවිතය මෙතරම් ක්ෂණිකව අහිමිවන වන බවද හිතන්නේද නැත. මේ සිදුවීම තුලින් අපට ඉගෙන ගත හැකි දේ බොහෝය.

    ඊයේ දිනයේ (ජූනි 19) තම සේවා මුරය අවසන් වී හිතවතුන් සමග රෝම නගරයට ආසන්න මුහුදට ඇය ගියේ සැඳෑ වරුව නිදහසේ ප්‍රීති වීමට වෙන්නට පිලිවන. ⁣විඩාකර සේවාවක වෙහෙස නිමාලන්නට ඇය මුහුදට ගොඩ බැස්සේ තම යහලු යෙහෙලියන් සමග විනෝද වෙමින්ය... එසේ විනාඩි 10 ක් පමණ මුහුදේ විනෝද වෙමින් සිටි ඇයට බඩගින්නක් දැනුනා වෙන්නට ඇති. ඉක්මනින් ගොඩට ආ ඇය යෙහෙලියන් ගෙනා බත් සමග ව්‍යාංජන රස කරමින් ගිල දැමුවේ එය ඇයගේ අවසන් ආහාර වේල යයි නොසිතා වෙන්නටද ඇතිය. කටට දෙකට බත් ටික ගිල දැමු ඇය නැවතත් මුහුදට බැස්සේ තම යෙහෙලියන් සමග විනෝද වන්නටය. හවස් භාගයේ නිසා මුහුදු වතුරද යම් සීතල මට්ටමක පැවතී නිසා ඇය සිටියේ දණ හිසක් සේ පමණ වතුර මට්ටමකය. වතුරට බැස ටික වේලාවකින් පසු ඇයට සෙම සමග වමනය යාමට පටන් ගත්තේ ඇයටද යමක් හිතාගන්නටවත් බැරි ලෙසටය. ක්ෂණිකව ක්‍රියාත්මක වූ ඇයගේ සහකරු සමග යහලුවන් ඇයව ඔසවා ගොඩට ගෙනාවේ ඇය අසූරු තත්ත්වය සිටින බව පසක් වූ බැවිනි. ඒ සමගම ඇයගේ සහකරු විසින් නොකඩවා ගලනා ඇයගේ සෙම ඉවතලන්නට මහාත් වෙහෙසක් ගත්තේය. වරක මුඛට මුඛ තබාද සෙම ඉවත් කරන්නට වෙහෙසීය. අවට සිටි ඉතාලි ජාතිකයන්ද ඇයට ප්‍රතිකාර ලබා දෙන්නට උත්සුක විය. ඒ අතර ඇයගේ හෘද ස්පන්දනය වේගය අඩාල බව දැන ගෙන හෘද ස්ප්න්දනය වේගවත් කරලීම⁣ට අවශ්‍ය ප්‍රතිකාරද කලේය. මොහොතක් යාමට පෙර ගිලන් රථයද පැමිණියේය. එහි සිටි සෞඛ්‍ය සේවා නිලධාරීන්ද ඇයගේ ජිවිතය බේරා ගන්නට මහාත් වෙහෙසක් දරන්න⁣ට විය. නමුත් ඒ වනවිටත් ඇය මේ ලොව අතහැර ගොස් තිබු බව සෞඛ්‍ය සේවා නිලධාරීන්ට අව⁣බෝධ විය.

    ජීවිතය කියන්නේ අපූරු නිර්මාණයක් වුවද ඒ නිර්මාණය විනාස වෙන්නට යන්නේ තත්පර ගනනකි. අපට කියා දෙන එක් අපූරු පාඩමකි එය.

    අපේ බොහෝ අය බරපතල කමක් නොදැන මෙවන් දේ කරන වග අපි දනිමු. මරණ පරික්ෂණයෙන් ඇයගේ මරණයට වෛද්‍ය හේතු දක්වාවි. නමුත් අපි සරල දෙයක් මේ ගැන දනිමි. කෑම කෑ විගස නෑම හොද නැති බව අප අසා ඇත්තෙමි. අඩුම වශයෙන් කෑම කා පැයක පමණ කාලයකට පසු දියට බැසීම කල යුතු බව වෛද්‍ය ලිපි වල සදහන් වනවා.

