ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක්

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    https://www.facebook.com/indunil.pe...5f5WL2q0aEj9EmLDPDZ8r4FgOqTDI&__tn__=,O,P-y-R
    අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයේ රජයක් බිහිවුණු සැණින් ඇමරිකානු ඩොලර් බිලියනක මුදලක් ශ්‍රී ලංකාවට එවීම සඳහා තමන් ඇතුළු විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දැනමත් අරමුදලක් සම්පාදනය කරමින් සිටින බවත් එමෙන්ම ඉන් ඉදිරියට මසකට ඇමරිකානු ඩොලර් මිලියන 750 බැගින් මෙරටට එවීමට සූදානම් බවත් ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ හිටපු ජ්‍යේෂ්ඨ උපදේශක ශාන්ත ජයරත්න මහතා පවසයි.
    ජාතික ජන බලවේගයේ රජයක් කෙරෙහි තමන් තුළ පවතින අපමණ විශ්වාසය නිසා එසේ මුදල් එවනවා මිස මේ දූෂිත පාලකයින් බලයේ සිටින තුරු තමන් මහන්සියෙන් සපයාගත් ධනය කිසි ලෙසකින්වත් ඔවුන් අතට පත්කිරීමට තමන් සූදානම් නොමැති බවයි ඒ මහතා තරයේ අවධාරණය කරන්නේ.
    ඒ මහතා සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති ලිපිය පහතින් දැක්වේ.
    අපිට අගමැති කම දෙනවා නම්, අපි සූදානම් පවතින අර්බුදය මාස හයක් තුල විසඳීමට……….
    ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක ඊයේ සහ අද ස්ථාන දෙකකදී ප්‍රකාශ කලා, ඔවුන්ට අගමැති කම භාර දෙන්නේ නම් සහ ඔවුන් කැමති සර්ව පාක්ෂික ඇමැති මණ්ඩලයක් පාර්ලිමේන්තුව තුලින් පත් කරගැනීමට අවස්ථාව දෙන්නේ නම් ජාතික ජනබලවේගය සූදානම් තාවකාලික රජයක් පිහිටුවා මාස හයක් තුල පවතින අර්බුදය විසඳීමට.

    ඔවුන්ට මෙය සත්‍ය වශයෙන්ම කල හැකිද? මහබැංකු වාර්තා ඇසුරෙන් අපි මෙය විමසා බලමු.

    රජයේ ආදායම් වියදම් කළමනාකරණය
    රජයේ ඩොලර් ආදායම් ශීර්ෂ විමසා බැලීමේ දී ඔබට මෙය අවබෝධ වනු ඇති.

    a. භාණ්ඩ අපනයන ආදායම : CBSL Press Release (April 2022)
    2022 (USD million)
    ජනවාරි – අප්‍රේල් – 4219.1
    මීට අමතරව,

    b. විදේශ ප්‍රේශන ආදායම
    2022 (USD million)
    ජනවාරි – අප්‍රේල් 1031.2

    c. විදේශ සංචාරක ආදායම
    ජනවාරි – අප්‍රේල් 627.1
    මුළු ඩොලර් ආදායම (ජනවාරි – අප්‍රේල්) = 5867.4 (4219.1+1031.2+627.1)
    තවද, පරිගණක සේවා ආදායම, සහ වෙනත් ඩොලර් ආදායම් ලබන වරාය , රේගුව, ආගමන විගමන , ආයෝජන මංඩලය , බැංකු , ගුවන් සේවා, තවත් ආයතන රාශියක ආදායම් ද මීට ඇතුළත් විය යුතුයි .
    ජනවාරි සිට අප්‍රේල් මාසය දක්වා එකී සියළු ආදායම් වල එකතුව USD million 500 ලෙස අනුමාන කලහොත් රටේ සමස්ත ඩොලර් ආදායම ජනවාරි-අප්‍රේල් = USD million – 6387.4 වනු ඇත . මෙය මීට වඩා යම් ප්‍රාමණයකින් වැඩි වීමට ද පුළුවන.

    d. භාණ්ඩ ආනයන වියදම (ඉන්ධන වියදම රහිතව)
    2022 ( USD million )
    ජනවාරි -අප්‍රේල් =5427.8
    ඉන්ධන වියදම ද ඇතුළුව සමස්ත ආනයන වියදම ජනවාරි – අප්‍රේල් – 7350.2
    ජනවාරි – අප්‍රේල් සමස්ත අපනයන ආදායම සහ ආනයන වියදම පරතරය = ඩොලර් මිලියන -962.8 පමණ විය හැක.


