මගේ සයන්ටිෆික් කැල් එකේ ඩිස්ප්ලේ එක පිටුපස්සේ අලවල තියෙන රිෆ්ලෙක්ටර් එක වෙන් වෙලා තියෙන්නේ, එක ගලවල දාල දිළිසෙන කොළයක් අලවාගන්න ඕන, එත් ප්රශ්නය මේකට හරියන ගම් එකක් හොයාගන්න එක. සුපර් ග්ලු දාන්න බැහැ . එය වල අයිනේ ඉතුරු වුනොත් මීදුමක් වගේ සුදුපාට පැල්ලම් හැදෙනවා. මට ඕන විනිවිද පේන ප්ලාස්ටික් අලවන්න පුළුවන් ගම් එකක්, ඒවා නිසා ප්ලාස්ටික් එක උණු නොවෙන්නත් ඕන.
