තමන්ගෙ අතින් මිනිහෙක් මැරුණොත්?

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    උඹල බලනව ඇති මොකක්ද මේ අලජ්ජි කතාව කියල. මේ කියන්නේ පාරෙ වාහනයක් පදවන ඕනම කෙනෙක්ට වෙන්න පුළුවන් දෙයක් ගැන. උඹ පදින්නේ 50cc චැලියක් උනත් ලෑන්ඩ් කෲසරයක් උනත් මේ ටික එකම විදියට අදාලයි. අපි කොච්චර නීති පිලිපැදගෙන පරිස්සමට ගියත් වීල් කාරයෙක් පුස්සයිකල් කාරයෙක් මෝටසයිකල් කාරයෙක් පදිකයෙක් අහු මුල්ලකින් මතු වෙලා තමන්ගෙ වාහනේ වැදිලා පරලෝකප්‍රාප්ත වෙන්න හෝ ඉස්පිරිතාලෙ යන්න තුවාල කරගන්න ඉඩ තියෙනවා. ඉතින් එහෙම දෙයක් අවාසනාවට හරි සිද්ද උනොත් ඊට පස්සෙ එන නීති ක්‍රියාපටිපාටිය ගැන මම කියන්න යන්නේ.

    මම හිතන විදියට මේ වගේ සිද්ධියකදි ක්‍රියාත්මක වෙන්න ඕන විදිය කියන ප්‍රොටොකෝල් එකක් SOP එකක් පොලිසියට නෑ. එහෙම කියන්නෙ මොකද මේ වගේ සිද්ධියක් උනාම එක එක පොලිස් ස්ථාන වල වැඩ කෙරෙන හැටි විවිධයි. නමුත් ජෙනරලි මේ යට කියන වැඩ ටික තමා වෙන්නේ.

    පලමුවෙන්ම වෙන්නෙ පොලිසිය අදාල අනතුර සිද්ද උන ස්ථානයට එනවා. ඇවිල්ලා අනතුර උන තැන ලඟ තියෙන පදික මාරු, මාර්ග සංඥා, හරියටම හැප්පිච්ච ස්ථානය සහ වාහනය නතර වුන ස්ථානය ඔය වගේ දේවල් සටහන් කරගන්නවා කටුවට. බ්‍රීෆ්ලි උඹෙන් විස්තර අහනවා උන හැටි. ඊට පස්සෙ ඇසින් දුටු සාක්ෂි කාරයො ඉන්නව නම් කට උත්තර ගන්නවා. අහල පහල CCTV, වාහනේ ඩෑෂ්කැම් වීඩියෝ තියෙනවනම් ඒව බලනවා. හැබැයි මේ වීඩියෝ සාක්ෂි බලන්නෙ රිපෝට් එක හදන්න විතරයි. එතනින් එහාට නීතිමය කටයුතු වලදි මේව අදාල කරගැනෙන්නෙ නෑ. වාහනේ ලියකියවිලි (ආදායම් බලපත්‍ර රක්ෂණ සහතික) සහ ඩ්‍රයිවින් ලයිසන් එක බාරයට ගන්නවා.

    ඊට පස්සේ පොලිසියට අරන් ගිහින් ගන්නවා කට උත්තරයක්. දානවා වෛද්‍ය පරීක්ෂණයකට. මේක බොහෝ දුරට ළඟම රෝහලේදි කෙරෙන්න පුළුවන්. මේ වෙලාවෙදි බලන්නෙ මත්පැන් මත්ද්‍රව්‍ය ශරීරගත වෙලා තියෙනවද කියලා තමයි ප්‍රධාන වශයෙන්. තව පෙනීමේ දුර්වලතා වගේ ඒව තියෙනවද කියල බලනවා. ඊට පස්සෙ පොලිස් කූඩුවට තමයි.

    ඊට පස්සෙ කෙරෙන්නේ මහේස්ත්‍රාත්ට ඉදිරිපත් කිරීම. මේ වෙනකොට මරණකරුගෙ/තුවාලකරුගෙ ඥාතීන් අඳුරගන්න පුළුවන් වෙලා නම් පොලිසිය ඒ අයට දන්වනවා. තමන්ගෙ පාර්ශවයෙනුත් දෙන්නෙක්වත් ගෙන්නගන්න එක ගොඩක් වැදගත්. මේ දෙන්නා විසින් ලෝයර් කෙනෙක් අල්ලලා තත්වෙ පැහැදිලි කරලා ඇප ගන්න කතා කරන්න සූදානම් වෙන්න ඕනේ.