    මෙම කාල සීමාවේදී කර ඇති ආනයන සංයුතිය ( USD million )

    a. පාරිභෝගික භාණ්ඩ
    2021 ජනවාරි – අප්‍රේල් = 1276.5
    2022 ජනවාරි -අප්‍රේල් = 1176.6

    b. අන්තර් භාණ්ඩ
    2021 ජනවාරි – අප්‍රේල් = 4065.7
    2022 ජනවාරි – අප්‍රේල් = 4806.6

    c. ආයෝජන භාණ්ඩ
    2021 ජනවාරි – අප්‍රේල් =1403.1
    2022 ජනවාරි – අප්‍රේල් =1365.2

    d. වර්ගීකරණය නොකළ භාණ්ඩ
    2021 ජනවාරි – අප්‍රේල් = 2.8
    2022 ජනවාරි – අප්‍රේල් = 1.8

    ඔබට පේනවා ඇති රජය කෙතරම් ආනයන පාලනය කල බවට ප්‍රකාශ නිකුත් කළත්, 2021 ට සාපේක්ෂව ඔවුන් අඩු කරගෙන තිබෙන්නේ ඩොලර් මිලියන 870.9 පමණක් බව. විශාල වශයෙන් පාලනය කල හැකිව තිබූ වියදම් පවා ඔවුන් නොසලකා හැර ඇති බව මහබැංකු වාර්තාව පිරික්ෂීමේදි පෙනී යයි.

    රටේ ඉන්ධන සහ ගෑස් වියදම

    2022 ජනවාරි සිට අප්‍රේල් දක්වා ඉන්ධන ආනයනය සඳහා වැයකොට තිබෙන්නේ සෑම මසකම ඩොලර් මිලියන 500 ට අඩුවෙනි. එමෙන්ම , ගෑස් සඳහා මසකට අවශ්‍ය වන්නේ මිලියන 30-35 අතර ප්‍රමාණයකි. එසේනම් , මේ සඳහා මසකට උපරිම වශයෙන් වැයවන්නේ ඩොලර් මිලියන 530 වැනි මුදලකි.
    ඉහත දක්වා ඇති අන්තර් භාණ්ඩ ආනයන වියදම (2:b) තුල ඉන්ධන වියදම ඇතුළත් වන අතර ගෑස් සඳහා වැයවන ඩොලර් මිලියන 30 පමණක් ඇතුළත් නොවෙයි .
    එසේ නම් රජයේ මුදල් අමාත්‍යාංශයට , මහ බැංකුවට සහ කැබිනට් මණ්ඩලයට මෙම ආදායම් සහ වියදම් නිසි ලෙස කළමනාකරණය කරගෙන රටේ ප්‍රමුඛ ප්‍රශ්නය බවට පත්වී තිබෙන ඉන්ධන සහ ගෑස් අර්බුදය විසඳිය නොහැකි ද? එසේ නැතහොත් , ඔවුන්ට එය විසඳීමට අවශ්‍යතාවක් නැද්ද ?
    සත්‍ය වශයෙන්ම ඔවුන්ට එය විසඳීමට අවශ්‍යතාවක් නැත.

    කිසියම් පිරිසක් (පාලක පවුලට සම්බන්ධ ) මෙම අර්බුදය ඔවුන්ට වසන්තයක් කරගෙන තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. ඔවුන් මේ හරහා පවා දූෂිත ගනුදෙනු කරමින් රටේ ජනයාගේ රීරි මාංශය උරා බොති.

