උඹල බලනව ඇති මොකක්ද මේ අලජ්ජි කතාව කියල. මේ කියන්නේ පාරෙ වාහනයක් පදවන ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක් ගැන. උඹ පදින්නේ 50cc චැලියක් උනත් ලෑන්ඩ් කෲසරයක් උනත් මේ ටික එකම විදියට අදාලයි. අපි කොච්චර නීති පිලිපැදගෙන පරිස්සමට ගියත් වීල් කාරයෙක් පුස්සයිකල් කාරයෙක් මෝටසයිකල් කාරයෙක් පදිකයෙක් අහු මුල්ලකින් මතු වෙලා තමන්ගෙ වාහනේ වැදිලා පරලෝකප්‍රාප්ත වෙන්න හෝ ඉස්පිරිතාලෙ යන්න තුවාල කරගන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම දෙයක් අවාසනාවට හරි සිද්ද උනොත් ඊට පස්සෙ එන නීති ක්‍රියාපටිපාටිය ගැන මම කියන්න යන්නේ.
මම හිතන විදියට මේ වගේ සිද්ධියකදි ක්‍රියාත්මක වෙන්න ඕන විදිය කියන ප්‍රොටොකෝල් එකක් SOP එකක් පොලිසියට නෑ. එහෙම කියන්නෙ මොකද මේ වගේ සිද්ධියක් උනාම එක එක පොලිස් ස්ථාන වල වැඩ කෙරෙන හැටි විවිධයි. නමුත් ජෙනරලි මේ යට කියන වැඩ ටික තමා වෙන්නේ.
පලමුවෙන්ම වෙන්නෙ පොලිසිය අදාල අනතුර සිද්ද උන ස්ථානයට එනවා. ඇවිල්ලා අනතුර උන තැන ලඟ තියෙන පදික මාරු, මාර්ග සංඥා, හරියටම හැප්පිච්ච ස්ථානය සහ වාහනය නතර වුන ස්ථානය ඔය වගේ දේවල් සටහන් කරගන්නවා කටුවට. බ්‍රීෆ්ලි උඹෙන් විස්තර අහනවා උන හැටි. ඊට පස්සෙ ඇසින් දුටු සාක්ෂි කාරයො ඉන්නව නම් කට උත්තර ගන්නවා. අහල පහල CCTV, වාහනේ ඩෑෂ්කැම් වීඩියෝ තියෙනවනම් ඒව බලනවා. හැබැයි මේ වීඩියෝ සාක්ෂි බලන්නෙ රිපෝට් එක හදන්න විතරයි. එතනින් එහාට නීතිමය කටයුතු වලදි මේව අදාල කරගැනෙන්නෙ නෑ. වාහනේ ලියකියවිලි (ආදායම් බලපත්‍ර රක්ෂණ සහතික) සහ ඩ්‍රයිවින් ලයිසන් එක බාරයට ගන්නවා.
ඊට පස්සේ පොලිසියට අරන් ගිහින් ගන්නවා කට උත්තරයක්. දානවා වෛද්‍ය පරීක්ෂණයකට. මේක බොහෝ දුරට ළඟම රෝහලේදි කෙරෙන්න පුළුවන්. මේ වෙලාවෙදි බලන්නෙ මත්පැන් මත්ද්‍රව්‍ය ශරීරගත වෙලා තියෙනවද කියලා තමයි ප්‍රධාන වශයෙන්. තව පෙනීමේ දුර්වලතා වගේ ඒව තියෙනවද කියල බලනවා. ඊට පස්සෙ පොලිස් කූඩුවට තමයි.
ඊට පස්සෙ කෙරෙන්නේ මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කිරීම. මේ වෙනකොට මරණකරුගෙ/තුවාලකරුගෙ ඥාතීන් අඳුරගන්න පුළුවන් වෙලා නම් පොලිසිය ඒ අයට දන්වනවා. තමන්ගෙ පාර්ශවයෙනුත් දෙන්නෙක්වත් ගෙන්නගන්න එක ගොඩක් වැදගත්. මේ දෙන්නා විසින් ලෝයර් කෙනෙක් අල්ලලා තත්වෙ පැහැදිලි කරලා ඇප ගන්න කතා කරන්න සූදානම් වෙන්න ඕනේ.
