ඇයි predator ගල් යුගයෙ වගේ පේන්නෙ.
මිනිස්සු predator කිව්වට ඔය ජීවීන් විශේෂයේ නම Yutja . Predator ගැන ෆිල්ම් වලට අමතරව කොමික් සහ පොත් ගොඩක් තියෙනවා කියවනව නං.
Yutja ජීවීන්ගෙ සමාජ ක්‍රමය හැදිල තියෙන්නෙ රණ ශූරත්වය මූලික වෙලා. දරුණු සටන්කාමී ජීවීන් මරන තරමට yutja ලගෙ rank එක වැඩි වෙනව. ඒ නිසා yutja ලගෙ ජීවිතේ අරමුණ සටන් කිරීම විතරයි .
එතකොට yutja ලගෙ තාක්ෂණය ඉතා දියුණු උනාට රණශූරයින් වෙන්ඩ අධිතාක්ශනික අවි පාවිච්චි කරන්නෙ නෑ. එහෙම මරන ඒවා dishonorable එහෙම නැත්තන් අපකීර්තිමත් කියල සලකන්නෙ. ඒ නිසා yutja ලා පාවිච්චි කරන්නෙ ඊතල , බ්ලේඩ් , කඩු වගේ උපකරණ . Yutja ලා පාවිච්චි කරන තාක්ෂණික අවි 2 යි තියෙන්නෙ . එකක් උරහිසේ තියෙන ප්ලාස්මා කැනන් එක. අනික self destruct කරන්ඩ පුලුවන් wrist band එක. Yutja කෙනෙක් සතුරෙක් අතින් මැරුනත් ඌ self destruct කරන් සතුරවත් මරාගෙන මැරුනොත් yutja ට නිසි ගෞරවය දෙනව.
තව yutja සටන් කරද්දි පුලුවන් තරම් ආමර් නැතුව සටන් කරන්නෙ. එතකොට ලැබෙන ගෞරවය වැඩියි. හැබැයි හෙල්මට් එක නැතුව පෘථිවියේ හුස්ම ගන්ඩ පුලුවන් දවසයි. ඒ නිසා හෙල්මට් එක පාවිච්චි කරනව. හෙල්මට් එක සහ ආමර් සරසගන්න කලින් මරපු ප්‍රබල සතුරන්ගෙ හිස්කබල් පාවිච්චි කරනව yutja ලා.
ඊට අමතරව yutja ල මරන්නෙ තමන් එක්ක සටන් කරන්ඩ වටිනව කියල හිතන අය විතරයි . නිරායුද අය මරන්නෙ නෑ. ඒක අගෞරවයක් නිසා.
සිනමාවේදීන් - The Cinema People