    යුරෝපයේ රස්න දේශගුනික කාලයේ ජලාශ වල දිය නෑමට මෙන්ම ප්‍රීති වීමට යාමට අපි කවුරුත් ප්‍රිය කරන්නෙමු. නමුත් තම ජිවිතය පරිදුවට තබා අනාරක්ෂිත ලෙස ක්‍රියා කිරීමෙන් තම ජිවිතය අවධානම් බව සිහිය⁣ට ගන්නේම නැත. මරණයෙන් පසු තමන්ට යමක් නොදැනෙනවා වෙන්නට පුලුවන. නමුත්
    තමන්ගෙන් යැපෙන සහ තමන්ගේ රැකවරණය ලබන පිරිස් ගැන සිතා ඉතාමත් කල්පනාකාරීව විනෝද වීම සිදු කල යුතුවේ.

    හිතාදර රසිකා.. ඔබට නිවන් සුව අත්වේවා !!

    රෝමයේ වෙසෙන මා මිත්‍ර වජිර සමරක්කොඩි මහතාට විශේෂ ස්තුතිය.


    View attachment 174882
    View attachment 174883

    අජිත් හෙට්ටිආරච්චි.
    උපුටා ගැනීම : ඉතාලියේ අපි FB පිටුව
    මොනා නැතත් මේකට හිනාවෙන උන්ට හිතක් පපුවක් නෑ.
     
    • Sad
    Reactions: B.Chat

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    othana wena seen athi, liyapu ponnya FB page eka hit karaganna liyanna athi,
    ape sonnlau mala mini unath wikunala hit wenna thamai balanne
     
    • Like
    Reactions: aggregate

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,475
    6,280
    113
    Aagathaya haden athi.
    *නානකාමරයේ ක්ලාන්ත වීම හෝ ඇද වැටීම,*

    *මොකක්ද හේතුව?*

    ස්නානය කිරීමේදී වැටීමෙන් පසු ආඝාතයට ලක් වූ අය ගැන අපට නිතරම අසන්නට ලැබේ.
    ඇයි අපි වෙන තැනක වැටිලා කියලා අහලා නැත්තේ?

    මම සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට යන පාඨමාලාව සදහා සහභාගී වූ විට,
    එම පාඨමාලාවට සහභාගී වූ ජාතික ක්‍රීඩාකවුන්සිලයේ මහාචාර්යවරයෙකු මෙසේ උපදෙස් දුන්නේය.

    👉 ස්නානය කිරීමේදී (හිසකෙස් සේදීම පවා) පළමුව හිස සෝදා නොගත යුතුය.

    👉 ශරීරයේ අනෙකුත් කොටස් පළමුව පිරිසිදු කළ යුතුය.
    මෙයට හේතුව හිස තෙත් වූ විට සහ සීතල වූ විට, එය උණුසුම් කිරීම සඳහා හිසට රුධිරය ගලා යාමයි.

    👉 රුධිර වාහිනී පටු වී ඇත්නම් රුධිර නාල කැඩී යාමට ඉඩ ඇත.
    *එය සාමාන්‍යයෙන් සිදුවන්නේ නානකාමරය තුළ බැවින්, මෙය නැවත සිදු නොවීමට දැනුවත් කිරීමට වග බලා ගන්න.*

    *නිවැරදි ස්නානය කිරීමේ ක්‍රියාවලිය:*
    👉 පාදයේ යටි පතුලෙන් තෙත් බව ආරම්භ කරන්න.
    👉 කුඩා පාද, කලවා, උදරය සහ පසුව උරහිස දක්වා ප්‍රගතිය.
    *මෙම අවස්ථාවේදී, තත්පර 5-10 සඳහා විරාමයක් තබන්න.*

    👉 ශරීරයෙන් වාෂ්ප / සුළඟ පිටාර ගැලීම වැනි හැඟීමක් නිරීක්ෂණය කළ හැකිය; සහ පසුව සුපුරුදු පරිදි ස්නානය කරන්න.

    *✅ ප්‍රඥාව:*
    වීදුරුවක් උණු වතුරෙන් පුරවා හදිසියේ හිස් වී සීතල වතුරෙන් පිරුණු විට; සිදුවන්නේ කුමක් ද?
    👉 වීදුරුව පිපිරෙනවා💥!!

    එවිට, මිනිස් සිරුර සම්බන්ධයෙන්, කුමක් සිදුවේද?
    ස්වාභාවිකවම, ශරීර උෂ්ණත්වය ඉතා උණුසුම් වන අතර ජලය ඉතා සීතල වේ.
    👉 සිරුරට හෝ හිසට කෙළින්ම සීතල වැස්සක් හදිසියේ සුළඟට හසු වේ, නැතහොත් රුධිර නාල කැඩී යාම නිසා එය මිය යයි.