    ජාතික ජනබලවේගයට මෙම අර්බුදය විසඳිය හැකිද?

    නිස්චිතවම ඔවුන්ට එය කල හැක. මෙම ඉන්ධන සහ ගෑස් ආනයනයේ සිදුවන වංචාව, දූෂණය,කොමිස් ගැසීම නවතා දමා, මෙම අර්බුදය ප්‍රමුඛතා ලැයිස්තුවේ අංක එක ලෙසෙ රැගෙන මසක් තුල විසඳුම් දිය හැක.
    ඊට අමතරව , සපුගස්කන්ද පිරිපහදුව ක්‍රියාත්මක කිරීම තුල තවත් ඉන්ධන ආනයන වියදම 30% අඩු කරගත හැක. රජය ලබන අයථා ලාභ පාලනය කිරීම , මෙහෙයුම් වියදම් අවම කිරීම තුල පාරිභෝගිකයාට සාධාරණ මිලකට ඉන්ධන ලබා දිය හැක.
    ඉන්ධන සහ ගැස් ප්‍රශ්නය විසඳීමත් සමග රටේ නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමත් සමග ආදායම් මාර්ග දියුණු වී ජනයාට නිදහසේ හුස්ම ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත .
    විදේශගත ශ්‍රී ලාංකිකයන් ගේ දායකත්වය
    යුරෝපයේ , එංගලන්තය , අමෙරිකාව , මැදපෙරදිග සහ සමස්ත ලෝකය වටා සිටින මිලියන ගණනක ශ්‍රී ලාංකිකයන් ජාතික ජනබලවේගය රජයක් බිහිවන්නේ නම් ඔවුන්ගේ පූර්ණ දායකත්වය ලබා දීමට සූදානම්ය. රජය බිහිවීමත් සමග විදේශ ගත ශ්‍රී ලාංකිකයන් වන අප ඩොලර් බිලියනයක් ලබා දීමට දැනටමත් අරමුදල් සම්පාදනය කරමින් සිටිමු. එමෙන්ම, මසකට ඩොලර් මිලියන 750 බැගින් ප්‍රේශනය කිරීමට සූදානම් බවද කිව යුතුය . ඒ ජාතික ජනබලවේගය රජයක් කෙරෙහී අප තුල තිබෙන අපමණ විශ්වාසය නිසයි.
    මේ දූෂිත පාලකයන් බලයේ සිටින තාක් අප මහන්සියෙන් උපයා සපයාගත් ධනය ඔවුන් අතට පත්කිරීමට කිසි ලෙසකින්වත් සූදානම් නැති බව අවධාරණය කරමු.

    ශාන්ත ජයරත්න
    ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
    ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
    SLIDA
    28.6.2022
    Lanka news web.
    අනුරගේ ආණ්ඩුවක් ආපු ගමන් ඩොලර් බිලියනයක් දෙන්න අපි සූදානම් - ශාන්ත ජයරත්න
    https://sinhala.lankanewsweb.net/06/28/21137/
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,884
    20,421
    113
    හස්තිශෛලපුර
    අනුරගේ ආණ්ඩුවක් ආපු ගමන් ඩොලර් බිලියනයක් දෙන්න අපි සූදානම් - ශාන්ත ජයරත්න


    wenne nati hinda dollar 10b unat ewanawa kiwwekineh.. mewa hoda gallery ekata atal ganna.. kattiyama ekatu wela sakkili rajapakshalai unta fuka dena unit guu gahala elawanna ona habai
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    කට්ටියක් කිව්වා මහින්ද කියාම බිලියන 5 එවනවා කියලා, එව්වා Pකක්

    කවුද එහෙම කිව්වෙ? එහෙම කියන්න ඕන වෙලා ඇති උබ වගේ බයියන්ට. 😂 😂 😂 😂
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,093
    23,285
    113
    කට්ටියක් කිව්වා මහින්ද කියාම බිලියන 5 එවනවා කියලා, එව්වා Pකක්
    Daara Taxi bayiyaa, petrol nathi nisa taxinjib ekath nathuwa athi neda.
     
