අයි පී එල් ක්‍රීඩකයන්ට ලැබෙන දැවැන්ත මුදල් බෝනස් එක
අයි පී එල් කියන්නේ දැනට ක්‍රිකට් ක්‍රීඩාවේ වැඩිම මුදලක් ගෙවන, වැඩිම මුදලක් සංසරණය වෙන තරගාවලිය. අපි දැක්කා පහුගියදා තිබුණ මිනි ඔක්ෂන් එකේදී ඉන්දියන් රුපියල් කෝටි ගණන් වලට ක්‍රීඩකයන්ව වෙන්දේසි වෙන විදිහ.
ඇත්තටම අයි පී එල් වල ක්‍රීඩකයන්ට මේ වෙන්දේසි වෙන මුදලින් කීයක් විතර ලැබෙනවද?
මේ පාර ඔක්ෂන් එකේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙනාපු අලුත්ම නීතිය වුණේ මිනි ඔක්ෂන් එකකදී විදෙස් ක්‍රීඩකයෙක්ට ලබාගන්න පුළුවන් උපරිම ගාන කෝටි 18 යි කියන එක. ඒ කියන්නේ ඊට වඩා වෙන්දේසියේදී යන සියලු මුදල් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට ලැබෙනවා.
කැමරන් ග්‍රීන් කෝටි 25 කට වඩා වැඩි මුදලක අලෙවි වුණේ. නමුත් ඔහුගේ වැටුප විදිහට සටහන් වෙන්නේ කෝටි 18 යි. මේක වලංගු වෙන්නේ මිනි ඔක්ෂන් එකකදී විතරයි. මෙගා ඔක්ෂන් එකකදී අදාල නෑ.
හැබැයි මේ වැටුප ගෙඩිය පිටින්ම ක්‍රීඩකයන්ගේ අතට ලැබෙන්නේ නෑ. බදු අදාලයි. ඉන්දීය ක්‍රීඩකයෙක්ට නම් තමන්ට ලැබෙන වැටුපට 10% ක විතර බදු ගෙවන්න සිද්ධ වෙනවා. විදෙස් ක්‍රීඩකයෙක්ට නම් ඒක 20%-23% දක්වා පරාසයකට ඇදිලා යනවා.
හැබැයි මීට අමතරව තවත් ඉන්දියන් රුපියල් කෝටියකට වඩා වැඩි මුදලක් හොයාගන්න අවස්ථාවක් ක්‍රීඩකයෙක්ට ලැබෙනවා. ඒ තමයි මැච් ෆී එක.
අයි පී එල් එක් තරගයක් ක්‍රීඩා කළොත්, ඒ කියන්නේ කණ්ඩායමේ ක්‍රීඩා කරන 11 දෙනාට ඇතුළත් වුණොත් ඔහුට ඉන්දියන් රුපියල් ලක්ෂ 7.5 ක මැච් ෆී එකක් හම්බෙනවා. මේක වැටුපට අමතරව ලැබෙන දෙයක්.
එතකොට ඉම්පැක්ට් ක්‍රීඩකයාට ලැබෙන්නේ නැද්ද?
ඉම්පැක්ට් ක්‍රීඩකයා විදිහට එන කෙනා පින්දු යැව්වත් නැතත්, පිතිකරණයේ යෙදුණත් නැතත්, විනාඩි 10 ක් ග්‍රවුන්ඩ් එකේ ෆීල්ඩ් කළා නම් ඔහුට මේ ලක්ෂ 7.5 ක මුදල ලැබෙනවා.
මේකෙන් වැඩිම වාසිය එන්නේ අඩු ගණන් වලට විකිණෙන ක්‍රීඩකයන්ට. ලක්ෂ 30 ක බේස් ප්‍රයිස් එකකට ගියපු ක්‍රීඩකයෙක්ට දක්ෂතා දක්වලා තරග 14 ම ක්‍රීඩා කරන්න පුළුවන් වුණොත් ඔහුට තව අතිරේකව කෝටියකට වඩා වැඩි මුදලක් හොයාගන්න පුළුවන්.
මෙච්චර ලොකු මැච් ෆී එකක් ඔෆර් කරන එකෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වෙන්නෙත් ඒ වගේ අඩු බේස් ප්‍රයිස් වලට ගිය ඉන්දීය ක්‍රීඩකයන් තමන්ගේ උපරිමය කණ්ඩායම වෙනුවෙන් කරන එක.
මේ මැච් ෆී එක බංකුවේ ඉන්න ක්‍රීඩකයන්ට අදාල නෑ සහ ඔවුන්ට ලැබෙන්නේ නෑ. ඒක ලැබෙන්නේ තරගය ක්‍රීඩා කරන අයට විතරයි.
ඊළඟට ක්‍රීඩකයෙක් අයි පී එල් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක් වුණොත් අදාල ක්‍රීඩකයාගේ රෝහල් ගාස්තු, වැටුප් ගෙවීම් සියල්ලම කණ්ඩායම විසින් සිදු කරනවා. කණ්ඩායම එක්ක එකතු වෙන්න කලින් ඒක වුණොත් සීසන් එකේදි කිසිම ගෙවීමක් සිදු වෙන්නේ නෑ.
අනිත් ආතල්ම කතාව තමයි ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර පන්දුවාර 20 ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කරනවාට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තමන්ගේ ක්‍රීඩකයෙක්ට ගෙවන්නේ ඉන්දියන් රුපියල් ලක්ෂ 3 යි.
හැබැයි අයි පී එල් තරගයක් වෙනුවෙන් ක්‍රීඩකයෙක්ට ලක්ෂ 7.5 ක් ඒ කියන්නේ ජාතික කණ්ඩායම එක්ක ක්‍රීඩා කරනවා වගේ දෙගුණයකටත් වඩා ගෙවනවා. ඒක විදෙස් ක්‍රීඩකයන්ටත් අදාලයි.
මේ ඔක්කොම ගෙවීම් ඔවුන් කරන්නේ තරගාවලියේ තරගකාරීත්වය පවත්වාගන්න සහ නවක ඉන්දීය ක්‍රීඩකයන්ව වැඩි වශයෙන් මතු කරගන්න බලාපොරොත්තුවෙන්.
ඇත්තටම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ ඉස්සරහට තියෙන ප්‍රධාන සිහිනය රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම නෙමෙයි අයි පී එල් ක්‍රීඩා කිරීම කිව්වොත් ඔබ ඒකටත් පුදුම වෙන්න එපා. දැනටමත් ඒ සංස්කෘතිය ක්‍රිකට් වල පටන් අරන් ඉවරයි.
MATHEESHA PATHIRANA (COMPACT)
Gross Bid : ₹18.00 Cr
Indian Tax : ₹4.68 Cr
Balance After Tax : ₹13.32 Cr
Sri Lanka Tax (15%): ₹0 (Indian Tax Credit)
ACTUAL TAKE-HOME : ₹13.32 Cr
(₹13,31,97,500 approx)
CAMERON GREEN (COMPACT)
Gross Bid : ₹25.20 Cr
PWF Contribution : ₹7.20 Cr
Indian Tax : ₹4.68 Cr
Australian Tax : ₹3.58 Cr
ACTUAL TAKE-HOME : ₹9.74 Cr
(38.6% of Gross Bid)
If you want this in Sri Lankan rupees just multiply it by todays rate. 3.44 LKR