    ගොඩක් වෙලාවට උසාවියෙ වැඩ ඉවර උනාම අවසානෙට තමා මෙහෙම අය මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන්නෙ. පොලිසිය කියන්නෙ මේ මේ අහවල් තත්ව යටතෙ රිය අනතුරක් කරල පුද්ගලයෙකුගෙ මරණය සිදුකරල තියෙනව/ තුවාල සිදුකරල තියෙනව, රක්ෂිත බන්ධනාගාරගත කරන්න ඉල්ලා සිටිනව කියලා. අපේ ලෝයර් ඇප ඉල්ලා සිටිනවා. මරණකරුගෙ/තුවාලකරුගෙ ඥාතීන් ඇවිල්ල හිටියොත් ජජ් අහනවා ඔයාල විරුද්ධද ඇප දෙනවට කියලා. එයාල විරුද්ධ උනොත් රිමාන්ඩ් යන්නම වෙනවා. විරුද්ධ නොවුනොත් ඇප හම්බ වෙයි. ශරීර ඇප දෙකක් කිව්වොත් ඇප වෙන්න දෙන්නෙක් ඕන වෙනවා, මුදල් ඇප කිව්වම ඒකට බඳින්න සල්ලි ඕන වෙනවා., මරණකරුගෙ/තුවාලකරුගෙ පාර්ෂවයට සල්ලි කීයක් හරි දෙන්න කියල ජජ් නියම කලොත් දෙන්න කියක් හරිත් අර දෙන්නා ගාව තියෙන්න ඕනේ. මේක තනිකර වෙලාව එක්ක යන රේස් එකක් තියෙන්නේ, ඒ නිසා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලම සල්ලි රෙඩි කරගෙන ඉන්න ඕනේ කියපු ගමන්ම බඳින්න. ගොඩක් වෙලාවට රුපියල් ලක්ෂයක් වගේ මුදලක් ඕන වෙනවා මුදල් ඇප සහ මරණකරුගේ/තුවාලකරුගෙ පාර්ශවයට දෙන දීමනා වලට.

    මරණකරුගේ/තුවාලකරුගේ පාර්ශවය ඇප දෙන්න අකමැති නම්, මරණකරුගේ පාර්ශවය මහේස්ත්‍රාත්වරයා හමුවට ආවෙ නැත්නම්, අනතුර වුන වෙලාවෙ තමන් බීලා හිටියොත්*, ඇප ලැබුනත් බඳින්න මුදල් නැතිනම්, ශරීර ඇප වෙන්න මිනිස්සු නැතිනම් තමන්ට රිමාන්ඩ් යන්නම වෙනවා.

    *මේක ගැන හරියටම මෙහෙමයි කියන්න බෑ. බීලා හිටියත් මරණකරුගෙ/තුවාලකරුගෙ පැත්තෙන් කැමති නම් ඇප ලැබෙන්න පුළුවන්. ජජ්ගෙ අතේ තමයි තීරණය තියෙන්නේ.

    ඉතින් ඊට පස්සෙ උසාවියෙ කූඩුවට දානවා. ඇප ලැබුනොත් උසාවියෙ කාර්යාලයෙන් දෙන ලියුම් කරදහියකට අනුව ජේලර් මහත්වරු විසින් උඹව එලියට දානවා. ඇප නොලැබුනොතින් ඉතින් මාංචු දාලා නිල් පාට බස් එකේ යන්න වෙනවා බන්ධනාගාරෙට.

    අධිකරණයෙ පෙනී හිටින්න කියලා දිනයක් දෙනවා. ඒ දිනේට රිමාන්ඩ් එකේ හිටියොත් බන්ධනාගාර නිලධාරීන් එක්ක එනවා, ඇප ලැබුන නම් තමන් යන්න ඕනේ.

    නඩුව සහ දඬුවම් ගැන ඊලඟ ත්‍රෙඩ් එකක් දාන්නම්. පරිස්සමෙන් එලවපල්ලා. බීලා නම් යන්නම එපා. අහක යන එකෙක් ඇවිල්ල හැපිල මළත් උබයි වැරදිකරු වෙන්නේ.
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අපි වාහනයක් එලවගෙන යද්දී එකෙක් යටවෙලා මැරුනොත්..උසාවි දාපුවම යටවෙලා මැරුන එකාගේ නෑයොන්ගෙන් අහලා ඇප දෙන සීන් එකක් නෑනේ බන්..අපේ ලෝයර් කතාකරලා ඇප ගන්නවා අපේ අතේ වැරැද්දක් නැත්තම්..අපේ ගෙවල් පැත්තේ එකෙක් පාරේ අයිනේ හිටපු ගෑනු කෙනෙක් යටකරලා ඒ ගෑනි මැරුනා..මූ බීලා අනම් මනම් හිටියෙත් නෑ..කොහොමහරි පාරේ අයිනේ හිටපු තරුණ ගෑනු කෙනෙක්..මූ පොලිස් කූඩුවේ විතරයි හිටියේ උසාවි දාපු ගමන් ඇප හම්බුනා..
     
    tin tin

    Active member
  • Mar 26, 2007
    196
    189
    43
    Calgary, AB

    මේක වැරදියි. රිය අනතුරකදි ඇප දෙන්න අදාල වෙන්නෙත් සාමාන්‍ය ඇප වලට අදාල වෙන ඇප පනතේ 14 වගන්තියම තමයි. ඒක අනුව,
    - ඇප පිට ඉද්දි වරදක් කරන්න හේතුවක් නැත්නම්

    - අධිකරණය මගහරී කියලා සැකයක් නැත්නම්
    - සාක්ෂිකරුවන්ට බලපෑම් කරාවි කියලා අවධානමක් නැත්නම්
    - අදාල අනතුර නිසා මහජන කැලඹීමක් ඇතිවෙන ස්වභාවයක් නැත්නම් ඇප නියම කරන්න මහේස්ත්‍රාත් වරයාට පුලුවන්.