    • Haha
    Reactions: shenat

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    ඩොලර් බිලියනව කෙසේ වෙතත් මුන්ට දුන්නු කල් ඇති දැන්.

    කිසිම දෙයක් කරනවා පේන්නෙ නෑ හිඟාකන්න බලන් ඉන්නවා මිසක්. අඩුම ගෙවන විදියක් වත් ප්ලෑන් කරලද මුන් හිඟාකන්නෙ.

    සල්ලි හීගා කන්නෙ නැතුව රට රටවලින් අපේ උන්ට වර්කින්ග් වීසා දෙන්න කියලා කිව්වා නම් අඩුම ණය නොවී හරි ඇදන් යන්න තිබ්බා.

    ගොඩක් එවුන් රට යන්න ලෑස්ති ජොබ් වලට ඒත් ක්‍රමයක් දන්නෙ නැතුව ඉන්නෙ. හරියට වැඩේ කරනවා නම් සර්විස් දෙන උන් සෙට් එකක්ම හදන්න පුලුවන්.

    තව ෆ්‍රීලාන්සින්ග් කරන උන් වැඩි කරෑකි. මේ පක්කු ඒ මොකුත් කරන්නෙ නෑනෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    සම්පූර්ණ වෙනස් ආණ්ඩුවක් ආවොත් (ජනපති වෙනස් විය යුතුයි, මුලු පාර්ලිමේන්තුවෙම බහුතර බලය තිබිය යුතුයි, බයියො හෝ සජබයියො සහය දෙන කෙනෙක් නොවිය යුතුයි. පහුගිය ආන්ඩු වලින් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයගෙන් පක්ෂ මාරු කරල එන උන් හිටියොත් ඒ ආන්ඩුවෙන් වැඩක් නැත.)

    ඔන්න ඔය ටික උනාම පිනට ඩොලර් 50 ගානෙ එවනවා මම මාසෙට. තව රාජපක්ස හොරු ටික හිරේට දක්කල හොරා කන සල්ලි වලින් ටිකක් හරි ගන්න පරීක්ෂණ, නඩු පටන් අරන් වැඩක් කරන බව පෙනුනොත් ඩොලර් 100 ක් හරි එවනවා. මේ කියන්නෙ පිනට එවනව කියල ආණ්ඩුවට. ගෙදරට එවන ඒව නෙවෙයි.

    ඔය ටික කරොත් ඩොලර් 50 ගානෙ මාසෙට එවන්න කැමති ගොඩක් අය ඉඳියි. මිලියනයක් දෙනා ඒ විදියට එව්වොත් ඩොලර් මිලියන 50 ක්. නිකන්ම නිකන් පිනට සල්ලි. තව රෙමිටන්ස් වලින් කී දාහක් එයිද. පිනට සල්ලි එව්වෙ නැතත් රෙමිටන්ස් වලින් සල්ලි එවනවා.

    දැන් එක සත 5ක් එවන්නෙ නෑ. බයියන්ට පුලුවන් එක එක පැත්තට පුක හරව හරව ට්‍රයි කරන්න. ඒ උනාට වැඩක් නෑ. මම නම් කවද හරි සල්ලි එවන්නෙ ඔය ටික කරොත් විතරයි.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,497
    6,355
    113
    ගෝඨාභය පොන්නයට වඩා බත්තරමුල්ල සීලරතන හිමි උනත් හොඳට කරයි. එහෙම එකේ ජෙප්පොන්ට දෙන එකේ කිසිම අවුලක් පේන්නෙ නෑ මට නම්.

    අඩුමගානේ අපේ සල්ලි නාස්ති කරල කෝටි ගණන් වල වාහන අරන් අපට පේන්න රඟන ඒකවත් නවත්තයිනෙ ...
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    කට්ටියක් කිව්වා මහින්ද කියාම බිලියන 5 එවනවා කියලා, එව්වා Pකක්
    mahinda giye nane... basil, mahinda thamai thama piti passe inne
     

    Similar threads