    මිනිසුන් බොහෝ විට හදිසියේම නාන කාමරය තුළට වැටෙන්නේ එබැවිනි; වැරදි නාන ක්‍රමය නිසා. තවද එය බොහෝ විට ආඝාතයක් හෝ ඉරුවාරදය ඇති කරයි.

    *උපදෙස්:*
    🚿මෙම ස්නානය කිරීමේ ක්‍රමය සියලුම වයස් කාණ්ඩ සඳහා සුදුසු වේ, විශේෂයෙන්
    *දියවැඩියාව, අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල් සහ ඉරුවාරදය / හිසරදය*
    ඇති අයට
    කරුණාකර මෙයින් ඔබ පමණක් දැනුවත් නොවන්න; කාරුණිකව ඔබේ පවුලේ අය සහ මිතුරන් සමඟ බෙදා ගන්න.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    ලංකාවෙ දැනට තියෙන කෑම කොහොමත් විසයි නේ.

    ඒව දිරවගන්න වෙලා යනවා.

    මෙයාට බඩගින්නක් ඇවිල්ලා නේ. ඒ කියන්නෙ එක්කො සීනි අඩු වෙල නැත්තම් වැඩි වෙලා.

    ඊට පස්සෙ කාපු ගමන් හීතල වතුරට බැස්සාම ඇඟ හීතල වෙන කොට අර දිරවන ඒවා දිරවන්න තව කල් යනවා.

    ඒ අස්සෙ කෑම වල තිබ්බ තෙල් අරව මේවා නහර වල මිදෙන්න ඇති.

    එතකොට තමයි සෙම දදා වමනෙ යන්නේ.

    ඒ අස්සෙ මොළේ ලේ වහනයක් වගේ වුණාම තමයි ප්‍රෙෂර් බහින්නේ.
    කැවුත්තට හානි වෙලා වෙන්න ඇති.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අව්වෙ ඉඳලා ආපු ගමන් නාන්න එපා කියලා ඉස්සර ආච්චි කෑගහනවා

    තෙල් ගගහා ඉඳපු නන්දසේනට ලංකාවේ ජනාදිපති වෙන්න එපා කියන්න එකෙක් හිටියේ නෑනේ 😖😖
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,863
    10,055
    113
    කෑම විෂ වෙලා නෙවෙයි. විද්‍යාත්මක හේතුවක් තියෙනවා. මතක නෑ. කොහොමහරි විෂ වෙලා නෙවෙයි.
    අව්වෙ ඉඳලා ආව ගමන් වතුර බොන්න එපා, නාන්න එපා කියල කියන්නෙ ඒකම හේතුවට.
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    අපි මැරිච්ච තැන් වල ගසුත් පැලවෙන්න ඕනේ. අපි නම් ඔය ගඟක ඇලක නාන ගමන් කනවා බොනවා නිතරම
     
    • Like
    Reactions: vito

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Machan Pitiye appu,

    There is something call brain inside your head. It is there for a reason. Please use it.

    Sincere,
    society
    I already did 😁

    අපි මැරිච්ච තැන් වල ගසුත් පැලවෙන්න ඕනේ. අපි නම් ඔය ගඟක ඇලක නාන ගමන් කනවා බොනවා නිතරම
    ඉතාලියේද ? 😳
     

    darkhair

    Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    ලංකාවෙ දැනට තියෙන කෑම කොහොමත් විසයි නේ.

    ඒව දිරවගන්න වෙලා යනවා.

    මෙයාට බඩගින්නක් ඇවිල්ලා නේ. ඒ කියන්නෙ එක්කො සීනි අඩු වෙල නැත්තම් වැඩි වෙලා.

    ඊට පස්සෙ කාපු ගමන් හීතල වතුරට බැස්සාම ඇඟ හීතල වෙන කොට අර දිරවන ඒවා දිරවන්න තව කල් යනවා.

    ඒ අස්සෙ කෑම වල තිබ්බ තෙල් අරව මේවා නහර වල මිදෙන්න ඇති.

    එතකොට තමයි සෙම දදා වමනෙ යන්නේ.

    ඒ අස්සෙ මොළේ ලේ වහනයක් වගේ වුණාම තමයි ප්‍රෙෂර් බහින්නේ.
    මරණ පරීස්සක.....
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒකනේ වැඩිහිටි අය කියන්නෙ කෑවට පස්සෙ නාන්න එපා නාලා කන්න කියන්නෙ