    මේ වගේ එකකදි පොලීසිය කියනවා විමර්ශණ ඉවර නැති නිසා ඇප වලට විරුද්ධයි කියලා. හැබැයි නීතිය අනුව ඒක ඇප නොදෙන්න හේතුවක් නෙමෙයි. ඒක මහේස්ත්‍රාත්වරයාට පෙන්නලා දෙන්න ඕන.

    සාමාන්‍ය තත්ත්ව යටතේ මරණීය රිය අනතුරකට වුනත් ඇප ගන්න පුලුවන්. නීතීඥවරයා අතේ තමයි වැඩේ තියෙන්නේ. හරියට නීතිය දන්න නීතීඥවරයෙකුට ඕක සාමාන්‍ය දෙයක්.

    ඔය වන්දි ගෙවන කථාවට කියන්නේ සානුකම්පිත දීමනාව කියලා. ඒක අදාල වෙන්නේ තුවාල කරුවෙක් රෝහල් ගතවෙලා ඉන්න අවස්ථා වලට. එහෙම නැතුව මරණ වලට ඒක අදාල නෑ. හැබැයි සාමාන්‍ය භාවිතාව ඇතුලේ මරණ කරුගෙ පැත්තට කිසියම් මුදලක් ගෙවන්න එකඟතා ඇතිවෙනවා. ඒක අනිවාර්ය දෙයක් නෙමෙයි.

    ඒ වගේම තමයි මහේස්ත්‍රාත් තීරණ ගන්නේ දෙපැත්තෙන් ඉදිරිපත් වෙන කරුණු සලකා බලලා. දෙපැත්ත කියන්නේ පැමිණිල්ල වෙන පොලීසිය සහ අනතුර කරපු සැකකරු කියන දෙපාර්ශවය. මැරිච්ච කෙනාගේ නෑදෑයින්ට පුලුවන් අවශ්‍ය නම් අගතියට පත් පාර්ශවය කියලා නඩුවට මැදිහත් වෙන්න. හැබැයි ඒ අයගේ කැමැත්ත අකමැත්ත අදාල නෑ ඇප දෙන්න. සරලවම කියනවා නම් ඇප වලට විරුද්ධ වෙන්න නීතිමය අයිතියක් තියෙන්නේ පැමිණිල්ලට විතරයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අපි වාහනයක් එලවගෙන යද්දී එකෙක් යටවෙලා මැරුනොත්..උසාවි දාපුවම යටවෙලා මැරුන එකාගේ නෑයොන්ගෙන් අහලා ඇප දෙන සීන් එකක් නෑනේ බන්..අපේ ලෝයර් කතාකරලා ඇප ගන්නවා අපේ අතේ වැරැද්දක් නැත්තම්..අපේ ගෙවල් පැත්තේ එකෙක් පාරේ අයිනේ හිටපු ගෑනු කෙනෙක් යටකරලා ඒ ගෑනි මැරුනා..මූ බීලා අනම් මනම් හිටියෙත් නෑ..කොහොමහරි පාරේ අයිනේ හිටපු තරුණ ගෑනු කෙනෙක්..මූ පොලිස් කූඩුවේ විතරයි හිටියේ උසාවි දාපු ගමන් ඇප හම්බුනා..
    ප්‍රශ්නෙ තියෙන්නෙ එක එක උසාවිවල නීතිය ක්‍රියාත්මක වෙන්නෙ එක එක විදිහට. ඒ වගේම එකම උසාවියෙ උනත් එකම වරදට පෝලිමේ නගින විත්තිකරුවන්ට එක එක දඬුවම් දෙන්නෙ. මෙව්වා නම් මචන් හරියට හැදෙන්න ඕනෙ.

    උදාහරණෙකට කිව්වොත් සමහර උසාවිවල බීලා එලෙව්වොත් මාසයයි දෙකයි ලයිශන් එක රඳවාගන්නෙ. ඒත් සමහර එව්වල මාස හය අටත් තියාගන්නවා. ඒ වගේම එකම උසාවියෙත් මූණ බලලා ජජ් තමුන්ට හිතෙන හිතෙන කාලයන් දෙනවා. හරිම අසාධාරණයි.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    සාමාන්‍ය තත්ත්ව යටතේ මරණීය රිය අනතුරකට වුනත් ඇප ගන්න පුලුවන්. නීතීඥවරයා අතේ තමයි වැඩේ තියෙන්නේ. හරියට නීතිය දන්න නීතීඥවරයෙකුට ඕක සාමාන්‍ය දෙයක්.
    ඔව් අල්ලන ලෝයර් බලපානවා ගොඩක්ම. එදාට උදේට ගිහින් මොකෙක් හරි අල්ලගත්තොත් බඩුම තමයි. ඌ සල්ලි අරන් මාරු. චූදිතයා රිමාන්ඩ්.