ගොඩක් වෙලාවට උසාවියෙ වැඩ ඉවර උනාම අවසානෙට තමා මෙහෙම අය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන්නෙ. පොලිසිය කියන්නෙ මේ මේ අහවල් තත්ව යටතෙ රිය අනතුරක් කරල පුද්ගලයෙකුගෙ මරණය සිදුකරල තියෙනව/ තුවාල සිදුකරල තියෙනව, රක්ෂිත බන්ධනාගාරගත කරන්න ඉල්ලා සිටිනව කියලා. අපේ ලෝයර් ඇප ඉල්ලා සිටිනවා. මරණකරුගෙ/තුවාලකරුගෙ ඥාතීන් ඇවිල්ල හිටියොත් ජජ් අහනවා ඔයාල විරුද්ධද ඇප දෙනවට කියලා. එයාල විරුද්ධ උනොත් රිමාන්ඩ් යන්නම වෙනවා. විරුද්ධ නොවුනොත් ඇප හම්බ වෙයි. ශරීර ඇප දෙකක් කිව්වොත් ඇප වෙන්න දෙන්නෙක් ඕන වෙනවා, මුදල් ඇප කිව්වම ඒකට බඳින්න සල්ලි ඕන වෙනවා., මරණකරුගෙ/තුවාලකරුගෙ පාර්ෂවයට සල්ලි කීයක් හරි දෙන්න කියල ජජ් නියම කලොත් දෙන්න කියක් හරිත් අර දෙන්නා ගාව තියෙන්න ඕනේ. මේක තනිකර වෙලාව එක්ක යන රේස් එකක් තියෙන්නේ, ඒ නිසා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලම සල්ලි රෙඩි කරගෙන ඉන්න ඕනේ කියපු ගමන්ම බඳින්න. ගොඩක් වෙලාවට රුපියල් ලක්ෂයක් වගේ මුදලක් ඕන වෙනවා මුදල් ඇප සහ මරණකරුගේ/තුවාලකරුගෙ පාර්ශවයට දෙන දීමනා වලට.
මරණකරුගේ/තුවාලකරුගේ පාර්ශවය ඇප දෙන්න අකමැති නම්, මරණකරුගේ පාර්ශවය මහේස්ත්‍රාත්වරයා හමුවට ආවෙ නැත්නම්, අනතුර වුන වෙලාවෙ තමන් බීලා හිටියොත්*, ඇප ලැබුනත් බඳින්න මුදල් නැතිනම්, ශරීර ඇප වෙන්න මිනිස්සු නැතිනම් තමන්ට රිමාන්ඩ් යන්නම වෙනවා.
*මේක ගැන හරියටම මෙහෙමයි කියන්න බෑ. බීලා හිටියත් මරණකරුගෙ/තුවාලකරුගෙ පැත්තෙන් කැමති නම් ඇප ලැබෙන්න පුළුවන්. ජජ්ගෙ අතේ තමයි තීරණය තියෙන්නේ.
ඉතින් ඊට පස්සෙ උසාවියෙ කූඩුවට දානවා. ඇප ලැබුනොත් උසාවියෙ කාර්යාලයෙන් දෙන ලියුම් කරදහියකට අනුව ජේලර් මහත්වරු විසින් උඹව එලියට දානවා. ඇප නොලැබුනොතින් ඉතින් මාංචු දාලා නිල් පාට බස් එකේ යන්න වෙනවා බන්ධනාගාරෙට.
අධිකරණයෙ පෙනී හිටින්න කියලා දිනයක් දෙනවා. ඒ දිනේට රිමාන්ඩ් එකේ හිටියොත් බන්ධනාගාර නිලධාරීන් එක්ක එනවා, ඇප ලැබුන නම් තමන් යන්න ඕනේ.
නඩුව සහ දඬුවම් ගැන ඊලඟ ත්‍රෙඩ් එකක් දාන්නම්. පරිස්සමෙන් එලවපල්ලා. බීලා නම් යන්නම එපා. අහක යන එකෙක් ඇවිල්ල හැපිල මළත් උබයි වැරදිකරු වෙන්නේ.