මිනි ගැන නෙමේ කතා කරන්නේ. දුපතේ මිනි ගැන.
ලංකාවේ මිනියක් ගන්නකොට බලන්න වෙනම දේවල් ගොඩක් තියෙනවා.
මිනියේ වර්ග දෙකක් තියෙනවා,
1. Classic Mini කියන්නේ England වල ගහපු එක. මේකේ තමයි මිනි එකක තියන නියම වටිනාකම තියෙන්නේ.
Mk1 එකේ grille එකට කියන්නේ "රැවුල් ෂෙල්" එක කියල. ආරච්චි ගේ රැවුලේ කොන් 2ක වගේ උඩට ගිය වයිරම් වගේ තියෙන නිසා.
2. ජපන් මිනි කියන්නේ ජපානෙන් මෙහෙට ගෙනාපු එක. මේකේ වර්ශන් දෙකක් තියෙනවා.
(1) England වලින් ජපානෙට යවපු එකයි.
(2) ජපානේ assemble කරපු එකයි. ජපානේ assemble කරපුවානම් මෙහෙ තියෙනවා කියල මම හිතන්නේ නැහැ, හැබැයි තියෙන්න පුළුවන්.
Genuine මිනි ආවේ 1,2,3,4 වගේ නොම්බර.
6, 7, 8, 9, 11, 12 නොම්බර බොහෝවිට Morris Minor, Austin Farina හා වෙනත් Austin, Morris පොත් තියපුවා.
16, 17, 18, 19, 300 හා English නොම්බර අකුරු දෙකේ තුනේ ඒවාත් genuine ඒවා. මේවා harbor auction ඒවා.
නමුත් ඔය ඉහත ඔක්කෝම ඇතුලේ සුලු ප්රමාණයක් හැංගිලා තියෙනවා දෙකට කපල ගහපු ඒවාත්.
Original registration මිනි එකක් හොයන්න තියෙන ලේසිම ක්රමයක් තමයි revenue license එකේ බර 1000ට අඩු වෙන්න ඕනේ හා ලයිසන් ගාස්තුව රුපියල් 900/= යි.
බර 1050, 1200 වගේ තියෙන ඒවා හා ලයිසන් ගාන 1200/= වගේ තියෙන ඒවා බොහෝවිට වෙන පොත් තියපුවා.
Original registration Classic මිනියක් දැන් ලක්ෂ 30ක් 40ක් විතර වෙනවා. පට්ට ගණන් සහ මගේ නම් budget එකෙන් පිට. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා original classic මිනියක් කියන්නේ investment එකක් වගේ. මොකද කවදාවත් ගණන් අඩු වෙන්නේ නැහැ, වැඩි වෙනවා මිසක්. අනිත් ජපන් මිනි, හොර පොත්, අච්චාරු ඔය ඔක්කොම මිනි ලක්ෂ 10-15-20 වගේ ගණන් වලට තියෙනවා. කොහොම තිබ්බත් මෙහෙ මිනි තිහ හතලිහකට එක හොද මිනියක් තියෙයි. අනික්වා මරාල ජල්තර. මිනි වල ගණන් නම් කොහෙත් එකයි වගේ. Australia වගේත් මිනියක් ලක්ෂ 30ක් 40ක් වෙනවා.
Mini එක හොදයි. හැබැයි දුර යනකොට නම් පොල්ලෙන් ගැහුවා වගේ - comfortable නෑ. එක පැත්තක් වලක වැටුනොත් අනිත් පැත්ත උඩ යනවා. මිනියේ original එන්නේ tyre size 10. නමුත් මේ දේවල් (owner's review) වගේ ඒවා සාපේක්ෂයි. මොකද car lover කෙනෙක්ට තමන් ආදරේ කරන වාහනේක ගතිලක්ෂණ සැපපහසුව කොහොම තිබ්බත් එකයි.
මිනි ගැන මන් වැඩිය දන්නේ නෑ. මිනි ගැන හරියටම කියන්න පුලුවන් මිනි ඔස්තාර් කෙනෙක්ට තමයි. ඒක නිසා වැරදි අඩුපාඩු එකතුකිරීම් තියෙනවානම් කියන්න.
