රට මිට වඩා හොද තැනක නැද්ද අරගලයක් තිබ්බෙම නැත්නම්?
Nope. අරගලේ පටන් ගන්නකොට දවසට පැය 12ක් 13ක් කරන්ට් කපනව, කබ්‍රාල් මහ බැංකුවෙ ඉදන් ඔක්කොම හරි කියනව ( ඒත් හැම එකටම පෝලිම), බැසිල් ගසා කන ගමන් මං කරල පෙන්නන්නන් කිය කිය උගෙ උන් තව පුරවනව. ඒ දවස් වලත් තෙල්, ගෑස් පෝලිම්. අරගලේ කරල බලපෑම් කරාම තමයි මිනිස්සු කුලප්පු උනොත් උන්ගෙ ආතල් උන්ට ගන්න වෙන් නෑ කියල තේරිලා පොඩ්ඩක් හරි මේවට අවදානය දෙන්න ගත්තෙ. ඊට කලින් හිටියෙ මහ රජ්ජුරුවො වගේ. ඇට නම ලක්සෙ අපිට කිය කිය හිටියෙ. රට අප්‍රේල් වෙද්දි ඔන් ට්‍රැක් තිබ්බෙ මීට වඩා බරපතල තත්වෙකට යන්න ( මීට වඩා බරපතල තත්වෙ තේරෙන් නැත්තම් කියපන් ඒකත් කියල දෙන්නම්)
ලක්ශයක් විතර කොලබට ආපු පලියට ආන්ඩු මාරැ වෙන්න ඕනිද?
ලක්ශෙකට වඩා ආව. ඊට වඩා වැදගත්ම දේ ආපු උන් විතරක් නෙමෙයි මේකෙ හිටියෙ. එන්න බැරුව හිටිය ලක්ශ ගානක් මේකට සපෝට් කලා. කොටින්ම කිව්වොත් අක්‍රිය වෙලා ඉන්න බයි පරපුර හැරෙන්න අනික් ඔක්කොම හිතින් හරි සපෝට් කලා.
හැම ජනාධිපති කෙනෙක් යටතේම අන්තරය උද්ඝෝෂණ කරලා තියෙනවා නේද? ගෝඨට විතරක් තියෙන විරෝධයක් නෙමෙයිනේ?
හැම ජනපති කෙනෙක්ම යටතේ හැම තැනම උද්ගෝශන තිබ්බ. ඕව අපේ රටට අලුත් දේවල් නෙමෙයි. ඒ උනාට ඒවට ඉස්සරහට යන්න බැරි උනා. හේතුව ඒව එක්කො ඒක පාර්ශවික ඉල්ලීම් ( දොස්තරල උන්ගෙ විතරක් පහසුකම් වැඩි කරල ඉල්ලපුව වගේ) නැත්තම් රටේ සාමන්‍ය මහජනතාවට දැනෙනෙ ප්‍රශ්න නෙමෙයි ඒව. ( අන්තරේ උන් කැම්පස් වල ලෙක්චරස් ල ඉල්ලන එක, අද්‍යාපනේට 6%ක් වෙන් කරන්න කිව්ව එක වගේ). මේ සැරේ සාමන්‍ය සිවිල් ජනතාව උද්ගෝශනය කලේ. ඒකයි මේකෙ වෙනස.
ආයෙමත් ඡන්දයක් තිබ්බොත් පොහොට්ටුව ලක්ෂ පනහක් වත් ඡන්ද ගන්න එකක් නැද්ද?
මේක තීරනය වෙන්නෙ අවශේශ බයි ජනගහනය අනුව. මට නම් හිතෙන්නෙ මේ ගාන වගේ ඉදී මුලු ලංකාවෙන්ම ( සමහර ඈත පැතිවල ගම් බයියො ඉන්නව කුමක්ද අර්බුදය අහන)
ඊළඟට ජනාධිපති වෙන්නේ අන්තරේ කැදවුම්කරු ද?
මං හිතන් නෑ. බයියො වගේ මෙයාව අයින් කරල කාටද දෙන්නෙ අනී කියාගෙන කරපු අරගල නෙමෙයිනෙ. මෙයාට වඩා නම් මටත් පුලුවන් කියල කරපු එකක්. අරගලය 2.0 තියෙන්නෙ ඊලගට හොද එකෙක් දාගන්න. එතකොට ඒ අරගලෙත් දිනන්න පුලුවන්.
මේක අහපු එකා ඇත්තටම ඇහුවෙ කියල හිතන් සහ කියවන ට්‍රාන්සිශන් පීරියඩ් එකක ඉන්න උන්ට ( බයි/ටොයි කමෙන් මිදීගෙන එන උන්ට) තේරුම් ගන්න දැම්මෙ. නැතුව බයියොන්ට නෙමෙයි ( උන් හදන්න බෑ)