උඹලට මේ ප්‍රශ්නෙ ඇවිල්ලා නැද්ද බං? ඉස්සර පන්සිය පනස් ජාතක කතා ගැන එහෙම බුද්ධ ධර්මය අච්චු පොතෙයි සිංහල අච්චු පොතෙයි උගන්නද්දී මගේ නම් ඔළුවට ආපු එකම ප්‍රශ්නෙ ඕක. ලෝකෙ පැරණිතම ශිෂ්ටාචාරය Sumerian Civilization එකනේ. (4500 BC) ඒකත් පටන්ගෙන තියෙන්නේ දැනට අවුරුදු 6500 කට කලිනේ. ඊට කලින් හිටපු මිනිස්සු ගෝත්‍රික ජීවිත ගත කරපු primitive මිනිස්සු හින්දා ඒ ගොල්ලො අතරේ පන්සිය පනස් ජාතක කතා පොතේ ලියවිලා තිබෙන ආකාරයේ ශිෂ්ටාචාරයක් තියෙන්න විදියක් නෑ. එතකොට අපිට කාලය ගණන් කරන්න පටන් ගන්නවා නම් පටන් ගන්න වෙන්නේ Sumerian Civilization එක පටන් ගත්තු 4500 BC වල ඉඳන්. එතකොට සිදුහත් කුමාරයා ඉපදුනේ 600 BCE වල වගේ නේ. එතකොට 4500 BC සිට 600 BCE දක්වා ගෙවිලා තියෙන්නේ අවුරුදු 3900 ක් විතරයිනේ? ඒ අවුරුදු 3900 ඇතුලත බෝසතාණන් වහන්සේ "අවුරුදු කල්ප ලක්ෂයට" සමාන කාලයක් මැරි මැරී නැවත ඉපදුනේ කොහොමද? තව ඒ අවුරුදු 3900 ඇතුලත බුදුරජාණන් වහන්සේලා 27 නමක් පහල වුනේ කොහොමද? මේ පටලැවිල්ල හරියටම නිරාකරණය කරලා දෙන මොකක් හරි සූත්‍රයක් වගේ දෙයක් තියෙනවද? මට නම් හිතෙන්නේ බෝසතාණන් වහන්සේ ඒ අවුරුදු කල්ප ලක්ෂය පුරාවට මැරි මැරී නැවත ඉපදිලා තියෙන්නේ එකිනෙකට වෙනස් "සමාන්තර විශ්ව" ( Multiverse ) වල කියලා. ඒ Multiverses අතරින් Multiverses 27 කම බුදුවරු පහළ වෙලා ඉන්න ඇති. ඒ Multiverses අතරින් සමහර Multiverses වල ඉන්න සත්තුන්ට "කතා කරන්නත්" පුළුවන් ඇති. සමහර Multiverses වල "සඳ කිඳුරෝ" වගේ හෙන අමුතුම creatures ල ඉන්නත් ඇති. ඒ Multiverses අතරින් බොහෝමයක් Multiverses වල බරණැස් නුවර පාලනය කරපු රජතුමාගේ නම "බ්‍රහ්මදත්ත" වෙන්න ඇති. උඹලට මේ ගැන මොකද හිතෙන්නේ?
Last edited:
